අරමුණ: යහපත් සිංහල බෞද්ධ සමාජයක් ගොඩ නැගීම.
චක්කවත්ති සීහනාද සූත්‍රයේ බුදුන්වහන්සේ දේශනා කරන එක් කතාවකට අනුව මනුෂ්‍යයින්ගේ ගුණ ධර්ම පිරිහීම නිසා ඔවුන්ගේ දරුවන්ගේ පරමායුෂ අඩුවේ. ඔවුන්ගේ ගුණ ධර්ම තවදුරටත් පිරිහීම නිසා ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ තවත් අඩුවේ.
මෙසේ පරම්පරාවෙන් පරම්පරාව ආයුෂ අඩුවීමෙන් මනුෂ්‍යයන්ගේ පරමායුෂ දස වසර දක්වා අඩුවූ තැන ආයුධ වලින් කපා කොට ගෙන මනුෂ්‍යයන් එකිනෙකා විනාශ කර ගනිමින් අප ජිවත්වන කල්ප විනාශය වන්නේය.
ඒ මහා විනාශයෙන් මරණයෙන් මිදී ඉතිරිවන මනුෂ්‍යයන් “අපගේ අයහපත් ක්‍රියා කලාපය නිසා මෙසේ මනුෂ්‍යයා විනාශ විය, එබැවින් දැන්වත් අප ගුණ ධර්ම ආරක්ෂා කරගෙන යහපත් ජීවිකාවක් පැවැත්විය යුතුය” යාදී වශයෙන් කල්පනා කොට ගුණ ධර්ම හැකි පමණින් ආරක්ෂා කිරීම් ආරම්භ කරන්නෝය. එහි ප්‍රථිපලයක් වශයෙන් ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ වැඩිවන්නට පටන් ගන්නේය.
මෙසේ පරම්පරාවෙන් පරම්පරාව ආයුෂ වැඩි වීමෙන් නැවතත් මනුෂ්‍යයන්ගේ සැප බහුල සමෘදිමත් යුගයක් උදා වන්නේය.
මා විශ්වාස කරන පරිදි අපගේ පිංවත් සිංහල දීපයද ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපනික සංස්කෘතික සහ සාමාජිය වශයෙන් දැන් පිරිහුණු තත්වයකට පත්වී තිබේ. එබැවින් දසවස දක්වා ආයුෂ පිරිහුණු මිනිසුන් මෙන් අපද අපගේ වැරදි නැවත සම්පර්ශනය කර වහා නිවැරදි කිරීමේ කාලය එළඹ ඇත.
තව කියවන්න: https://kaalama.org/read-blog/7033
