ඔබ FB කාලකන්නියෙක්ද?

බොහෝ දෙනෙක් මුහුණු පොතේ කරන්නේ "time pass" කරන එක. සිංහලෙන් කියනවා නම් "කාලේ කන" එක.
ඔබට ඊට වඩා දෙයක් තමන් ඉපදුන හැදුන වැඩුන රට වෙනුවෙන් මුහුණු පොතේ කරන්න බැරිද? ඇත්තටම පුළුවන්.

අපි සරල පියවර කිහිපයකින් කරන විදිහ තේරුම් ගමු.

1. ඉස්සෙල්ලම මේ රටේ දේශපාලන තත්වය නිවැරදි කරන්නේ නැතිව රට හදන්න බැරි බව තේරුම් ගන්න.

2. ජනතාවගේ දේශපාලනය කියන්නේ පක්ෂවලට කඩේ යෑම හෝ අනුන්ගේ වැරදි හෙවීම හෝ සුද්ද කිරීම නොවන බව තේරුම් ගන්න.

3. නියෝජිත දේශපාලනය කියන්නේ සරලව "ඔබේ පෞද්ගලික මතය" නියෝජනය කරන පුද්ගලයා සොයා ඔහු හෝ ඇය ඔබ වෙනුවෙන් පාර්ලිමේන්තුවට යැවීමයි කියල තේරුම් ගන්න.

මේ කරුණු තේරුම් ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනෑ, උනන්දු වෙන්න ඕනෑ, හොයල ඉගෙන ගන්න ඕනෑ. නැතිව හැමදාම මාධ්‍ය විසින් පුම්බන චරිත පස්සේ ගිහින් කවදාවත් මේ රට හදන්න බැහැ.

4. ජර්මනිය, සින්ගපුරුව, දකුණු කොරියාව, ජපානය වගේ රටවල වේගයෙන් දියුණු වුනේ කොහොමද කියල හොයල බලන්න.

5. ඒ වගේ මේ රට, රටට අනන්‍ය වූ සංස්කෘතිය, පරිසර පද්ධතිය ආදිය රැකගෙන රට දියුණු කරන්න සුදුසු දැක්මක් සහ හැකියාවක් තියන්නේ කාටද කියල ඔබම හොයල බලන්න. මොන පක්ෂේ වුනත්, ස්වාදීන වුනත් කමක් නැහැ. ඒ තමයි ඔබේ නියෝජිතයා.

6. ඒ අනුව පක්ෂ පාට අමතක කරලා, ඒ දැක්ම වෙනුවෙන් මුහුණු පොතේ ඔබගේ අදහස අන් අයට කියන්න. ජන මතයක් සකස් කරන්න. රටේ නිවැරදි දේශපාලනයට සක්‍රීයව දායක වෙන්න.

මේ දේ ඔබ අවංක හැඟීමෙන් කලොත් අපේ රටේ දේශපාලන දිශා ආනතිය ඉදිරි අවුරුදු 10 දී වෙනස් වෙනවා කියන එකේ සැකයක් නැහැ. ඒ වගේම රටේ දියුණුවේ මාවතත් ඒකම යි.

මේ රටේ අනාගතය වෙනුවෙන් මා යෝජනා කරන්නේ මොකක්ද? --> https://kaalama.org/post/38592

ආචාර්ය බුද්ධික අදිකාරී
----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

image
Enter with Facebook Login