Amila Rasanga added new product for sell.
1 year ago
image

කුරක්කන් පිටි වලින් කෙටි ආහාර නිෂ්පාදනයකට ආයෝජකයෙක් අවශ්‍යයි - Business Opportunity for an Investor

කුරක්කන් පිටි වලින් කෙටි ආහාර නිෂ්පාදනයකට ආයෝජකයෙක් අවශ්‍යයි - Business Opportunity for an Investor

ආයුබෝවන්,
මම අමිල රසාංග, අවුරුදු ගණනාවක කෙටි කෑම සැදීමේ අත්දැකීම් ඇති කෝකියෙක්. පාන්පිටි ආහාරයට ගැනීමේ බොහෝ සෞඛ්‍ය ගැටළු ඇති බැවින්, මම කාලයක් තිස්සේ පරීක්ෂණ පවත්වල 50% ක් පාන්පිටි කුරක්කම් පිටි මගින් ආදේශ කර ගැනීමේ ක්‍රාමයක් සොයා ගත්තා.

දැනට ඉතා සාර්ථකව එම ව්‍යාපාරය ඉතාම කුඩා මට්ටමෙන් කරගෙන යනවා. දරුවාගේ දෙමව්පියන්, පාසල් විදුහල්පතිවරු පවා ඉතාම සතුටින් මේ ආහාර ගැනීමට යොමුවෙන්නේ කුරක්කන් පිටිවල ඇති විශේෂ වැදගත්කම නිසාමයි.

මේ ව්‍යාපාරය මම ඊළඟ තලයට ගෙනියන්න දැන් කැමැත්තෙන් ඉන්නවා. නමුත් මා ධනවතෙකු නොවෙන නිසා මේ විදිහට ආයෝජකයෙක් සොයන්න කල්පනා කළා.

ආයෝජනය කලයුතු මුදල ලක්ෂ පහක් පමණ වන අතර ඔහුට හෝ අයත් සමග සමුහ ව්‍යාපාරයක් ලෙස මගේ ව්‍යාපාරය දියුණු කරන්න මම කැමතියි.
මුදල් ආයෝජනයට අමතරව ක්‍රියාකාරීව ව්‍යාපාරය දියුණු කල හැකි කෙනෙක් වීමත් ඉතාම වැදගත්.

මගේ ඉලක්කය ආරම්භක අවුරුද්ද තුල මසකට 5000kg විකිණීම. බලාපොරොත්තු වන දල ලාභය රු. 250,000 පමණ. එයින් ප්‍රවාහන වියදම්, සේවක පඩි ආදිය ගෙවන්න වෙනවා.

දෙවෙනි තුන්වෙනි අවුරුදුවල මසකට 10,00kg, මසකට 15,000kg ඉලක්ක කිරීමට බලාපොරොත්තු වෙනවා. එනිසා ඔබට අත්දැකීම් තියනවා නම් ඉතාම වටිනවා. 

ස්තුති, අමිල රසාංග 
අමතන්න : 070 516 9690 / 071 111 6642


Type New
Price Varies
Status In stock

Enter with Facebook Login