ව්‍යාපාරික අදහස් 11: ඔබගේ විනෝදාංශය ඩොලර් උපයන මගක් බවට පරිවර්ථනය කිරීම


ඔබ දැනටම දන්නවා ඇති තරමක හෝ traffic එකක් තියන වෙබ් අඩවි, YouTube නාලිකා සහ facebook පිටු හරහා මුදල් උපයන්න පුළුවන් කියලා. නමුත

 

⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්

⇦ ව්‍යාපාරික අදහස් 10: ගෙවත්ත සඳහා කුඩා Greenhouse නිෂ්පාදනය

 

ආයුබෝවන්, 


මම රටට ඩොලර් ගෙනෙන අවශ්‍යතාවය කතා කරන්නේ දැනට අවුරුදු දෙකක විතර ඉඳල. ඒ අද තියන අර්බුධයට වැටෙන්න අවශ්‍ය මාර්ගය බොහෝ කලක ඉඳල අපේ රටේ සකස් වෙමින් තියනවා දැකපු නිසා. 

ඒ දේ දකින්න මහ ලොකු දැනුමක් අවශ්‍ය වුනේ නැහැ. අපි දන්න දා ඉඳලම රටේ අයවැය පරතරය ඍන. රටේ ජංගම ගිණුමත් ඍන. ණය ගනිමින් තමයි ඇදගෙන අවේ. ඉතින් තවත් මොනවද? 

 

ඒ ගැන මුලික දැනුම කාලාම වෙබ් අඩවියේ මම කතා කලත් ජාතික තලයෙන් විසඳන්න ඕනෑ ප්‍රශ්නයක් මේක. ඒ ගැන මම පාර්ලිමේන්තුව හරහා ඉක්මණින් ක්‍රියාත්මක කල යුතු මේ සැලසුම් ඉදිරිපත් කරමින් ඉන්නවා, අපෙන් රටට විය යුත්ත සඳහා සුදානම් වෙමින් ඉන්නවා 

මේ ඒ “ගමට ඩොලර් සහ රටට ඩොලර්” කියන සැලසුම් දෙක : https://kaalama.org/read-blog/93432

 

රටේ මහා ප්‍රශ්න අතරේම ඔබට දැන්ම කරන්න පුළුවන් දෙයක් ගැන මතක් වෙලා තමයි මා අතින් මේ කෙටි සටහන ලියවෙන්නේ. 

ඇතැම් අයට අලුත් වුනත් මේකත්, පරණ සංකල්පයක්,.. 

 

ඔබ දැනටම දන්නවා ඇති තරමක හෝ traffic එකක් තියන වෙබ් අඩවි, YouTube නාලිකා සහ facebook පිටු හරහා මුදල් උපයන්න පුළුවන් කියලා. නමුත් ඔබ ඒ ගැන දුරදිග හිතුවද? ආරම්භ කිරීම ගැන බලවත් කැමැත්තක් පහල කර ගත්තද?

 

ඒ දේ කරන්න ගොඩක් මාර්ග සහ ක්‍රම තියනවා. නමුත් ආයෝජන නැතිව, අඩු කාලයකින් කරන්න පුළුවන් දෙයක් ගැන අපි කතා කරමු. 

 

ඒ තමයි ඔබගේ විනෝදාංශය ඩොලර් උපයන මගක් බවට පරිවර්ථනය කිරීම.  

මේකේ පළවෙනි පියවර තමයි අමාරුම. ඒ තමයි ඔබගේ විනෝදාංශය සොයා ගැනීම. ඒක අවුරුද්දෙන් දෙකෙන් වෙනස් වෙන එකක් වෙන්න බැහැ. බලෙන් බෙල්ලේ එල්ලා ගත්ත එකක් වෙන්නත් බැහැ. 

 

ඔබගේ ජිවිත කාලයම පවත්වාගෙන යන්න පුළුවන් විනෝදාංශය මොකක්ද? අඩුම ගානේ අවුරුදු 5-6 කට වත් එපා නොවෙන දේ මොකක්ද? ඉස්සෙල්ලම ඒ දේ හොයා ගන්න. ඒක තමයි පළවෙනි පියවර. 

 

මේ ගැන මගේ සරල උදාහරණය තමයි https://kaalama.org වෙබ් අඩවිය. නමුත් ඒක ටිකක් සංකීර්ණ නිසා මම සරල උදාහරණයක් ගන්නම්. 

 

අපි හිතමු ඔබ ඇවිදින්න කැමති කෙනෙක් කියල. හැම මාසෙම කොහේ හරි යනවා. එහෙම නම් කරන්න තියන්නේ ඒ යන තැන ගැන ඉංග්‍රීසි භාෂාවෙන් වචන 2000 ක විතර සටහනක් ලියන එක සහ පින්තූර හැකි තරම් එකතු කරන අරගෙන ඔබගේම බ්ලොග් අඩවියක පල කරන එක. 

 

වැදගත් කරුණු: 

- ඉංග්‍රීසි භාෂාව: සෙවුම් යන්ත්‍ර හරහා විදේශිකයන්ට එන්න නම් භාෂාව ඉංග්‍රීසි වෙන්න ඕනෑ. අපහසුම නම් සිංහල උනත් වරදක් නැහැ නමුත් ඒ නිසා ඔබට අනාගතයේ ලැබෙන ප්‍රතිලාභය ගොඩක් අඩු වෙන්න පුළුවන්. 90% ක් ම නැති වෙන්න පුළුවන්. 

 

- වචන 2000: Google වගේ සෙවුම් යන්ත්‍ර කැමති ඉතාම දිග සවිස්තර ලිපි වලට. පින්තූර සහ වීඩියෝ සටහන් තියනවා නම් තවත් කැමතියි. ඒ නිසා වචන ගණන වැදගත්. 

 

- නිතර පල කිරීම: ඔබගේ මුලික ලිපිය උඩ උදාහරණය අනුව ලියන්න වෙන්නේ මාසෙකට වරක්. නමුත් ඒ අතරේ ඔබට වෙනත් ඇසූ දුටු තැන්, අනාගත ගමනාන්ත වගේ දේවල් ගැන සතියකට වරක් වත් ලියන්න වෙනවා. ඒ සෙවුම් යන්ත්‍ර නිතර අලුත් වෙන සහ ක්‍රියාකාරී අඩවි වලට වැඩි කැමැත්තක් දක්වන නිසා. 

 

- නොනවත්වා අවුරුදු 10ක් හෝ වැඩි කාලයක් පවත්වාගෙන යාම: ඒත් සෙවුම් යන්ත්‍රවල කැමැත්ත නිසා, ඔබගේ අඩවිය පරණ වෙන්න පරණ වෙන්න තමයි ඔවුන් වැඩි පිරිසක් ඔබට එවන්නේ. පිරිස වැඩි වෙන තරමට ඔබගේ ඩොලර් අදායම වැඩි වෙනවා.

ඔබගේ විනෝදාංශයක් වෙන්න ඕනෑ කියල මම කිව්වේ මේ කරණය නිසා. 

 

- සමාජ ජාලා භාවිතය: ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ලිපිවල ලින්ක්ස් සමාජ ජාලා එකක හෝ කීපයක ලිපියේ කෙටි සටහනක් එක්ක ප්‍රචාරය කරන්න ඕනෑ. ඒ හරහා තමයි කෙටි කාලීනව ඔබට පොඩි හෝ traffic එකක් ලැබෙන්නේ සහ ක්‍රියාකාරී අඩවියක් කියල සංඥාව සෙවුම් යන්ත්‍ර වලට ලැබෙන්නේ. 

නමුත් බොහෝ අය කරන ලොකු වරදක් තමයි තමන්ගේ ලිපි හෝ සටහන් පල කරන මුලික තැන කරගන්නේ මුහුණු පොත. ඔබ එහෙම කරද්දී ඩොලර් ලැබෙන්නේ රටට හෝ ඔබට නොවේ. මාර්ක් මහත්මයට. නමුත් ඩොලර් අපේක්ෂාවක් නැතිව සමාජයට දැනුම ලබා දීමක් නම් කරන්නේ ඒ දේ කිසිම වරදක් නැහැ. 

මේ දේ කරන විට ඔබව ඔබේ මුහුනුපොතේ මිතුරන්ට වදයක් වෙන විදිහට නොකළ යුතුයි. නිතරම අඩවියේ ලින්ක් දැමීම සුදුසු නැහැ. එනිසා හොඳම විදිහ තමයි උඩ කී විදිහට ලින්ක් එකක් පළ කරන විට ලින්ක් නොවෙන මිතුරන් කැමති වන වෙනත් දෑ 4ක් පල කිරීම. 80:20 rule එක කියල ඒකට කියනවා. 

 

වෙනත් උදාහරණ  

- ගෙවතු වගාව තවත් හොඳ උදාහරණයක්, දවස ගානේ උනත් ලිපි ඒ ගැන ලියන්න පුළුවන්. පින්තූර ඕනෑ තරම් ගන්නත් පුළුවන්. අත්කම් නිෂ්පාදන, කේක් වගේ ආහාර නිෂ්පාදනය, කෘමි සතුන්, කුරුල්ලන්, මහමග අතරමන් වූ සුනඛයන් වගේ ඕනෑම දෙයක් ගන්න පුළුවන්. නමුත් වැදගත්ම දේ තමයි ඔබ එයට කැමති වීම! ඔබගේ විනෝදාංශය වීම!

 

- ඔබ කැමරාව ඉදිරියේ කතා කරන්න පුළුවන් කෙනෙක් නම් YouTube මාවතත් ඔබට තියනවා. උඩ කී ලිපි වෙනුවට වීඩියෝ සටහන් තැබීමයි කල යුත්තේ. ඒ වගේම ඒ සටහන්වල ලිඛිත සටහන් අරගෙන ඔබට උඩ කිව්වා වගේ වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්නත් පුළුවන්. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. 

 

මේ මුලික අදහස සමාජගත කිරීමක් පමණයි. මට තියන කාලය අනුව ප්‍රශ්න වලට උත්තර දීම කරන්න හැකියාවකුත් නැහැ. නමුත් මේ වගේ දෙයක් කරනවා නම් ඔබ වැදගත් දක්ෂතාවයක් ඔබගේ ජිවිතයට ඉස්සෙල්ලම එකතු කර ගන්න ඔනෑ. ඒ තමයි තනිව ඉගෙනීමේ හැකියාව. ඔබට ඇත්තටම මේ ගැන කැමැත්තක් තියනවා නම් YouTube හරහා තනිවම වැඩි දුර තොරතුරු හොයන්න වහාම පටන් ගන්න. මේ දේවල් මටත් කවුරුවත් උගන්වපුව නෙවේ. සිත ඇත් නම් පත කුඩාද? 

 

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, කාලාමය.

⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

P.S: 2019 ඉඳල අපි කිව්ව මේ සැලසුම ක්‍රියාත්මක කළා නම් අද වෙනකොට රටට ඩොලර් අඩුවක් නැතුව එන්න පටන් අරන් : https://kaalama.org/read-blog/93432