අග්‍රාමාත්‍යතුමණි,
කවුරුන් හෝ රටේ අගමැති නම්, ඔහුගේ හෝ ඇයගේ දේශපාලන භාවිතාවය සහ කැබිනට්ටුව සකස් කිරීම මොන ආකාරයේ වුවත්, මා ඔහුට කැමති හෝ අකමැති වුවත් මේ ඉල්ලීම් 5 මා ඔහුගෙන් හෝ ඇයගෙන් ඉල්ලා සිටිනවා.
අද තත්වය අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමනි,
රටේ ආර්ථිකයට අදාළව පමණක් මේ ඉල්ලීම් ඉදිරිපත් කරන අතර සර්වපාක්ෂික ආණ්ඩුවක් සකස් කිරීම, ජනාධිපතිවරයාගේ බලතල අඩුකිරීමට 21 ගෙන එම, පහර දීම් වලට සම්බන්ධ මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම, දුෂණ චෝදනා සම්බන්ධව කටයුතු කිරීම් ආදිය අනිකුත් ඉල්ලීම් ඇතත් මෙතැනට එක් නොකරන බව කරුණාවෙන් සලකන්න.
පුරවීකා ප්‍රවේශ අප සැම දන්නා නිසා නොලියමි.
අදාල ඉල්ලීම් මෙසේය,
1. වහාම උන්ඩියල් ආදී ක්‍රම ත්‍රස්තවාදී ක්‍රියාවක්, බෝම්බ ළඟ තබා ගැනීමක් ලෙස සළකා තහනම් කර බුද්ධි අංශය ක්‍රියාත්මක කිරීම.
2. රටේ තරුණ තරුණියන් 50,000ක් මැද පෙරදිග ආදී රට වල රැකියා සඳහා මාස තුනක් ඇතුලත් යවන්න අවශ්‍ය කටයුතු කිරීම.
3. විදේශීය සංචාරකයන් ඉලක්ක කර ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ඍණාත්මක තොරතුරු වෙනුවට නැවතත් ශ්‍රී ලංකාව සංචාරකයන් සඳහා ඉතාමත් සුදුසුය' යන පණිවිඩය ඉතාම ප්‍රභාලව ලෝකයට යැවීමට අවශ්‍ය කටයුතු කිරීම.
අවශ්‍ය ක්ෂණික වැඩ පිළිවෙල දැනටමත් අදාල ආයතනය සතුව ඇතැයි සිතමි.
4. මා විසින් ඉදිරිපත් කල "ගමට ඩොලර්" සැලසුම වහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.
https://www.facebook.com/100057597882026/posts/434488418481084
5. මා විසින් ඉදිරිපත් කල "රටට ඩොලර්" සැලසුම වහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.
https://www.facebook.com/100057597882026/posts/434488418481084
අවශ්‍ය සේවය ලබා දීමට අප ඇතුළු බොහෝ වෘතියවේදීන් සුදානම්,
තෙරුවන් සරණයි!
ආචාර්ය බුද්ධික අදිකාරී
----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
P.S: 2019 ඉඳල අපි කිව්ව මේ සැලසුම ක්‍රියාත්මක කළා නම් අද වෙනකොට රටට ඩොලර් අඩුවක් නැතුව එන්න පටන් අරන් : https://kaalama.org/read-blog/93432
My Articles: https://kaalama.org/b/Adikari