ව්‍යාපාරික අදහස් 08: අද මම එංගලන්තයේ ජිවත් වන සිංහල තරුණියකට කතා කලා,..


ආරම්භ කරන භාණ්ඩය විදිහට උසස් තත්වයේ සිංහල තේ (Ceylon Tea) නිවාස 200 ක් ඉලක්ක කරලා ඇයට ස්ථාවර Customer Base එකක් හදන්න පුළුවන්. ඇය

 "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්.

⇦ ව්‍යාපාරික අදහස් 07: App එකෙන් වස විස නැති එළවලු නිවසටම

⇨ ව්‍යාපාරික අදහස් 09: දරුවන් සඳහා විජලනය කල පළතුරු

 

ආයුබෝවන් 

අද මම එංගලන්තයේ ජිවත් වන සිංහල තරුණියකට කතා කලා. ඒ රටවල ඉගෙන ගන්න අපේ තරුණ තරුණියන් part time jobs හොයනවා. නමුත් මේ වෙලාවේ ගොඩක් අමාරුයි.
මම ඇයට යෝජනා කලේ අපි කාලාමයේ ඉදිරිපත් කරලා තියන නිවාස 200යේ ව්‍යාපාරික ආකෘතිය (https://kaalama.org/read-blog/306) ලන්ඩනයේ ඇය ජිවත් වන ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන්න කියල.
 
ආරම්භ කරන භාණ්ඩය විදිහට උසස් තත්වයේ සිංහල තේ (Ceylon Tea) නිවාස 200 ක් ඉලක්ක කරලා ඇයට ස්ථාවර Customer Base එකක් හදන්න පුළුවන්. ඇයට කරන්න තියන්නේ තමන්ගේ සම්බන්ධතා පාවිච්චි කරලා හෝ ගෙයින් ගෙට අවසර සහිතව ගිහින් ඔවුන්ට අපේ තේ සම්පල්ස් දීල ඊට පස්සේ තමන්ගේ customer base එකට එකතු කරගන්න එක. 
 
නිවාස 200 ම හදන්න ටික කාලයක් යයි, සමහර විට අවුරුද්දක්. නමුත් නමුත් ඊට පස්සේ අයට වෙන පුර්ණ කාලින රැකියාවක් වත් අවශ්‍ය වෙන්නේ නැහැ. 
 
අපි දළ වශයෙන් සැලසුම් කලේ මාසික භාවිතාවට එක සිංහල තේ pack එකක් එක නිවසකට පවුම් 20 කට විකුණන්න.
එක pack එකකින් ඇයට සියලු සැපයුම් සහ අනිකුත් වියදම් හැර පවුම් 10 ක ලාභයක් තියනවා. ඒ අනුව මාසෙට packs 200 න් ඇයට පවුම් 2000 ක ලාභයක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ රු.480,000ක්. සුද්දන්ගේ රටටත් ඒක සැලකිය යුතු අදායමක්. 
 
ඒ වගේම ඒ නිවාස 200 ඊට පස්සේ 400 කර ගන්න එක එච්චර අමාරු වැඩක් නෙවේ;  මසකට පවුම් 4000ක් හෝ රු මිලියනයට කිට්ටු ගානක්. 
 
ඒ වගේම මේ ව්‍යාපාරය නිසා සිංහල රටටත් පවුම් ගලා ගෙන එනවා. සිංහල තේ සැපයුම්කරුවෙකුට අවස්ථාවක් ලැබෙනවා. 
 
ඇත්තටම මගේ උත්සාහය කාලාමය හරහා තව අවුරුදු 10ක් ඇතුලත ඒ වගේ සිංහල ව්‍යාපාරිකයන් 10,000ක් නිර්මාණය කිරීම. අපි බලමු ඒ ඉලක්කයට යන්න සිංහලයෝ මට කොච්චර උදව් කරයිද කියන එක. 
 
ඉතින්මේ ලිපිය ඔබේ පිටරට ඉන්න යාළුවන්ටත් යවන්න. ඔවුන්ව අපි මේ වගේ ව්‍යාපාර ආරම්භ කරන්න උනන්දු කරවන්න ඕනැ.
මුහුදෙන් එතෙර මෙතෙර ඉන්න සිංහලයෝ මේ කියන විදිහට එකතු වෙලා කොන්ද කෙලින් තියාගෙන වැඩ පටන් ගත්තොත්, අපේ සිංහල රට දියුණු කරන්න අමාරු නැහැ. 

මේ තියන්නේ අපේම උදාහරණයක්:  කාලාම අපි අවන්හල

ගැටළු තියනවා නම් මට මෙතැනින් inbox කරන්න

 

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.

සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.