කාලාම Investment Fund ගැන ඔබ දැනුවත්ද?


මේ අරමුදල සකස් වෙන්නේ මගේ මූලිකත්වයෙන් සහ ඒක ණය දෙන සමිතියක් හෝ අසරණ සරණ ව්‍යාපෘතියක් නොවේ, අපනයන ඉලක්ක කල දක්

ආයුබෝවන්,

මේ අදහස අපිම කොහොම හරි කරනවා කියල පටන් ගත්තත් ඇත්තටම මේ දේ කරන්න ඕනෑ රාජ්‍ය මට්ටමෙන් ජාතික තලයෙන්. හේතුව තමයි රටක් විදිහට අපි ආර්ථිකයෙන් ශක්තිමත් වෙන්න නම් අපනයනය ඉලක්ක කල කුඩා සහ මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අපි දැඩිව බලාත්මක කරන්න ඕනෑ කියන දේ තමයි මා විශ්වාස කරන්නේ. 

මහා පරිමාණ ව්‍යාපාර දැන් යන විදිහේ වරදක් මා දකින්නේ නැහැ, නමුත් ඔවුන්ට ව්‍යාපාර පවත්වාගෙන යාම තවත් පහසු කිරීම, දැඩි ප්‍රමිති නීති රීති එක් කිරීම ආදී දේවල් රජයට කරන්න තියනවා. 

නමුත් අවාසනාවකට කුඩා සහ මාධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් නම් පාගා විනාශ කරන පැත්තට බර වුනු ආකල්ප සහ නීති තමයි අපිට තියන්නේ. 

එනිසා තමයි මේ වගේ දේවල් අපේ මට්ටමෙන් අපි කරන්න උත්සාහ කරන්නේ. 

 

සේනා සංවිධානය සහ කාලාම ව්‍යාපෘතිය හරහා අපි කාලයක සිට දේශීය ව්‍යාපාර ගොඩනැගීමේ වැඩපිළිවෙලක් පවත්වා ගෙන යන බව ඔබ දන්නවා. විමධ්‍යගත ආර්ථික සැලසුම ගැනත් ඔබ දන්නවා ඇති කියල මා හිතනවා. නැත්නම් මෙතැනින් කියවන්න

කාලාම ව්‍යාපෘතිය හරහා අපි කරන්නේ විමධ්‍යගත ආර්ථික සැලැස්ම පෞද්ගලික ව්‍යාපාරිකයන් හරහා හැකි පමණින් ක්‍රියාත්මක කරන්න. 

ඒ ක්‍රියාවලිය අතරේදී අපිට ඉතාම දක්ෂ අපේ කුඩා ව්‍යාපාරිකයන් මුණ ගැහෙනවා. ඔවුන්ට අවශ්‍ය මුලික දක්ෂතා තිබුනත් අඩුපාඩු තැන් දෙකක් බොහෝ විට තියන බව අපි හඳුනාගෙන තියනවා. 

 

ඒ මොනවද? 

  1. 1. අවශ්‍ය ව්‍යාපාරික දැනුම සහ මග පෙන්වීම 
  2. 2. ව්‍යාපාරය ඊළඟ අදියරට දියුණු කිරීම සඳහා අවශ්‍ය ආයෝජනය. 

 

මේ පළමු කාරණයේදී අපි ඒ දක්ෂයන්ට දිගටම උදව් කරගෙන යනවා. මේ තියන්නේ ඒ සම්බන්ධයෙන් ඔවුන්ට අවශ්‍ය මුලික දැනුම සහ දක්ෂතා අඩංගු  "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාව.
නමුත් ඉදිරියේදී අපි ඔවුන්ට තවත් උපකාර පිණිස උපදේශක මණ්ඩලයක් හදන්නත් Kaalama Investment Fund සැලසුම යටතේ සැලසුම් කරලා තියනවා. 

 

ඒ දෙවෙනි කාරණයට අවශ්‍ය විසඳුම තමයි Kaalama Investment Fund කියල කියන්නේ. 

 

Kaalama Investment Fund කියන්නේ මොකක්ද? 

මේ අරමුදල සකස් වෙන්නේ මගේ මූලිකත්වයෙන් සහ ඒක ණය දෙන සමිතියක් හෝ අසරණ සරණ ව්‍යාපෘතියක් නොවේ, අපනයන ඉලක්ක කල දක්ෂ සිංහල ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර දියුණුව වෙනුවෙන් මුදල් ආයෝජනය කරන අරමුදලක්, 

  1. 1. ඒ සඳහා කුඩා හෝ මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙන්න ඕනෑ
  2. 2. ඔවුන් අපේ නිර්ණායක අනුව දක්ෂ වෙන්න ඕනෑ
  3. 3. ඔවුන්ගේ ව්‍යාපාරික අදායමෙන් අවම වශයෙන් 75% අපනයන අදායම් වෙන්න ඕනෑ
  4. 4. එම ව්‍යාපාර පුද්ගලික ආයතන විදිහට වසර 3ක් හෝ වැඩියෙන් ලියාපදිංචි වෙලා තියෙන්න ඕනෑ
  5. 5. පසුගිය වසර ව්‍යාපාරික තුන ඇතුලත ව්‍යාපාරික ආදායම සෑම වසරකම අවම වශයෙන් 20% කින් වැඩි වෙලා තියෙන්න ඕනෑ (Annual Growth Rate)

 

මේ තමයි මුලික කොන්දේසි, ඒ අනුව අපි ඔවුන්ට ණය ලබා දීම හෝ ව්‍යාපාරික කොටස්වල ආයෝජනය කිරීම කරනවා.   

මේ කොන්දේසි අනුව තවම සුදුසුකම් නොලබන ව්‍යාපාරිකයන්ට අපි අපගේ උපදේශන සේවය ලබා දීල සුදුස්සන් බවට පත්වන්න අවශ්‍ය මගපෙන්වීම කරනවා. 

 

Kaalama Investment Fund අරමුදල ගොඩනැගීම 

පළමු අදියරේ අරමුදල විදිහට මා ඇතුළු ආයෝජකවරු 50 දෙනෙක් රුපියල් මිලියන 300ක් ගොඩනගන්න අපි සැලසුම් කරනවා. දැනටම මිලියන 30 ක් ආයෝජනය කර අවසන්,..

 

බලාපොරොත්තු වන ප්‍රතිලාභය 

අපි වසරකට ඍජුවම 18-20% ක ප්‍රතිලාභයක් ඉලක්ක කරනවා. 

ඒ ඉලක්කය සාධාරණ වෙන්නේ අපි ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ වසරට 20% ක් වත් අවම වශයෙන් දියුණු වන (Annual Growth Rate) ව්‍යාපාර වල පමණයි. ඒ වගේම ආයෝජන මුදලෙන් 15%-30% ROI අගයක් තියනවා නම් පමණයි. 

(අපනයනය ඉලක්ක කරන බොහෝ නිෂ්පාදනවල මේ අගයන් තියනවා.)

ඒ වගේම රටේ ආර්ථික මට්ටම ඉහල යන අවස්ථාවක මේ ඉලක්ක තවත් ඉහලට එසවීමේ හැකියාව වැඩියි. අපනයන ඉලක්ක කරන ව්‍යාපාරවල පමණක් ආයෝජනය කරන නිසා රුපියලේ මිල බාල්දු වීමෙන් අපගේ අදායම් ආරක්ෂාකාරී වෙනවා.

 

ආයෝජන අවදානම 

සෑම ආයෝජනයකම වගේම Investment Fund එකකත් අවදානමක් තියනවා. නමුත් අනිත් ආයෝජන, විශේෂයෙන්ම ඔබ තනිව කරන ව්‍යාපාරික ආයෝජනයකට වඩා අවදානම අවමයි. ඒ මගේ පෞද්ගලික මතයක් නෙවේ. ලෝකයේම ආයෝජන වෘත්තිකයන් එකහෙලා පිළිගන්නා සත්‍යක්. (ඔබට ඒ ගැන පහසුවෙන්ම google හරහා හොයල බලන්න පුළුවන්.)

 

හේතු වෙන්නේ, 

- මේ වගේ Investment Fund එකක් මෙහෙය වන්නේ ව්‍යාපාරික ක්ෂේස්ත්‍රය ගැන දැනුවත් අය (Investment Professionals). 

- ඒ වගේම එක ව්‍යාපාරයකට හෝ එක් ව්‍යාපාරික අංශයකට සිමා වෙන්නේ නැහැ. කුඩා කුඩා ලාභදායක ව්‍යාපාර ගණනාවක ආයෝජනය කෙරෙනවා (Diversification).

-  පුද්ගල ආයෝජනයක් නොවෙන නිසා මේ වගේ අරමුදලකට තමන්ගේ ලාභාංශය වෙනුවෙන් සාකච්චා කිරීමේ විශාල බලයක් තියනවා (Bargaining Power). 

 

ආයෝජන අවදානම තවත් අවම කර ගැනීම,

ආවදානම තවත් අඩු කර ගැනීම සහ අදායම වැඩි කර ගැනීම සඳහා අපගේම තේ වගාවක්, හරිතාගාර වගාවක්, සංචාරක නිකේතනයක් සහ අපනයනය සඳහා White Tea නිෂ්පාදනාගාරයක්  ආරම්භ කිරීම සඳහා මේ අරමුදලෙන් 50% ක ප්‍රමාණයක් වෙන් කරනවා. 
දැනටම ඒ සඳහා අක්කර 10ක තේ ඉඩමක් සඳහා ආයෝජනය කරලා ඒ වැඩ කටයුතු ආරම්භ කරලත්  අවසානයි. 

මේ ආයෝජනය හරහා වසරකට 30% ක ROI අගයක් අපි ඉලක්ක කරනවා. 

 

මේ යෝජනාව කියවීමෙන්ම ඔබට පැහැදිලි ඇති තනි පුද්ගලයෙකුට රුපියල් මිලියන 10-20 ක් හෝ ආයෝජනය කරලා මේ දේවල් කරන්න අපහසු ඇයි කියන කාරණය. ක්ෂේස්ත්‍ර ගණනාවක විශේෂඥ දැනුම අපිට මේ සඳහා මිලදී ගන්න වෙනවා. සේවකයන් යොදවන්න වෙනවා. ඔවුන් නිසි මග මෙහෙය වන්න වෙනවා. එනිසා තනිව රුපියල් මිලියන 10-20 ක් වගේ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභය 10%ක් වත් බලාපොරොත්තු වෙන්න අපහසුයි. 

Investment Funds කියන සංකල්පය ව්‍යාපාරික ලෝකයට එන්නෙම ඒ නිසා.    

 

ලාභය වැඩි කර ගැනීම සහ අතිරේක විදේශ විනිමය ඉපයීම 

මේ අරමුදලෙන් ඉපයූ ලාභයෙන් 20% ක පමණ ප්‍රමාණයක් අපි කෙටි කාලීන Crypto Trading සඳහා වෙන් කරනවා. Crypto Trading කියන්නේ ඉතාම අවදානම් දෙයක් වගේම ඉතාම ලාභ දායක දෙයක්. 

අපි දැනටම ඒ දේ ආරම්භ කරලා තියනවා සහ ඊට අමතරව Kaalama Crypto Pro කියන මොඩුලය යටතේ ලියාපදිංචි සමජිකවරුන්ට ඒ ඒ Crypto ගනුදෙනු සජීවීව දැනුවත් කරනවා. ලියාපදිංචි සමජිකවරුන්ට ඒ හරහා අපගේ Crypto ගනුදෙනු ඉතාම පහසුවෙන් අනුගමනය කරන්න අවස්ථාව ලැබෙනවා. (Copy Trading කියන්නේ මේ සංකල්පය. කොටස් වෙළඳපොල ගනුදෙනු සඳහා බොහෝ රටවල Copy Trading නීති විරෝදී වුනත් Crypto වෙළඳපොල සඳහා තහනමක් නැහැ. අපේ රටේ කොහොමත් නැහැ.)

 

ඒගැන ඔබ උනන්දුවක් දක්වනවා නම් මෙතැනින් වැඩි තොරතුරු දැනගන්න: Kaalama Crypto Pro 

 

ඒ තමයි මුලික තොරතුරු,..

  

ඔබ ව්‍යාපාරික ආයෝජන සොයන කෙනෙක්ද?

එහෙම නම් "කාලාම Investment Fund" කියන්නේ ඔබට වටිනා සහායක් ලබා දෙන්න පුළුවන් තැනක්. ආයෝජන පමණක්න නොවේ, විශේෂයෙන්ම අපිට සාර්ථකත්වයේ මග ඔබට පෙන්වන්න පුළුවන්. 

- ඔබට අවශ්‍ය ව්‍යාපාරික දැනුම සහ මග පෙන්වීම ලබාදීම,

- ඔබගේ ව්‍යාපාරයේ කොටස්කරුවෙකු වී කෙටි සහ දිගු කාලීන සැලසුම් මත ආයෝජනය කිරීම හෝ,  

- එවැනි වෙනත් ආයෝජකවරුන්ය සොයා ගැනීමේ සහාය වීම, 

 

ඔබත් සම්බන්ධ වීමට කැමති නම් අදම මේ ලිපිය අනුව එකතු වෙන්න.


ඒ වගේම ඔබට අවශ්‍ය මුලික දැනුම සහ දක්ෂතා අඩංගු  "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාව මෙතැනින් සම්පුර්ණ කරන.

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය.
 ----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

Enter with Facebook Login