⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්.
⇦ ව්‍යාපාරයක් ආරම්භ කරමු 12: රේණුගේ කතාව 2 කොටස, ණය, අය වැය ඥානය සහ මුදල් පරිපාලනය
⇨ ව්‍යාපාරයක් ආරම්භ කරමු 14: සම්පත්ගේ කතාව - 01 කොටස සහ කෝටිපතියෙකු වන මග.
ආයුබෝවන්,
අද මගේ අතින් මේ ලිපිය ලියවෙන්නේ දැනට ගෙදරින්ම හරි නැත්නම් ව්‍යාපාරික ස්ථානයක හරි ව්‍යාපාරයක් ආරම්භ කල අයගේ දැවෙන ප්‍රශ්නයක් විසඳන්න අවශ්‍ය පාඩම විදිහට.
බොහෝ රැකියා කරන අයගේ අවශ්‍යතාවයක් තමයි තමන්ටම දෙවන අදායම් මාර්ගයක් හදා ගන්න එක. බොහෝ අය එකට ලේසි ක්‍රම හෙව්වත් ඇත්ත කතාව තමයි මහා කුසල විපාකයක් නැත්නම් “ලේසි ක්‍රම” කියල එකක හොයන කෙනා වයසට යනවා මිස ඒ ලේසි ක්‍රමේ නම් නොලැබෙන බව.
ඒක තමයි ඇත්ත කතාව. ඒක එහෙම ලේසි නම් මේ සිංහල රට මහා ආර්ථික ගැටළු වලට මුණ දෙන්නේ නැහැනේ. එහෙම නම් හැමදෙනාම හොඳ සල්ලිකාරයෝ. මට මේවා ලියන්න හේතුවකුත් නැහැ.
එහෙම නම් ලේසි ක්‍රම පැත්තක තියල අපි “හරි ක්‍රමයක්” අනුගමනය කරමු. මේ පාඨමාලාව මුල ඉඳල ඉවසීමෙන්, තමන්ගේම සටහන් තබා ගනිමින්, තමන් ඇත්තටම ව්‍යාපාරයක් ගෙදරින්ම පටන් අරන් ඉන්නේ කියල හිතල අනුගන්මනය කරන්න. ව්‍යාපාරිකයෙක් නොවෙන ඔබට මේ මග නිවැරදිව ගියොත් වරදින්නේ නැහැ.
රැකියා කරන අයට විතරක් නෙවේ,..
ව්‍යාපාරිකයන්ටත් දෙවන අදායම් මාර්ගයක් ඉතාම වැදගත්. අමාරුවෙන්, කැපවීමෙන් පළවෙනි ව්‍යාපාරය ආරම්භ කලත්, අද මම කියන ක්‍රමයෙන් දෙවන අදායම් මාර්ගයක් හදා ගන්න එක ඔවුන්ට නම් ඉතාම පහසුයි.
මම මොකක්ද මේ කරන්න කියන්නේ? අලුත්ම ශාකාවක් විවෘත කරන්නවත් භාණ්ඩ අපනයනය කරන්නවත් නෙවේ. ඔබේ පවතින ව්‍යාපාරයට දේවල් දෙකක් එකතු කරන්න කියල මම මේ කියන්නේ.
✓ Home Delivery සේවයක් එකතු කිරීම.
✓ නිවැරදි Customer Base Management එකක් භාවිතා කරලා තමන්ගේ Customer Base එක ග්‍රහණයේ තියා ගැනීම.
මම උපමා කතාවක් කියන්නම්,
රසික මහත්මයා දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු කාලයක ඉඳල දිවා රාත්‍රී ආහාර තියන අපනශලාවක් කරගෙන යනවා. ව්‍යාපාරය හොඳයි, නමුත් තරඟය වැඩි නිසා වැඩි ලාභයක් නැහැ.
දවසක් රත්නායක කියල ව්‍යාපාරික උපදේශක මහත්මයෙක් මේ කඩේට එනවා. වැඩි තදබදය නැති වෙලාවක් නිසා දෙන්න ආගිය තොරතුරු කතා කරලා මිත්‍රත්වයක් එහෙම හදා ගන්නවා. රටේ තත්වය, ව්‍යාපාරයේ තත්වය ගැනත් කතා කරනවා.
ඊට පස්සේ රත්නායක මහත්මයා මෙහෙම අහනවා,
ඔබතුමාගේ ව්‍යාපාරයේ Home Delivery සේවයක් දැනට එකතු කරලා තියනවද?
රසික මහත්මයා: නැහැ, මිස්ටර් රත්නායක, ඔය එන කෙනෙකුට විකුණන එක තමයි අපි කරන්නේ.
රත්නායක මහත්මයා:
අපරාදෙනේ රසික මහත්මයා, ඔබතුමාට අමතර 50% කට වැඩි අදායමක් ඒ හරහා උපයන්න පුළුවන් නේ. දැන් බලන්න McDonalds, Pizza Hut වගේ ආයතන කරන දේ? ඒ අය Home Delivery වලින් එකට එකක් හොයනවනේ. සමහර දවසට ඊටත් වැඩිය. අපේ අය තවම ඒ ක්‍රම දන්නේත් නැහැ. එකයි මේ ගැටලුව.
නිතර ඔබතුමාගෙන් මිලදී ගන්න හොඳ ස්ථාවර Customer Base එකක් හදන්න හොඳ ක්‍රමයක් ඒක. ඒ customer ල ගෙදර ඉඳල internet එකෙන් phone එකෙන් order දාන්නේ. දැන් කාලේ මිනිස්සුන්ට වැඩ වැඩි නිසා එන්න එන්නම ඒ විදිහට order කරන මිනිස්සු ප්‍රමාණය වැඩි වෙනවා. අපරාදේ ඔබතුමා ඒ market එක අල්ලන්නේ නැතිව ඉන්නේ.
ඔබතුමාගේ ව්‍යාපාරයෙන් වරක් මිලදී ගත්ත කෙනෙකුට අයිත් email එකක් හරි SMS එකක් හරි යවන ක්‍රමයක් දැනට පාවිච්චි කරනවද?
රසික මහත්මයා: එත් නැහැ,
රත්නායක මහත්මයා:
මහත්මයා, එකත් ඇත්තටම අපරාදයක්. ඔබතුමා දන්නවද එක පාරක් අපෙන් දෙයක් ගත්ත කෙනෙක් නැවත දෙයක් ගන්න තියන අවස්ථාව 500% කින් විතර වැඩි වෙනවා කියල? ඒ කියන්නේ අලුත්ම customer කෙනෙක් මෙතෙන්ට ගෙන්න ගන්නවට වඩා 500% ක් විතර ලේසියි පරණ කෙනෙක් ගෙන්න ගන්න එක. මොකද එයා අපිව දන්න නිසා.
කලින් කිව්ව McDonalds, Pizza Hut වගේ ආයතන ඒදෙත් හොඳින් කරනවා. ඒ නිසා තමයි අපේ අයට තරඟ කරන්නත් අමාරු. නමුත් අපි ඒ උපක්‍රම ඉගෙන ගන්න ඕනෑ. දැන් පරණ තාලෙට විතරක් වැඩ කරලා හරියන්නේ නැහැ.
හරි නම් මහත්මයා අපි අපේ ආයතනයට එන හැම කෙනාගේම email එකත් phone අංකයත් අනිවාර්යයෙන්ම ගන්න ඕනැ. අරගෙන හොඳ නිතර ඔබතුමාගෙන් මිලදී ගන්න Customer Base එකක් හදා ගන්න ඕනෑ. ඒ Customer Base එකට සතියට වරක්වත් email හරි SMS හරි යවන්න ඕනෑ.
ඒ විදිහට තමයි අපි Customer Base එකක් හොඳින් ස්ථාවරව පවත්වා ගෙන යන්නේ.
McDonalds, Pizza Hut වගේ ආයතන සම්පුර්ණයෙන්ම කරන්නේ ඒ දේ. එතකොට customer ට අපිව අමතක වෙන්නේ නැහැ. අපි විශේෂ offer එකක් වගේ දුන්නොත් ගෙන්න ගන්න හරිම පහසුයි. ඒ අනුව sales කොච්චර වැඩි වෙයිද කියල හිතල බලන්න?
ඔබතුමාත් මේ දේවල් ව්‍යාපාරයට එකතු කරගන්න. මේවා ලොකු ගණන් ආයෝජනය කරන්න ඕනෑ දේවල් නෙවේ.
දැන් තමයි රසික මහත්මයා හිතන්න ගත්තේ,..
ඔහුගේ කඩේන් දවසකට රු. 3,000ක ලාභයක් තියනවා. මේ කියන දේවල් කලොත් තවත් රු.1,500 - 2,000ක් විතර අමතර ලාභයක් ලොකු මහන්සියක් නැතිවම උපයන්න පුළුවන්.
මේ දෙක තමයි උපක්‍රම දෙක. මම මධවිගේ business තියරිය කියන ලිපියේ කියල තියන විදිහට අර්ධ කාලීනව වැඩ කරන්න delivery මල්ලි කෙනෙක් හොයා ගන්න. තමන්ගේ ව්‍යාපාරයේ නම ගහල ඒ මල්ලිගේ බියික් එකට delivery පෙට්ටියක් හදල දෙන්න. ආයතනයේ නම තියන ජැකට් එකක් සහ කැප් එකක් දෙන්න පුළුවන් නම් ඉතාම වටිනවා. ඒකට යන වියදම කිසිසේත්ම අපරාදයක් වෙන්නේ නැහැ. මොකද ඔබේ ව්‍යාපාරික නාමය ඉතාම පහසුවෙන් ජනතාව අතරට ඒ හරහා නොමිලේ ගෙනියන්න පුළුවන්.
දැනට විජාතික ආයතන අපේ රටේ මේ දේවල් ඔක්කොම කරනවා. ඇයි ඉතින් සිංහල රටේ ඉපදුන ඔබට බැරි?
නමුත් මතක තියාගන්න, delivery ක්‍රමයක් විතරක් හදා ගත්තට හරියන්නේ නැහැ.
ඔබේ Customer Base එක ඒ ගැන නිතර දැනුවත් කරන්න ඕනැ, ඒ දෙසට නිතර යොමු කරන්න ඕනැ. එතකොට තමයි ගෙදර ඉද්දිත් ඔවුන්ට ඔබගේ ආයතනය මතක් වෙන්නේ.
කොහොමද ඒ දේ කරන්නේ?
එකට තමයි අපි කාලාම My Store සහ Customer Base Management එක හදල තියන්නේ.
කාලාම My Store සහ Customer Base Management එක
අපි මේ ලිපි පෙළේ 7වන ලිපියේ 346 Technique කියල ක්‍රමයක් කතා කරනවා. ඒ ක්‍රමය අනුව ඔබගේ පාරිභෝගිකයන්ට ගෙදර ඉඳලම ඔබගේ ආයතනයේ භාණ්ඩ, ඒවායේ මිල, Special Offers, delivery ගාස්තු වගේ දේවල් බලල ඇනවුම් කරන්න පුළුවන්. ඉතින් ඒ ලිපිය අනුව ඔබගේ Online Shop එකට අඩුම ගානේ භාණ්ඩ 4ක් වත් එක්කරලා සකස් කර ගන්න. ඒක ඔබට නොමිළේ අපි ලබා දෙන්නේ.
නමුත් ඒ විතරක් මදි, ඔබගේ Online Shop එකක් තියන බවත්, ඇනවුම් ගෙදරටම ගෙනත් දෙන බවත් ඒ පාරිභෝගිකයන්ට නිතර මතක් කරන්න ඕනැ. නැත්නම් ඔබ මොනවා දුන්නත් ඔවුන් දන්නේ නැහැ. එනිසා ඒ දැනුවත් කිරීම ඉතාම වැදගත්.
එකට කාලාම Customer Base Management එක පාවිච්චි කරන්න.
කරන්න තියන්නේ හරිම සරල දෙයක්, අද ඉඳල ඔබගේ ව්‍යාපාරය එක්ක ගනුදෙනු කරන හැමදෙනාගේම ඒ අයට තියන විදිහට නම, email ලිපිනය සහ ජංගම phone අංකය ලබා ගන්න.
ඔබට ඒ දත්ත කුඩා මුද්‍රිත form එකක් හරහා ගන්නත් පුළුවන්. නැත්නම්පහත පින්තුරයේ පෙන්නන විදිහට ඔබගේ කාලාම පිටුවට ගිහින් Customer Base එකට ගිහින් New Customer තද කරලා ඒ වෙලාවේම ගනුදෙනුකරුවන් එතැනට එකතු කරන්න පුළුවන්. ගනුදෙනු කරුවන්ටම ආරාධනා කල ඒක පුරවන්න හෝ ඔබ විසින් කරන්නත් පුළුවන්.
ඔබට පහසු විදිහක් තෝරා ගන්න.
මේ විදිහට ඔබගේ Customer Base එක සකස් කර ගෙන ඊට පස්සේ ඔවුන්ට සතිපතා email සහ SMS යවන්න තියන්නේ.
කාලාම ව්‍යාපාරික ගිණුම් ඇති අයට Email යවන්න අවශ්‍ය පහසුකම් අපි කාලාමය තුල හදමින් ඉන්නවා. තව මාසයකින් වගේ ඔබට ලබා දෙන්න පුළුවන්. එතකම් ඔබේ customer base එක හදල සුදානම් වෙන්න.
කාලාම ව්‍යාපාරික ගිණුමක් නැති අයට තමන්ගේ දත්ත බාගත කරලා email යවන්න පුළුවන්. නමුත් ඒ විදිහට එක වර email 100කට වඩා යවන විට ලොකු කාලයක් සහ කෙටි ක්‍රම භාවිතා කලොත් යවන emails නොලැබී junk හෝ spam වෙන්න පුළුවන්. එනිසා එමිල් 50කට වැඩිය යවනවා නම් අපි යෝජනා කරන්නේ කාලාම ව්‍යාපාරික ගිණුමක් අනිවාර්යයෙන් භාවිතා කරන්න කියල. වැඩි තොරතුරු සඳහා මෙතනින් අපට පණිවිඩයක් එවන්න.
SMS යවන්න නම් ජංගම දුරකථන ජාලයක සේවය ගන්න වෙනවා. ඒක අපහසු නැහැ, ඔවුන්ට කතා කරන්න තියන්නේ. (අපිට ඒ පහසුකම හදන්න නම් තව මාස 6ක් විතර යයි.)
මම හිතනවා කරණය පැහැදිලි ඇති කියල. නැවත සාරාංශ කලොත්,..
- ඔබේ ව්‍යාපාරයට Home Delivery සේවයක් හරහා නව ගැනුම්කරුවන් සහ ඇනවුම් ආකර්ෂණය කර ගන්න.
- ස්ථාවර Customer Base එකක් හැදීම සඳහා ඔබගේ සියලුම ගැනුම්කරුවන් email, SMS හරහා නිතර තමන් ළඟ තිය ගන්න. ඔවුන්ගේ මතකය අමතක වෙන්න දෙන්න එපා.
- ඔවුන්ට පහසුවෙන් ඇනවුම් කරන්න කාලාම Online Shop එකේ සේවය විවෘත කරලා දෙන්න. නවීන ව්‍යාපාරිකයෙක් විදිහට ඔබව ඔවුන්ට හඳුන්වා දෙන්න.
⇦ ව්‍යාපාරයක් ආරම්භ කරමු 12: රේණුගේ කතාව 2 කොටස, ණය, අය වැය ඥානය සහ මුදල් පරිපාලනය
⇨ ව්‍යාපාරයක් ආරම්භ කරමු 14: සම්පත්ගේ කතාව - 01 කොටස සහ කෝටිපතියෙකු වන මග.
----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari