ඊළඟ චන්දෙදි අපි මොකද කරන්නේ?


මගේ යෝජනාව නම් උඩ කී පාවෙන චන්ද ටික ඒ ඒ ආසනයේ එකතු වෙලා පන්සල් ආදී ප්‍රධාන ස්ථාන මුල් කරගෙන කුඩා සංවිධානය හදා ග

ඊළඟ චන්දෙදි අපි මොකද කරන්නේ?

GR ජනාධිපති කල බොහෝ පිරිසක් අරගලයට එකතු වුන බව රහසක් නොවේ. ඔවුන් බොහෝ දෙනෙක් දැන් අරගලයෙන් ඉවත්වී ඇති බවත් කලකිරීමෙන් ඉන්න බවත් රහසක් නොවේ.

නමුත් ඒ පිරිස සහ GRට ඔවුන්ගේ දුෂණ සහිත පසුබිම නිසා 2019 දී සහාය නොදුන් පිරිස මේ රට වෙනුවෙන් යම් දෙයක් බලාපොරොත්තු වුණා.
ඔවුන් දෙපිරිසම GRට සහාය දෙන්න සහ නොදෙන්න තීරණය කලේ ඒ එකම බලාපොරොත්තුව නිසා. අපේක්ෂාව නිසා.

මා මේ කතා කරන්නේ ඒ ඒ පක්ෂවලට ඇලුන hardcore පාක්ෂිකයන් ගැන නෙවේ, පාවෙන චන්ද ගැන. අපි හිතනවා අද වෙනකොට මේ අර්බුධයත් එක්ක ඒ පාවෙන චන්ද ප්‍රමාණය ලක්ෂ 40ක් ඉක්මවනවා කියලා.

නිදහස් රාජ්‍යයක සැබෑ සාර්ථකත්වය තියන්නේ උඩ කී අගය ඉහල යන තරමට කියල මම කියනවා. පක්ෂ හෝ පුද්ගල ගැති මානසිකත්වය කිසිම වෙලාවක දියුණු සමාජයක ලක්ෂණයක් වෙන්නේ නැහැ.

දියුණු සමාජයක ස්වභාවය තමයි දක්ෂයන් සහ ඔවුන්ගේ සැලසුම් මත ඔවුන්ට පාර්ලිමේන්තුවට යවන්න ජනතාවගේ ඇති කැමැත්ත.
බෙදුම්වාදී අදහස්, කලහකාරී අදහස්, අන්තවාදී අදහස්, වැරදි ආර්ථික ප්‍රතිපත්ති, වෛරී අදහස් ආදී පසුගාමී අදහස් අති පිරිස් එවැනි සමාජයකදී ප්‍රතික්ෂේප වෙනවා.

නමුත් දියුණුම රටවල පවා හැමදෙනාම ඒ විදිහට හිතන්නේ නැහැ. බහුතරය පමණයි අවශ්‍ය වෙන්නේ.

එහෙම නම් ඊළඟ චන්දෙදි අපි මොකද කරන්නේ?

මගේ යෝජනාව නම් උඩ කී පාවෙන චන්ද ටික ඒ ඒ ආසනයේ එකතු වෙලා පන්සල් ආදී ප්‍රධාන ස්ථාන මුල් කරගෙන කුඩා සංවිධානය හදා ගන්න ඕනෑ.

ඉතාම පහසුවෙන් ගමේ භික්ෂුන්වහන්සේලාට සහ ආගමික නායකයන්ට මේ සඳහා නායකත්වය දෙන්න පුළුවන්.
ඊට පස්සේ ඒ ඒ සංවිධානය තමන්ගේ ආසනය නියෝජනය කරන්න හොදම සුදුස්සා තමන් අතරින්ම හොයල ස්වාදීන කණ්ඩායමක් විදිහට මැතිවරණයට ඉදිරිපත් කරනවා ආසන බුද්ධි මණ්ඩප සංකල්පය අනුව: https://kaalama.org/read-blog/5

 

මේ විදිහට ඉදිරිපත්වෙන අපේක්ෂකයන් 10 දෙනෙක් වත් ඉදිරි මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ගියොත් ඒක විශාල ජයග්‍රහණයක්.

දැන් ජනතා අරගලය විය යුත්තේ ඒ දෙසට.

ඔවුන් පාර්ලිමේන්තුවට ගිහින් මොනවද කල යුත්තේ?

ඒ ගැන මා ඉදිරිපත් කල සැලසුම් පහත තියනවා. ඔවුන්ට එතැනින් පටන් ගන්න පුළුවන්.

--------

රටක් විදිහට අපි ඉන්න ඉතාම නරක තැනක. නව පාලනයට අපි කැමති වුනත් අකමැති වුනත් මුණ එක්ක තරහ වෙලා නහය කපා ගන්න බැහැ.

එනිසා දැන් ජනතා අරගලය විය යුත්තේ රට ගොඩනැගීම දෙසටයි.

මේ මා ඒ වෙනුවෙන් ඉදිරිපත් කල අදහස් සහ සැලසුම්.

දේශපාලන විසඳුම කුමක්දhttps://kaalama.org/read-blog/151018

 

ආර්ථිකය ගොඩනැගීම සඳහා "ගමට ඩොලර්" සහ "රටට ඩොලර්" සැලසුම් : https://kaalama.org/read-blog/93432

 

ඒ සැලසුම් විමධ්‍යගත ආර්ථික සැලැස්ම නම් මහා සැලසුමක ආරම්භක කොටසක් පමණ යි.

මේ ඒ සැලසුම: https://kaalama.org/read-blog/3

 

ඒ හා සමගාමී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාව : https://kaalama.org/read-blog/6176

 

- ආචාර්ය බුද්ධික අදිකාරී -


----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

 

 

172 Views
Enter with Facebook Login