O/L පාස් කරගෙන A/L කරන්නේ නැතිව private campus එකකට ගිහිල්ලා උපාධියක් හදාරන්න තෝර ගන්නවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?


පිළිතුර: ඉතාම වැදගත් ප්‍රශ්නයක්. දිග පිළිතුරක්. අවදානම් සහිත මාර්ගයක් විදිහට මම දකින්නේ.

මේ මට අද Lalith Paranavithana මහතා විසින් යොමුකළ ප්‍රශ්නයක්. කාටත් වැදගත් කියල හිතුන නිසා මෙසේ ප්‍රචාරය කරනවා.

ප්‍රශ්නය:
දැන් කොළඹ මම දැකලා තියෙනවා .O/L හොදට පාස් කරගෙන A/L කරන්නේ නැතිව private campus එකකට ගිහිල්ලා උපාධියක් හදාරන්න තෝර ගන්නවා .සල්ලි විදමි කරලා උපාධිය කරගන්නවා අවුරැදු 20වගේ වනවිට ඔවුන් හොද රැකියාවකුත් කරනවා........මෙි ගැන ඔබෙි අදහස කුමක්ද???

පිළිතුර:
ඉතාම වැදගත් ප්‍රශ්නයක්. දිග පිළිතුරක්.

අවදානම් සහිත මාර්ගයක් විදිහට මම දකින්නේ.
මොකද තවම සමාජය ඒ තත්වයට සුදානම් නැති නිසා ගමන වැරදුනොත් A/L නැහැ කියල ලේබල් වීමක් වෙනවා.

ගමන හරි යනවා කියන්නේ දක්ෂයෙක් කියන එක. දක්ෂයට කොයි පොළොවත් එකයි.

මගේ අදහස නම් කලබල විය යුතු නැහැ. සාමාන්‍ය විදිහට A/L කරලා තමන්ටම තමන් ගැන තක්සේරුවක් ගන්න දෙන්න ඕනෑ. දිගු කාලීන ආත්ම විශ්වාසය සඳහාත් ඒක වැදගත් කියල මම හිතනවා.

ලොකු ආර්ථික ප්‍රශ්න නැත්නම් රැකියාවක් කරන්න 23-24 වීමේ වරදක් මම දකින්නේ නැහැ.

නමුත් ආර්ථික ගැටළු තියනවා නම් O/L වලින් පස්සේ ගණිතය සාමාන්‍යන් හොඳයි නම් Software Development කෙටි පාඨමාලා තමයි හොඳම.
සහතික වෙනුවට job specific skills development කියල අපි කියනවා. ඔවුන්ට මාස 6 වගේ පාඨමාලාව සහ self study එක්ක හොඳ රැකියා අවස්ථා ඕනෑ තරම් තියනවා.

මේ ඒ සඳහා සුදුසු පාඨමාලා දෙකක්:

1.https://cs50.harvard.edu/x/2022/
2.https://open.uom.lk

ගණිතයේ දක්ෂතාවය අඩු නම් පරිගණක නිර්මාණ පැත්තට යොමු වීම සුදුසුයි. Digital arts, graphic designing, video creation/editing, presentation, content writing වගේ ගොඩක් අංශ තියනවා. නමුත් තරඟය ඉතාම වැඩියි.

ඒ දේටත් අදක්ෂ නම් සම්ප්‍රදායික රැකියා වලට ඉතාම කැපවීමෙන් යොමු වීම තමයි සුදුසුම.
මේ ඒගැන මගේ අතින් ලියවුනු දේ.

ඔබ ඉක්මනින් රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තු වෙනවද?:
https://kaalama.org/read-blog/7588
ව්‍යාපාරයක් ආරම්භ කරමු:
https://kaalama.org/read-blog/1869

 

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

Enter with Facebook Login