රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබඳ මාගේ යෝජනාව


මේ ගැන මා සහ වාමාංශිකයකු අතර සංවාදයක් ඇති වුණා. මා මොන ආංශිකයෙකුද කියල මටත් පැහැදිලි නැහැ. මේ සංස්කරණය කරන ලද ඒ

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබඳ මාගේ යෝජනාව

 

මේ ගැන මා සහ වාමාංශිකයකු අතර සංවාදයක් ඇති වුණා. මා මොන ආංශිකයෙකුද කියල මටත් පැහැදිලි නැහැ. මේ සංස්කරණය කරන ලද ඒ සංවාදය සහ යෝජනාව.

 

ඔහු: මම පෞද්ගලීකරණයට සම්පුර්ණයෙන් විරුද්දයි. ඒ ආයතන අපේ ජාතික සම්පත්. විකුනන්න එක නෙවේ කරන්න ඕනෑ, ලාභ ලබන තත්වයට පත් කරන්නයි ඕනෑ. එහෙම නෙවේද? 

 

මම: පැහැදිලිවම ලාභදායක කරන්න ඕනෑ. 

මම මෙහෙම අහන්නම්, ආයතනයක් ඒ විදිහට ලාභදායක කරන්න නම් හොඳ පරිපාලන ව්‍යුහයක් අවශ්‍ය බව ඔබ පිලිගන්නවා නේද? 

එහෙම නම් අපි පුද්ගලික අංශයේ කොටස් වෙළඳපොල ලියාපදිංචි ආයතන භාවිතා කරන corporate governance ක්‍රම රාජ්‍ය ආයතන තුල ස්ථාපිත කලොත් එහි වරදක් ඔබ දකිනවද? 

 

ඔහු: ඒ ක්‍රම ගැන මට ලොකු දැනුමක් නැතත්, හොඳ ක්‍රමවේද නම් හොඳයි වරදක් නැහැ. නමුත් අයිතිය රජය සතු විය යුතුයි. 

 

මම: හරි. අයිතිය රජය සතු නම් ගැටළුවක් නැහැ ඒ කියන්නේ. 

එහෙම නම් listed company එකක් භාවිතා කරන corporate governance රාජ්‍ය ආයතනයක් ඇතුලට ගන්න තියන පහසුම ක්‍රමය තමයි, ඒ ආයතනයත්  ලිස්තු ගත කිරීම. එතකොට වෙන විශේෂ දෙයක් නොකර පහසුවෙන්  corporate governance ඇතුලට ගෙන්න පුළුවන්. අයිතිය ගැන ගැටළුවක් නැහැ මොකද කොටස් සියල්ල රජය සතුව තියාගන්න පුළුවන් අදාල නීති අනුව සුළු කොටස් ටිකක් පමණක් අවශ්‍යතාවය අනුව  වෙළඳපොළට නිකුත් කරලා. අපි කියමු 5% කියල. අදාල නීති වල ගැටළු තියනවා නම් රජයට පුළුවන් ඒ නීති හදල ගන්න. 

 

මේ දේ කලොත් අදාල ආයතන listed companies බවට පරිවර්තනය වෙනවා, කොටස් අයිතියෙන් 95% හෝ වැඩියෙන් රජය සතු වෙනවා. Corporate governance අතුලට ඇවිත් අක්‍රමිකතා, දුෂණ ආදිය අවම වෙනවා.

ලාභ පෙන්වීම, වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම, විගණනය ආදී සියල්ල රජයට බරක් නැතුවම සිද්ද වෙනවා හරියට John Keells, Commercial Bank, LOLC, CTC ආයතන වල වගේම. නමුත් අයතිය රජයේ. 

මේ දේ අපි කරන්න ඕනෑ රජය සතු සියලුම ලාභ ලබන සහ නොලබන ආයතන වලට. ලාභ ලබන ආයතන වුනත් මේ දේ කිරීමන් ලාභය 3-4 ගුණයක් වැඩි කර ගන්න පුළුවන්. 

ගැටළුවක් නැහැ නේද? 

 

ඔහු: ඔව් ඒ විදිහට වෙනවා නම් ගැටළුවක් නැහැ. එතකොට ඇමතිවරුන් එහෙම ඒ ආයතන වලට අධ්‍යක්ෂකවරු පත් කිරීම නවතිනවද? 

 

මම: තරමක් දුරට නමුත් ඒ දේත් හරියට කරගන්න නම් අපිට තව පියවරක් ඉදිරියට යන්න වෙනවා. 

ඒ තමයි රජය වෙනම ආයතනයක් නැවත හදන්න ඕනෑ උඩ විදිහටම කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කරල. ඒ ආයතනයට අපි කියමු HoldingX ආයතනය කියල. ඒකට තියන්නේ එක රාජකාරියයි mandate එකේ. ඒ තමයි asset holdings company එකක් පමණක් ලෙස කටයුතු කිරීම. ඔවුන් වෙනත් කිසිම දෙයක් කරන්නේ නැහැ. 

 

ඊට පස්සේ රජය සතු සියලු ආයතනික කොටස් මේ HoldingX යටතට පවරනවා. HoldingX එකේ කොටස් රජයට අයිති නිසා දැන් අය්තියේ වෙනසක් නැහැ. 

රජයේ ආයතන HoldingX එකට අයිතියි, HoldingX රජයට අයිතියි. දැන් එකේ අධ්‍යක්ෂකවරු අනුයුක්ත කිරීම පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ නියෝජනය කරන මුදල් කාරක සභාවට බාර දෙනවා. 

 

එතකොට ආයතන රජය සතු උනත්, කිසිම ඇමති කෙනෙකුට බලපෑම් කරන්න බැහැ. මොකද කිසිම ආයතනයක් ඇමතිවරයෙක් යටට වටෙන්නෙ නැති නිසා.

 

මුදල් කාරක සභාවේත් මේහා සම්බන්ධ සම්මුක පරීක්ෂණ, සමාලෝචන රැස්වීම්,  තීන්දු ගැනීම් ආදී සියල්ල public hearing එකක ආකාරයට ජනමාධ්‍ය ඉදිරියේ ක්‍රියාත්මක කරනවා. 

 

මේ අනුව රජය කුඩා වෙනවා, ඇමති මණ්ඩල කුඩා වෙනවා. ඒවගේ වාසි කියන්න අවශ්‍ය නැහැනේ. 

 

මේ ක්‍රමය තමයි තරමක කුඩා වෙනස්කම් ඇතත් සිංගප්පුරුවේ භාවිතා කරන්නේ. එනිසා ක්‍රමය හරියට භාවිතා කලොත් වරදින්නේ නැති බව ඔවුන් ඔප්පු කරලා ඉවරයි. 

 

මේ තමයි මම යෝජනා කරන ප්‍රතිව්‍යුහ ගත කිරීම. මොකද හිතන්නේ? 

 

ඔහු: ටිකක් සංකීර්ණයි වගේ උනත් මටත් පෙන්නේ ඒක තමයි හොඳම ක්‍රමය. 

 

මම : ඔව්, මම දැක්කේ නැහැ මිට වඩා හොඳ system change එකක් කිසිවෙක් අතින් කියවෙනවා. නමුත් තව දෙයක්, මේ ක්‍රමයේ අඩුපාඩු නැතුව නෙවේ. 

ඒ තමයි HoldingX අධ්‍යක්ෂක මණ්ඩලයේ වග වීම. ඔවුන් ලාභ නොලැබුවොත් රජයෙන් නැවත මුදල් ඉල්ලන්න පුළුවන්. එක විසඳන්න නම් වාමාංශිකයන් විරුද්ධ වෙන තැනකට යන්න වෙනවා. සිංගප්පුරුව ඒ දේ තරමක් කරලා තියනවා. තරමක්, සම්පුර්ණයෙන් නෙවේ. 

 

ඒ තමයි HoldingX ආයතනයේ කොටස් 30% ක් පමණ වෙනත් පෞද්ගලික ආයතන වලට කොටස් වෙළඳපොල හරහා නිදහස් කිරීම සහ ඔවුන්ට තම ආයතනය mandate එක තුල ලාභ ලැබීම සඳහා නිදහස දීම. 

 

එතකොට වෙන්නේ රජයේ මුදල් කාරක සභාවට අමතරව ඔවුන්ට පෞද්ගලික කොටස් කරුවන්ටත් වග කියන්න වෙනවා. ඔවුන්ගේ අධ්‍යක්ෂකවරු එක්ක වැඩ කරන්න වෙනවා.

තවත් කාර්යක්ෂම කරන්න  අදහස් තිබුනත් වාමාංශිකයන් තරහ වෙන නිසා ඒ දේවල් ඉදිරි පරම්පරාවට ඉතුරු කරමු

 


----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

P.S: 2019 ඉඳල අපි කිව්ව මේ සැලසුම ක්‍රියාත්මක කළා නම් අද වෙනකොට රටට ඩොලර් අඩුවක් නැතුව එන්න පටන් අරන් : https://kaalama.org/read-blog/93432
53 Views
Enter with Facebook Login