අදම පටන් ගන්න සරල ව්‍යාපාරික අදහස් 4ක්!


4 Business Ideas that You Can Start Today!

ආයුබෝවන්,

මේ අලුත් අදහස් නෙවේ, මගේ අතින් ලියවුනු අදහස් නැවත ඔබගේ පහසුවට සාරාංශ ගත කිරීමක්. 

1. කාලාම ජාලය තුල සිංහල ඉඩම් සහ දේපළ වෙළඳාම් ඒජන්තවරයෙක්  වෙන්න. 

මේ වෙන විටත් ඔබ දන්නවා මා කාලාමය හරහා පෙනී සිටින්නේ සහ වැඩ කරන්නේ සිංහල ජාතියේ උන්නතිය වෙනුවෙන් කියල. ඒ මුලිකවම අපේ අයගේ අකල්පත් ආර්ථිකයත් කියන දෙකම දියුණු කර ගන්න.

ඒ අරමුණ ඇතිවම අපි “සිංහල ඉඩම් පිටට විකිණීම වැළක්වීමේ” ව්‍යාපෘතිය කියල අපේ ඉඩම් අපේ අයගේ අතේම රඳවා ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මය කරගෙන යනවා. 

ඒ වැඩපිළිවෙල අනුව සෑම අසනයකින්ම අපිට අවම වශයෙන් සිංහල ඉඩම් සහ දේපළ වෙළඳාම් ඒජන්තවරයෙක් අවශ්‍යයි. ඔහුගේ හෝ ඇයගේ රාජකාරිය තමයි තම ප්‍රදේශයේ ඉඩම් හොයල කාලාම ඉඩම් Database එකට එකතු කිරීම සහ ගැනුම්කරුවන්ට අවංක සේවයක් සැපයීම. 

ඒ සඳහා ඔබ ඉඩම් හිමිකරු සමග එකඟවෙලා 3%ක් මුදලක් අය කිරීමේ වරදක් නැහැ නමුත් ඔබ අමතර මිලක් එක් නොකළ යුතුයි. Cut නොතැබිය යුතුයි. බොරු නොකිය යුතුයි. මම නොමිලේ ලබාදෙන පාඨමාලාව අනුව ධාර්මික ලෙස ඒ ව්‍යාපාරය කල යුතුයි.

ඔබ නිවැරදිව කලොත් පංච සීලයෙන් එකම සිල් පදයක් වත් නොකඩා මේව්‍යාපාරයෙන් මාසයකට ලක්ෂ ගණනක් ඉතාම අඩු හෝ ආයෝජන නැතිව ඉපයිය හැකියි. 

ඔබ කැමතිද? මට මෙතැනින් පණිවිඩයක් එවන්න.

 

 

ඔබ දැනටමත් ව්‍යාපාරිකයෙක් ද?

ඔබගේ දැන්වීම් මෙතැනට එකතු කරන්න.

  

2. Home Delivery ව්‍යාපාරයක් ආරම්භ කිරීම.

මේක ඉතාම අලුත් අදහසක්, තවම බොහෝ දෙනා දන්නේ නැහැ. ඇතැම් ආයතන delivery කරන නිසා මේ කියන්නෙත් ඒක කියල බැලූ බැල්මට හිතෙන්න පුළුවන්. නැහැ, මේ කියන්නේ අනුන්ගේ කඩවල බඩු විකුණලා ඔබ අදායමක් උපයන එක. බඩු අනුන්ගේ කඩේක, නමුත් පාරිභෝගිකයා ඔබගේ. කාලාම App එක සහ My Store හරහා ඒ පාරිභෝගිකයින් හොයා ගන්නත් පුළුවන්.

මේ අදහස සිල්ලර කඩ, කෑම කඩ, ෆාමසි වගේ බොහෝ කඩවලට ක්‍රියාත්මක කරන්න පුළුවන්.  නමුත් ප්‍රමාදය පසු තැවෙන්න හේතු වෙනවා. එනිසා දැන්ම ආරම්භ කරන්න. 

තව කියවන්න: https://kaalama.org/read-blog/257

 

ඔබ දැනටමත් ව්‍යාපාරිකයෙක් ද?

ඔබගේ දැන්වීම් මෙතැනට එකතු කරන්න.

 

3. නිවාස 200යේ සරළ ව්‍යාපාරික ආකෘතිය

මේකත් ඉතාම අලුත් අදහසක්. කෙටියෙන් කිව්වොත් ඔබ ඉස්සෙල්ලම විකුනන්න භාණ්ඩ එකක් හෝ කීපයක් තොර ගන්නවා. ඊට පස්සේ තමන්ගේ ප්‍රදේශයෙන් සුදුසු නිවාස 200යකට කාලාම App එක සහ My Store හරහා කතා කරලා මිලදී ගන්න එකඟ කර ගන්නවා. ඔබ කතා නොකලත් අපි කාලාම App එක සහ My Store හරහා පිරිසක් හොයල දෙනවා. එකට ආකර්ශනීය භාණ්ඩ හොයා ගන්න එක ඔබට බරයි. මේ අනුව ඔබ හොඳ මතක හිටින වෙළඳ නාමයක් සහ ස්ථිර customer base එකක් හදා ගැනීම තමයි වැදගත්ම කරණය. 

ඊටපස්සේ කාර්ය බහුල ඒ ප්‍රජාවට ඔබ නිතර ඒ භාණ්ඩ සපයල ලාභයක් උපයනවා. තොග මිලට භාණ්ඩ විකිණීම හෝ මිලදී ගැනීම සඳහා කාලාම තොග අංශයට යන්න.

තව කියවන්න: https://kaalama.org/read-blog/306

මේ ආකෘතිය අනුව ඔබට ආරම්භ කල හැකි ව්‍යාපාරික අදහස් කිහිපයක්. 

✓ Online කේක් Shop එකක් පටන් ගමු.

 App එකෙන් වස විස නැති එළවලු නිවසටම.

✓ එළකිරි නිවසටම.

 

ඔබ දැනටමත් ව්‍යාපාරිකයෙක් ද?

ඔබගේ දැන්වීම් මෙතැනට එකතු කරන්න.

 

4. ගෘහ ආශ්‍රිත අලුත්වැඩියා කිරීමේ සේවා සැපයීම.

මේ අදහස බොහෝ දෙනා දන්නවා නමුත් part time විතරක් වැඩ කරලා රු. 50,000/- කට වැඩි අදායමක් ගන්න පුළුවන් බව බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ වගේම ස්ථාවරයි. තරඟය ඉතාම අඩුයි. කාලාම App එක සහ My Store හරහා පාරිභෝගිකයින් හොයා ගන්නත් පුළුවන්.

අද කලේ නගරබද හැමදෙනාම කාර්යබහුලයි, එනිසාම ගෙදර වතුර ලීක් එකක් හදා ගන්නවත් වෙලාව නැහැ. වතුර බටයක්, විදුලි පරිපථයක් කැඩුනොත් කර ගන්න දෙයක් නැහැ. TV, කේතලය, පරිඝනක, දුරකථන ගැන කතාවත් ඒ වගේ මයි. ඔබට බැරිද කාලාම App එක හරහා අපේ ජලයට මේ සේවය ලබා දෙන්න? 

තව කියවන්න: https://kaalama.org/read-blog/230  

ඔබ දැනටමත් ව්‍යාපාරිකයෙක් ද?

ඔබගේ දැන්වීම් මෙතැනට එකතු කරන්න.

 

 

ඔබ දැනටමත් ව්‍යාපාරිකයෙක් ද? එහෙම නම් "කාලාමයටම විශේෂ" මේ කරුණු 4 හොඳින් කියවන්න.  


1. 
නොමිලේ ලබාදෙන "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාව ගැන ඔබ දැනුවත් ද?

අවාසනාවකට අපේ අධ්‍යාපන ක්‍රමය සකස් වෙලා තියන්නේ ව්‍යාපාරිකයන් බිහි කරන්න නෙවේ. ආකල්ප සකස් වෙලා තියන්නෙත් ඒ සඳහා නෙවේ. ඒ වගේම ඇතැම් ව්‍යාපාර කරන අපේම අයගේ වැඩ නිසා තරුණ පිරිස් ව්‍යාපාර වලින් ඈත වෙන්න පවා කල්පනා කරනවා.

මේ ආකල්පමය ගැටලුව විසඳන්නත්‍ අවශ්‍ය දැනුම ලබා දෙන්නත් අපි "ව්‍යාපාරයක් ආරම්භ කරමු" යන මාතෘකාවෙන් Online පාඨමාලාවක් කරගෙන යනවා. 

 

අදම මෙතැනින් ආරම්භ කරන්න: https://kaalama.org/read-blog/1869

 

 

2. කාලාමය හෙවත් සිංහලයන් ප්‍රාදේශීය වශයෙන් ජාල ගත කිරීම.

කාලාමය විදිහට අපි භාවිතා කරන මේ මුලික සංකල්පය අනුව හැකියාව තියන හැම ප්‍රදේශයකම සිංහලයන් කාලාමය තුල එක ප්‍රාදේශීය ජාලයකට ගන්නවා. ඒ අනුව ඒ ප්‍රදේශයේ සිංහලයෝ සියලු දෙනාටම ඔබට එක තැනක ඉඳල කතා කරන්න පුළුවන්. ඒ තැන තමයි ඔබගේ කාලාම ප්‍රාදේශීය ජාලය. 

ව්‍යාපාරිකයෙක් විදිහට ඔබට තියන්නේ හොඳින් ධර්මනුකුලව ඒ ප්‍රජාවට ඔබගේ සේවය ලබා දීම. ඔබගේ භාණ්ඩ හෝ සේවය ගැන දැන්වම් අපි ඒ ජාලය තුල ඉන්න සියලුදෙනාගේ දෙපා මුලටම ගිහින් දෙනවා. ඔවුන්ට ඔබෙන් ඉතාම පහසුවෙන් ඇනවුම් කරන්න  අවස්ථාව සලසා දෙනවා. 

තව කියවන්න: https://kaalama.org/read-blog/204

 

 

3. කාලාම My Store මොඩියුලය.

මේ ඔබගේ සයිබ වෙළඳසැල යි.

ඔබට සැබෑ ලෝකයේ වෙළඳ සැලක් තිබුනත් නැතත්, කිසිම වියදමක් නැතිව අපිත් එක්ක කාලාමයේ සයිබ වෙළඳ සැලක් හෝ online store එකක් පටන් ගන්න පුළුවන්. ඔබගේ ඒ online shop එකට තමයි අපි දේශීය ගැනුම්කරුවන් උඩ කී ජාල ක්‍රමය හරහා යොමු කරන්නේ. ඒ වගේම  විදේශීය ගැනුම් කරුවන් යොමු කිරීමත් අන්තර්ජාලය හරහා අපි කරනවා. මේ මොඩියුලය ජාත්‍යන්තර විකුණුම් මධ්‍යස්ථානයක් වන amazon වෙබ් අඩවියට සමාන කමක් දක්වනවා. නමුත් Made in Sri Lanka භාණ්ඩ සහ සේවා සඳහා. 

ඒ හරහා ඔබට භාණ්ඩ සහ සේවා දෙකම රට තුල සහ විදේශයන්ට විකිණීමේ දොරටු විවර වෙනවා. 

ඔබගේම My Store එකක් ආරම්භ කිරීම සඳහා අදම කාලාම පිටුවක් ඔබගේ ව්‍යාපාරය සඳහා ආරම්භ කරන්න. කාලාම පිටුවක් හරහා තමයි එම මොඩියුලය භාවිතා කරන්න පුළුවන්. ඒ හරහා තමයි පහත App in App මොඩියුලයත් ඔබට ලැබෙන්නේ.  

අදම මේ පියවර අනුව ඔබගේ My Store එක ආරම්භ කරන්න: https://kaalama.org/read-blog/346  

 

 

4. App in App සංකල්පය. 

මේ කාලාමයේ ඔබගේ ව්‍යාපාරික ගමන වෙනස් කරන සංකල්පයක්. ඒ සංකල්පය අනුව අපි එක්ක එකතු වෙන ඔබට ඔබේ ව්‍යාපාරය සඳහා App එකක් නොමිලේ ලැබෙනවා. ඒ හරහා තමයි අපේ ජාලය ඔබට සම්බන්ධ වෙන්නෙත් ඔබ ඔබේ පාරිභෝගිකයි සමග සම්බන්ධ වෙන්නෙත්. 

App in App සංකල්පය නිසා ව්‍යාපාරික ඔබට විශාල මුදලක් ඉතිරි වෙනවා වගේම, කිසිම වියදමක් නැතිව පාරිභෝගිකයන් ගණනාවකට ඔබගේ දැන්වීම් ළඟා වෙනවා. 

ඒ වගේම නවීන තලයට ඔබගේ ව්‍යාපාරය ගෙනියන්න පුළුවන් වෙනවා වගේම ඔබටත් පාරිභෝගිකයන්ටත් ඉතාම පහසු වෙනවා. ඔබගේ ව්‍යාපාරය පාරිභෝගිකයන්ගේ අතේ දුරට නෙවේ, App එකේ දුරටම කිට්ටු වෙනවා. 

ඔබ දැනටමත් ව්‍යාපාරිකයෙක් නම් අදම එකතු වෙන්න. මේ App එක ඔබෙගේ ව්‍යාපාරයේ මග වෙනස් කරනු ඇත. 

තව කියවන්න: https://kaalama.org/read-blog/319



 

ඉතාම වැදගත් අමතර කරුණු,.. 

1. ඔබට හොඳ ව්‍යාපාරික සැලසුමක් හෝ අදහසක් තියනව. නමුත් මුදල් බාධාවක්ද?

එහෙම නම් ඔබට කාලාම හරහා ව්‍යාපාර ආයෝජන හොයා ගැනීමේ හැකියාවක් තියනවා. ඔබ අවංකවම ඒ ව්‍යාපාරයට කැප වෙන්න සුදානම් නම් මේ ලිපිය කියවන්න: https://kaalama.org/read-blog/353

 

2. ව්‍යාපාරිකයෙකු ලෙස කාලාමය තුල සාර්ථක වීමට අතවශ්‍ය පියාවර 4 ගැන ඔබ දැනුවත්ද? 

මේ ලිපිය නොවරදවා කියවන්න : ව්‍යාපාරිකයෙකු ලෙස කාලාමය තුල සාර්ථක වීමට අතවශ්‍ය පියවර 4ක්

 
4. අන්තර්ජාල දැන්වීමක් හෝ කාලාම දැන්වීමක් නිවැරදිව ලියන්නේ කොහොමද?

බොහෝ දෙනෙක් කම්මැලිකමට ඔහේ ලියල දැන්වීම් දානවා. ඊට පස්සේ ඒවාට කවුරුත් කතා කරන්නේ නැහැ කියල චෝදනා කරනවා. 

එනිසා ඉස්සෙල්ලම නිවැරදිව දැන්වීමක් ලියන විදිහ මෙතැනින් ඉගෙනගෙන ඉන්න:https://kaalama.org/read-blog/291

 

මේ ගැන යම් ගැටළු තියනවා නම් කමෙන්ට් කරන්න.

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari 

Enter with Facebook Login