කාලාමය යනු කුමක්ද? | What is Kaalama?


අපිට ඉතා හොඳ අදහසක් තියනවා. ටික කලකට කලින් තරමක් රහසිගතව ආරම්භ කල අලුත්ම විදිහේ සංකල්පයක්,..

 

කාලාමය කියන්නේ මොකක්ද?  

ටික කලකට කලින් තරමක් රහසිගතව ආරම්භ කල අලුත්ම විදිහේ ව්‍යාපෘතියක් මේක. ඒ හරහා අපි සිංහලයන්ගේ විශාල ජාලයක් ප්‍රාදේශීය වශයෙන් හදනවා. ඔබට විශාල ව්‍යාපාරික අවස්ථා ගණනක් ඒ හරහා නිර්මාණය වෙනවා.

ඔබ සිංහල ව්‍යාපාරිකයෙක් නම් හෝ අනාගතයේදී ඔබ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පොඩි හෝ කැමැත්තක් තියනවා නම් නම්,

අදම ලියාපදිංචි වෙන්න: https://kaalama.org/register  

Android APP එක බාගත කරන්න: https://kaalama.org/app

 

මේ ව්‍යාපෘතියේ මුලික අදියරේ මාවත් කිහිපයක් තියනවා.

 

1. නොමිලේ ලබාදෙන "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාව.

2. කාලාමය හෙවත් සිංහලයාගේ අඩවිය

3. විකුණුම් ජාල සකස් කිරීම සහ නව දේශීය විදේශීය වෙළඳපොළ විවර කිරීම.

4. 2030 වන විට Made in Ceylon ව්‍යාපාරිකයින් 10,000ක්!

5. ඒ ඉලක්ක සඳහා කාලාම My Store මොඩියුලය ඔබට ලබා දීම.

6. ඒ ඉලක්ක සඳහා App in App සංකල්පය අනුව ඔබට App එකක් ලබාදීම. 

7. මේ සඳහා ඔබට කෙසේ දායක විය හැකිද?

 

ව්‍යාපාරික සහ නිෂ්පාදන අංශවල දක්ෂ සිංහලයන් කාලාමය තුලින් බිහි කරගැනීම අපි අරමුණු කරනවා. ඒ හරහා ඍජුව හෝ වක්‍රව අපි යෝජනා කරන විමධ්‍යගත ආර්ථික සැලසුම හෝ එහි කොටසක් සිංහල රට තුල ක්‍රියාත්මක කර ගන්න අවශ්‍ය පදනම වැටෙනු ඇත. 

විමධ්‍යගත ආර්ථික සැලසුම කියන්නේ මොකක්ද?

 

විස්තර කිරීම.

1. නොමිලේ ලබාදෙන "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාව.

අවාසනාවකට අපේ අධ්‍යාපන ක්‍රමය සකස් වෙලා තියන්නේ ව්‍යාපාරිකයන් බිහි කරන්න නෙවේ. ආකල්ප සකස් වෙලා තියන්නෙත් ඒ සඳහා නෙවේ. ඒ වගේම ඇතැම් ව්‍යාපාර කරන අපේම අයගේ වැඩ නිසා තරුණ පිරිස් ව්‍යාපාර වලින් ඈත වෙන්න පවා කල්පනා කරනවා.

මේ ආකල්පමය ගැටලුව විසඳන්නත්‍ අවශ්‍ය දැනුම ලබා දෙන්නත් අපි "ව්‍යාපාරයක් ආරම්භ කරමු" යන මාතෘකාවෙන් Online පාඨමාලාවක් කරගෙන යනවා. 

 

✓ ඔබ හිතනවා නම් ඔබට ව්‍යාපාරයක් කරන්න බැරි මුදල් නැති නිසා කියල, ආයෝජනය කරන්න කලින් ඉස්සෙල්ලම මේ පාඨමාලාව අනුගමනය කරලා ඉන්න

✓ ඔබ දැනටමත් ව්‍යාපාරයක් කරනවා නම් අනිවාර්යයෙන් මේ පාඨමාලාව අනුගමනය කරලා ඉන්න

✓ ඔබ ව්‍යාපාරයක් කරන්න අදහස් කරනවා නම් එත් අනිවාර්යයෙන් මේ පාඨමාලාව අනුගමනය කරලා ඉන්න.

 

ඒකට හේතුව තමයි "දක්ෂතා පද්ධතිය". දක්ෂතා පද්ධතිය දියුණු කරගත් පුද්ගලයෙක් මිස වෙන කෙනෙක් ව්‍යාපාරිකයෙක් විදිහට සාර්ථක වෙනවා නම් ඒ කලාතුරකින්, පෙර කල මහා කුසල බලයෙන්. නැත්නම් ඔවුන් යම් තැනකදී ඇදගෙන වැටෙනවා. එනිසා තමයි මේ පාඨමාලාව අනුගමනය කරන්න කියල මම සිංහලයන්ට බල කරන්නේ. 

දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතර මග, එනිසා 

මේ පාඨමාලාව අදම අනුගමනය කරන්න.

 

2. කාලාමය හෙවත් සිංහලයාගේ අඩවිය. 

අපි අපේම සිංහලයාගේ මුහුණු පොතක් හදල තියනවා. කාලාම: kaalama.org දැන් සැහෙන්න වැඩ ඉවරයි.  

Android APP එක බාගත කරන්න: https://kaalama.org/app

නමුත් තව වැඩ තියනවා. සිංහලයන් සිංහලයන් අතරේම report ගැහිලි, ban කිරීම වගේ බාදක නැතිව සැරිසරන සයිබ අවකාශයක් මේ හදලා තියන්නේ. ඔබ දැන් ඉන්නේ එතැන. මේ සංකල්පය හරහා අපිට බොහෝ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම මේක ලංකාවේ කෙරෙන ලොකුම වෙබ් ව්‍යාපෘතිය වෙනවා. 

 

 

3. විකුණුම් ජාල සකස් කිරීම සහ නව දේශීය විදේශීය වෙළඳපොළ විවර කිරීම. 

දෙවන මාවත තමයි අපි සියලුදෙනාම ප්‍රාදේශීය මට්ටමින් එක සමුහයක් ලෙස කාලාමය තුලින්ම භාණ්ඩ සහ සේවා  මිලදී ගැනීම. මේ කරණය ඉතාම වැදගත්. උදාහරණයක් ලෙස කාලාම නුගේගොඩ ජාලයේ සිංහලයන් 10,000 ක් සිටිනවා නම්, ඒ අතරේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ අනිකුත් දෑ විකුණන, නීති උපදෙස් දෙන, වාහන අමතර කොටස් සපයන, අමතර පන්ති පවත්වන ගුරුවරු ආදි සේවා සපයන්නන් ඒ අතරින්ම 300 - 600 ක් පමණ අපි මැදිහත් වෙලා බිහි කරනවා. ඔවුන්ගේ භාණ්ඩ සහ සේවාවන් කාලාමයන් අතරේම ඒ වෙළඳ ජාලය තුල සහ අවට ජාලවල අපි ප්‍රචාරය කරනවා. 

සරලව කියනවා නම් ප්‍රාදේශීය වශයෙන් අපි සිංහලයන් එක් එක් ජාල වලට ගන්නවා. ඒ ජාල තුල භාණ්ඩ හා සේවා හුවමාරුව සිංහලයන් අතරේම පවත්වා ගන්නවා. 

එනිසා මේ හරහා විශේෂයෙන් භාණ්ඩ හා සේවා සැපයීම සඳහා නව අවස්ථා ගණනාවක් ඔබ වෙනුවෙන් නිර්මාණය වෙනවා. 

සියලුම සාමාජිකයන්ගේ වගකීමක් තමයි තමන්ගේ ප්‍රදේශයේ ඉන්න කාලාමයන්ගෙන් පමණක් එම ජාලය හරහා හැකි හැම විටම භාණ්ඩ සහ සේවා මිලදී ගැනීම. එසේ තම සහෝදර සාමාජිකයන් ගැන නොසලකන අය අපි පරීක්ෂණයකින් පස්සේ ජාලයෙන් ඉවත් කරනවා. අපේ භාණ්ඩ අපිම අතරමැදියන් නැතිව මිලදී ගන්න විට රටේ ප්‍රශ්න කීයක් විසඳෙනවද කියල ඔබටම දැන් වැටහෙනවා ඇති. අපේ සල්ලි පිටට යන එක අඩු වෙනවා. කවුරුන් හෝ අධික ලාභ ලැබීම අවම වෙනවා. සුපිරි තැන්වල සුපිරි මිලට විකිනෙන එළවලු පළතුරු මිල පාලනය වෙනවා. 

1. තම ජාලය තුල භාණ්ඩ සහ සේවා සපයන සාමාජිකයන්ට අපි පුර්ණ සහාය ලබාදෙනවා වගේම ඔවුන් තම රාජකාරිය කුසල පක්ෂයේ සිත පිහිටවා කල යුතුයි.

2. වංචා දුෂණවලට, කළු කඩවලට කාලාමයේ ඉඩ නැහැ. එවැන්නන් වහාම ඉවත් කරනවා.

3. සියලුම දෙනාම හැකි පමණ වස විස නැති ගෙවතු වගාව කල යුතුයි. ඔවුන්ට ලැබෙන අතිරේක භෝග කාලාමය හරහා අනිත් සාමාජිකයන්ට ඉතාම සාධාරණ මිලට ලබා දිය යුතුයි. ඒ හරහා අපිට විශාල අහාර නිෂ්පාදනයක් කරන්න පුළුවන්. ජිවන වියදම  අවම කරගන්න පුළුවන්. 

4. හැකියාව ඇති සෑම සාමාජිකයෙක්ම කුඩාවට දේශීය නිෂ්පාදන ආරම්භ කර තම ජාලයේ සාමාජිකයන්ට ලබා දිම අපි ප්‍රවර්ධනය කරනවා. 

5. ඒ භාණ්ඩ කාලාම App එක හරහා විදේශවලටත් අපි විවර කරනවා. 

 

 

4. 2030 වන විට Made in Ceylon ව්‍යාපාරිකයින් 10,000ක්!

උඩ කී විදිහට දේශීය වෙළඳපොල විවර වෙනවත් එක්කම අපි ඒ ජාල වලින් "Made in Ceylon" භාණ්ඩ තොග සහ සිල්ලර විදිහට මිලදී ගන්න විදේශ වලටත් ආරාධනා කරනවා. ඒ අනුව තමයි විදේශීය වෙළඳපොල කෙලින්ම ගමට විවෘත වෙන්නේ.

උදාහරණයක් විදිහට මේ අනුව අනුරාධපුරේ කෙනෙකුට විජලනය කල අඹ 1kg රු 5,000 අධික මිලකට යුරෝපයට parcel post වගේ සරල ක්‍රම හරහා තනිව කෙලින්ම විකුනන්න පුළුවන්. (කරුණාවෙන් මා ඉදිරපත් කල විමධ්‍යගත ආර්ථික සැලැස්ම කියවන්න.)

2030 වෙන විට එවැනි Made in Ceylon ව්‍යාපාරිකයින් 10,000ක් බිහි කිරීමයි අපේ ඉලක්කය.

ඔබ ව්‍යාපාරික කැමැත්තක් ඇති කෙනෙක් නම් අදම අපිට එකතු වෙන්න. එසේ නැතත් මේ ජාලය ස්ථාපිත කරගන්න අපිට උදව් කරන්න.

 

 

5. ඒ ඉලක්ක සඳහා කාලාම My Store මොඩියුලය ඔබට ලබා දීම.

මේ ඔබගේ සයිබ වෙළඳසැල යි.

ඔබට සැබෑ ලෝකයේ වෙළඳ සැලක් තිබුනත් නැතත්, කිසිම වියදමක් නැතිව අපිත් එක්ක කාලාමයේ සයිබ වෙළඳ සැලක් හෝ online store එකක් පටන් ගන්න පුළුවන්. ඔබගේ ඒ online shop එකට තමයි අපි දේශීය ගැනුම්කරුවන් උඩ කී ජාල ක්‍රමය හරහා යොමු කරන්නේ. ඒ වගේම  විදේශීය ගැනුම් කරුවන් යොමු කිරීමත් අන්තර්ජාලය හරහා අපි කරනවා. මේ මොඩියුලය ජාත්‍යන්තර විකුණුම් මධ්‍යස්ථානයක් වන amazon වෙබ් අඩවියට සමාන කමක් දක්වනවා. නමුත් Made in Ceylon භාණ්ඩ සහ සේවා සඳහා. 

ඒ හරහා ඔබට භාණ්ඩ සහ සේවා දෙකම රට තුල සහ විදේශයන්ට විකිණීමේ දොරටු විවර වෙනවා. 

ඔබගේම My Store එකක් ආරම්භ කිරීම සඳහා අදම කාලාම පිටුවක් ඔබගේ ව්‍යාපාරය සඳහා ආරම්භ කරන්න. කාලාම පිටුවක් හරහා තමයි එම මොඩියුලය භාවිතා කරන්න පුළුවන්. ඒ හරහා තමයි පහත App in App මොඩියුලයත් ඔබට ලැබෙන්නේ.  

 

 

6. ඒ ඉලක්ක සඳහා App in App සංකල්පය අනුව ඔබට App එකක් ලබාදීම. 

මේ කාලාමයේ ඔබගේ ව්‍යාපාරික ගමන වෙනස් කරන අලුත්ම සංකල්පයක්. ඒ සංකල්පය අනුව අපි එක්ක එකතු වෙන ඔබට ඔබේ ව්‍යාපාරය සඳහා App එකක් නොමිලේ ලැබෙනවා. ඒ හරහා තමයි අපේ ජාලය ඔබට සම්බන්ධ වෙන්නෙත් ඔබ ඔබේ පාරිභෝගිකයි සමග සම්බන්ධ වෙන්නෙත්. 

App in App සංකල්පය නිසා ව්‍යාපාරික ඔබට විශාල මුදලක් ඉතිරි වෙනවා වගේම, කිසිම වියදමක් නැතිව පාරිභෝගිකයන් ගණනාවකට ඔබගේ දැන්වීම් ළඟා වෙනවා. 

ඒ වගේම නවීන තලයට ඔබගේ ව්‍යාපාරය ගෙනියන්න පුළුවන් වෙනවා වගේම ඔබටත් පාරිභෝගිකයන්ටත් ඉතාම පහසු වෙනවා. ඔබගේ ව්‍යාපාරය පාරිභෝගිකයන්ගේ අතේ දුරට නෙවේ, App එකේ දුරටම කිට්ටු වෙනවා. 

ඔබ දැනටමත් ව්‍යාපාරිකයෙක් නම් අදම එකතු වෙන්න. මේ App එක ඔබෙගේ ව්‍යාපාරයේ මග වෙනස් කරනු ඇත. 

ඉතාම වැදගත්

සාමුහික හෝ පුද්ගලික ආයෝජන සොයා ගැනීමේ සහාය (Crowd Funding/ Private)
තොග භාණ්ඩ සාධාරණ මිලට ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීම 
කෘෂි නිෂ්පාදකයන් බිහි කිරීම
අලුත්වැඩියා කිරීමේ සේවා සපයන්නවුන් ජාලගත කිරීම
 Taxi සේවා සපයන්නවුන් ජාලගත කිරීම
අදායම් උපයන ලේකඛයන් බිහි කිරීම 
වැනි අප‍ගේ  

අනාගත සැලසුම් මෙතැනින් කියවන්න

 

මේ සඳහා ඔබට කෙසේ දායක විය හැකිද?

පහත විදිහට ඔබගේ සහාය නැතිව අපිට මේ වගේ විශාලත්වයක කාලාම ව්‍යාපෘතිය සම්පුර්ණ කරන්න බැහැ. එනිසා අපගේ ස්වෙච්චා කණ්ඩායමට පහත පියවර අනුව අදම එකතු වෙන්න. 

ඔබගෙන් අපට ලැබෙන සහායට උපහාරයක් විදිහට අපි ඔබට නොමිලේ VIP Pass එකක් ලබා දෙනවා. 

 

ඔබ අපගේ ස්වෙච්චා කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට අනුගමනය කල යුතු මුලික පියවර තුන 

1. kaalama.org වෙත පැමිණ ලියාපදිංචි වෙන්න. 

2. ඉන්පසු කාලාම අඩවියට පැමිණ නිතර පොස්ට් සහ කමෙන්ට් කරන්න. ඒ අනුව ඔබට VIP Pass එක සඳහා Points ලැබෙනු ඇත.  

3. ඒ වගේම මේ ලින්ක් එකේ ඇති ඔබගේ affiliate link එක හරහා ඔබගේ මිතුරන් 4 දෙනෙක් එකතු කරන්න.  

 

නොමිලේ VIP Pass එකක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම්

✓ පළමු සුදුසුකම වෙන්නේ ඔබගේ affiliate link එක හරහා සිංහල මිතුරන්ම 4 දෙනෙක් එක් කිරීමයි. 

✓ දෙවන සුදුසුකම වන්නේ Points 20,000 ක් ඔබට ලැබෙන තරමට කමෙන්ට්, පොස්ට් ආදියෙන් කාලාමය තුල ක්‍රියාකාරී වීමයි. 

✓ ඒ සෑම Points 20,000 ක් සඳහාම, ඔබට මාස 2ක් සඳහා VIP Pass එකක් නොමිලේ ලැබෙනු ඇත.

✓ ඒ සඳහා ඔබ සුදුසුකම් සපුරා ගත් පසු info@kaalama.org ලිපිනයට පණිවිඩයක් එවන්න. 

 

✔ ඔබගේ Affiliates ගණන මෙතැනින් පරික්ෂා කරන්න: https://kaalama.org/setting/affiliates

✔ ඔබගේ Points ප්‍රමාණය මෙතැනින් පරික්ෂා කරන්න: https://kaalama.org/setting/my_points

 

VIP Pass එකක් කියන්නේ මොකක්ද? 

✓ ඔබගේ සාමාන්‍ය කාලාම ගිණුම ව්‍යාපාරික ගිණුමක් බවට පරිවර්තනය වීම,
 
✓ ඔබගේ නමට ඉදිරියෙන් විශේෂ Business Account Badge එකක් ලැබීම, 
 
✓ ඔබගේ පිටුවට විශ්වසනීය ගිණුමක් ලෙස Verified තත්වය ලබා දීම, 
 
✓ ඔබගේ කාලාම පිටුවට ප්‍රචාරණ ප්‍රමුඛත්වය (Page Boost) ලබා දීම, 
 
✓ ඔබගේ My Store භාණ්ඩ වලට ප්‍රචාරණ ප්‍රමුඛත්වය (Product and Post Boost) ලබා දීම, 
 
✓ කුඩා හෝ මාධ්‍ය පරිමාණ ව්‍යාපාරික ඔබට කාලාම My Store තුල Customer Base සකස් කිරීමේ උපාංගයට අවසර ලැබීම, 
 
✓ කුඩා හෝ මාධ්‍ය පරිමාණ ව්‍යාපාරික ඔබට කාලාම My Store තුල විශේෂ ප්‍රධාර්ශන කුටියකට අවසර ලැබීම,  
 
 
ඔබ යම් දවසක ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් හෝ දැනටමත් ව්‍යාපාරිකයෙක් නම්, VIP Pass එකක් කියන්න ඔබට අත්‍යවශ්‍යම ඉතාම වැදගත් අංගයක්. 

ගැටළු ඇත්නම් මට inbox කරන්න. 

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය. 

#Dr_Adikari

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

 

Android APP එක මෙතැනින් බාගත කරන්න

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ කාලාමයට ඇතුල් වන්න. 

කාලාම FAQs 

 කාලාමයේ ලියාපදිංචි වෙන්නේ කොහොමද?

 කාලාමය යනු කුමක්ද?

 විශේෂ එක්දින ව්‍යාපාරික පුහුණු වැඩමුළුවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

 නොමිළේ ලබා දෙන "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාව කොහෙද තියන්නේ?

 කාලාම Android APP එක බාගත කරන්නේ කොහොමද?

 විමධ්‍යගත ආර්ථික සැලැස්ම කියන්නේ මොකක්ද?

 

මම ව්‍යාපාරිකයෙක්, 

 මම Online Shop එකක් හදන්නේ කොහොමද?

 මම මගේම Customer Base එකක් හදන්නේ කොහොමද?

 මගේ දැන්වීම් කාලාම Market එකට එකතු කරන්නේ කොහොමද?

 මට කාලාමයේ තියන විශේෂ ව්‍යාපාරික අවස්ථා මොනවද? (ව්‍යාපාරික අවස්ථා 25ක්)

 මට ස්ථාවර Customer Base එකක් සකස් කිරීම ගැන විශේෂ පුහුණුක් ලබා ගත හැකිද?

 Quick Login Here