විශ්වාසය සහ සැබෑ නියෝජිත දේශපාලනය


අද පක්ෂ අනුව බෙදිලා ඉන්න නිසා මේ දේ හරියට වෙන්නේ නැහැ. ඒ නිසාම හොරුන් බිහිවෙනවා. රටේ ආර්ථිකයත් පරිසරයත් ඔවුන්

 

 

 

 

ආයුබෝවන්,

අපි සැබෑ නියෝජිත දේශපාලනය කියන්නේ මොකක්ද කියල තේරුම් ගත යුතුයි. සම අදහස් සහ විශ්වාසය තමයි එතැනදී විශේෂ  වැදගත් කමක් ගන්නවා.

උදාහරණයක් විදිහට මම ඉදිරියේදී චන්දෙකට අවොත් එහිදී මම ඉදිරිපත් කරන සැලසුම් ජනතාව විසින් හොඳින් කියවලා බලන්න ඕනෑ. මගේ අධ්‍යාපනය ආදී පසුබිම බලන්න ඕනෑ. මගේ මතවාද අදහස් ආදිය බලන්න ඕනෑ.

අන් පක්ෂ සහ පුද්ගලයන් ගැනද එසේම බලන්න ඕනෑ වාද කරන්න තමා පමණයි හරි කියල ඔප්පු කරන්න නෙවේ.

ඔබගේ රට, ජාතිය, ආගම ගැන, අනාගතය ගැන අදහස් සහ සිතුම් පැතුම්වලට වඩාත්ම ගැලපෙන පුද්ගලය කවුද කියල තොරගැනීම සඳහා. පක්ෂ පාට අමතක කරලා ඔබගේ "විශ්වාසය පිහිටන" පුද්ගයා කවුද කියල හොයා ගැනීම සඳහා. එහෙම නොවෙන අයගෙන් ඔබට ප්‍රයෝජනයක් නැහැ. ඔවුන් එක්ක තර්ක කරලා කාලය නාස්ති කරන එකත් තේරුමක් නැහැ.

 

ඒ විදිහට බලල විශ්වාසය පිහිටන පුද්ගලයාට ඔබව නියෝජනය කරන අවස්ථාව දෙන්න. හොරුන්,දැනුමෙන් තොර අය, බාර් කරුවන්, පරිසර ඝාතකයන් ආදින් ප්‍රතික්ෂේප කරන්න කියලා මම ඔබට යෝජනා කරනවා.

නමුත් ඒක ඔබගේ තීරණය. ඔබගේ මතය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේදී වටින්නේ ඒ දේ. විනාශකාරී දෙයත් එකමයි. 

 

බුදුන්වහන්සේ ධාතු සමායෝගය කියල දහම් කොටසක් දේශනා කරලා තියනවා. ධර්ම කොටසේ අදහස සමාන අදහස් ඇති අය එකට එක් වෙනවා කියන එක. ඔවුන් සමග ඔබගේ "විශ්වාසය පිහිටනවා" කියන එක.

ඒ ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්. හොරෙක් උනත් වෙන්න පුළුවන්.  ගැන අපි වාද කරලා පලක් නැහැ. ඔබගේ කැමැත්ත සහ අදහස් තමයි ඔහු හෝ ඇය හරහා නියෝජනය වෙන්න ඕනෑ

 

ඒක තමයි සැබෑ නියෝජිත දේශපාලනය. එවිට රටේ සියලු පුද්ගලයන් නියෝජනය කරමින් පිරිසක් පාර්ලිමේන්තුවට එනවා. ඔවුන් දිහා බැලුවහම, රටේ මහජනයාගේ අදහස් පිළිබිඹු වේවි. රටේ මහා ජනයා හොරු නම්, සොරදෙටුවෙක් නායකත්වයට පත්වීම අහන්න දෙයක් නැහැ. 

රටේ බහුතර සිංහලයාට තම ජාතිය ගැන කැක්කුමක් නැත්නම්, ජාතිද්‍රෝහීන් පාර්ලිමේන්තුවට යන එකත් ජාතිකවාදී අපි වගේ අයට ඇපත් නැති වෙන එක අහන්න දෙයක් නැහැ. 

එකේ වරදකුත් නැහැ. බහුතර කැමැත්ත මත රාජ්‍ය පාලනය සිද්ද වෙන්න ඕනැ. නමුත්,....

"එසේ පාලකයන් පත්කරන ජනතාව තම දරුවන්ගේ අනාගතය තමයි ඒ තීරණය කරන්නේ කියල ඔබ දත යුතුයි. තමා වපුරන බීජවල අස්වැන්න තම දරු මුණුපුරන්ගේ ආහාර වන බව ඔබ දත යුතුයි." 

බොහෝ ජාතිකවාදී නොවන්නවුන්ට සම්බුද්ධ ශාසනය තවත් එක ආගමක් පමණයි. උගතුන් යයි කියාගත් විශේෂයෙන් නුතන විද්‍යාත්මක ක්‍රමය නුගතුන්, ඒ නොදත් විද්‍යාව මතින් සම්බුද්ධ ශාසනය විවරණය කිරීමට ගොස් තමාද තම ශ්‍රාවකයාද යන දෙන්නගෙම මෙලොව පරලොව නසා ගන්නවා. මේ කතාව ලොකු ගැඹුරක් තියන කතාවක්. වෙනම සාකච්චා කල යුතුයි.

එවැනි බහුතරයක් ඇති පාර්ලිමේන්තුවක් කෙසේ නම් සම්බුද්ධ ශාසනය මතු පරපුර වෙනුවෙන් රක්ෂා කරන්නද? සිංහල ජාතියේ දරු මුණුපුරන් කෙසේ නම් රකින්නද?

නමුත් ඒ අපේ කැමැත්ත නොවේ. ඔබේ කැමැත්ත. ඔබගේ තීරණය. ප්‍රජාතන්ත්‍රවාදය අගයන අප ඔබගේ ඒ තීන්දුවට හිස නැවිය යුතුයි. 

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari 

Enter with Facebook Login