කාලාමයේ ඉදිරි දියුණු කිරීම්


කාලාමය දියුණු කිරීමේ ඉදිරි පියවර කිහිපයක්.

ඉදිරියේදී අප කාලාමය හරහා කරන්න බලාපොරොත්තු වන දෑ කිහිපයක්,..

 


ඔබ තවමත් අපගේ මුලික ස්වෙච්චා කණ්ඩායමට එක්වී නැත්නම් මෙතැනින් අදම එක් වන්න: https://kaalama.org/read-blog/204

 

1. සිංහල වෙළඳ සැල් එක් ජාලයකට ගැනීම සහ තොග භාණ්ඩ සාධාරණ මිලට ලබා දීමේ ක්‍රමවේදයක් කාලාමය හරහා ගොඩ නැගීම

රජය මේ සම්බන්ධව කටයුතු කරන තෙක් බලා නොසිට අපටම සරල දත්ත පද්දතියක් හාරහා සිංහල ව්‍යාපාරිකයන්ට සාධාරණ මිලට භාණ්ඩ ලබා ගැනීමේ ක්‍රමයක් සකස් කල හැකිය. ඒ අනුව අහවලුන්ගේ වෙළඳ සිංහල මාෆියාව වෙනුවට සිංහල ව්‍යාපාරික ප්‍රජාව ශක්තිමත් කර තරඟකාරිත්වය මත සාධාරණ මිල ගණන් ස්ථාප්ත කල හැකිය.

නව ව්‍යාපාරිකයන්ට පහසුවේ තොග භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාවද මේ හරහා උදා වේ. 

පැරණි ව්‍යාපාරිකයන්ටද සාධාරණ තොග මිලක් සහ සියලු දෙනාම එකඟ වූ විකුණුම් මිලක් මේ හරහා ලැබෙන බැවින් තම ව්‍යාපාරය ස්ථාවරව ගෙන යා හැකිවනු ඇත. 

මේ සඳහා ඔබට දැනට කල හැක්කේ පහත අන්දමින් අපිට එක් වී ඉහත පළමු අදියර දියත් කිරීම සඳහා උදව් කිරීමයි. 

 

2. කෘෂි නිෂ්පාදකයන් සහ වෙනත් දේශීය නිෂ්පාදකයන් බිහි කිරීම සහ ඔවුනට දේශීය සහ විදේශීය වෙළඳපොළ සොයා දීම 

විමධ්‍යගත ආර්ථික සැලසුම : kaalama.org/read-blog/3

එම සැලසුමේ අංක 17 අනුව රාජ්‍ය මට්ටමේ කල යුත්ත අපි කාලාමය හරහා පෞද්ගලික අංශයෙන් කරවා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කරනවා. ඉහත සැලසුම තරම්ම සාර්ථක නොවුවත්, මේ හරහා අපිට රට වෙනුවෙනුත් ජාතිය වෙනුවෙනුත් විශාල සේවයක් කල හැකි වෙනවා. 


කාලාමය එක් අංගයක් තමයි සිංහල රටේ භාණ්ඩ - Made in Ceylon - online වෙළඳ ප්‍රදර්ශනයක් විදිහට විදේශිකයන්ට ඉදිරිපත් කිරීම. විශේෂයෙන් කුඩා පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉදිරිපත් වෙන්න ඕනෑ.

කාලාමයත් අපි පොඩියට පටන් අරන් ඉදිරියට යන්නේ. කළබල නැතිව නිසි ඉලක්කයට.

ඒ තමයි 2030 වෙන විට සුද්දන්ට Made in Ceylon භාණ්ඩ විකුණන සිංහලයන් 10,000ක් හදන්න එක.

ඔවුන් අතරමැදියෝ අවම කරලා කෙලින්ම තොග සහ සිල්ලර විදිහට විදේශීය ගැනුම්කරුවන්ට විකුණන කොට මුදල් යන්නේ අපේ කුඩා සිංහල ව්‍යාපාරිකයින්ට. සිංහල රටට විදේශ විණිමය. 

ඒ හැමදෙනාටම අද ඉඳන් පොඩියට පටන් අරන් 2030 දක්වා දියුණු වෙන්න පුළුවන්.

Made in Ceylon මෙහෙයුමට ඔබ සුදානම් ද? එහෙම නම් කාලාම Store එකක් අදම අරඹන්න. ඉසේල්ලම දේශීය වෙළඳපොලෙන් පටන් ගන්න. ඊළඟට අපි ඉදිරියට යමු. 

 

3. අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම 

මෙහිදී අපි අපේ සේවය නිවසේ සිටම පිටරට වලට ලබාදෙනවා.

ලිවිම, Software Development, App Development, Graphic Design, CAD Drafting, Logo Design, Copywriting, T-shirt Designing, Web Building, Call Center Operations, Tutoring, ආදී විශාල සේවා ප්‍රමාණයක් කාලාමවරුන්ට නිවසේ සිටම පිටරට වලට ලබාදීමේ හැකියාවතියනවා.

අපි ඉහත කී වැඩ කටයුතු අවසානකළාට පස්සේ මේ  අදියර නිමකරන්න බලාපොරොත්තු වන්නෙමු. ඒ හරහා දැනුම ඇතිසිංහලයන්ට  විශාල අදායමක් නිවසේ සිටම ඉපයිය හැකි බවයි අපගේ අදහස. 

4. Cut ගෙවීමක් නැතිව ගෘහ ආශ්‍රිත අලුත්වැඩියා කිරීමේ සේවා සපයන්නවුන් ජාලගත කිරීම

අප බොහෝ දෙනාට, විශේෂයෙන් නගරබද, ගෙදර ආශ්‍රිත යම් නඩත්තු කටයුතු සඳහා විශ්වාසවන්තව සහ සාධාරණ මිලට සේවාව සපයන පිරිස් සොයා ගැනීම ඉතාම අපහසුයි. 
එම ගැටලුව අවම කිරීමට අපි කාලාම ජාලය තුලට එවැනි සේවාව සපයන අය ඉදිරියේදී එක් කරනවා. 

එවිට ඔබට ඔබ අයිති කාලාම ජාලය තුලින්ම සුදුසු සේවා සපයන්නවුන් පහසුවෙන් සොයා ගත හැකි වනු ඇත. 

 

5. අපගේ ජාලය තුල සිටින සියලුම ව්‍යාපාරිකයන්ට App එකක් ලබා දීම 

ඔවුන්ට ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව තම පාරිබෝගිකයන් හා සම්භන්ද වීමටත් සේවා සැපයීමටත් අවශ්‍ය පසුබිම මේ සඳහා සැකසෙනු ඇත. ඒ වගේම තමන්ගේම software හදන්න යන කාලයත් මුදලත් ඉතිරි වෙනු ඇත. සියුම කුඩා ව්‍යාපාරිකයන්ට මෙම සේවාව නොමිලේ ලබා දීමේ හැකියාව අපිට තියනවා.  

 

6. සාමුහික ආයෝජන සොයා ගැනීමේ සහාය

Crowd Funding ලෙස හඳුන්වන සංකල්පය අපට තරමක් අලුත්. නමුත් හරහා කුඩා පරිමාණ දක්ෂ ව්‍යවසායකයන් ඉදිරියට ගැනීම සඳහා එය ඉතාම වැදගත් සංකල්පයක්. 

එහිදී සිදුවන්නේ කාලාමය තුල ඇති ඔබගේ ජාලය තුලින් ඔබගේ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා අවශ්‍ය ආයෝජනය සොයා ගැනීම. ඔබගේ ජාලයේ 10,000ක් දෙනා සිටී නම්, ඔවුන්ගෙන් 5,000ක් දෙනා රු.100/- බැගින් ඔබගේ ව්‍යාපාරයට ආයෝජනය කල හොත් ඔබට රු.500,000ක් ලැබේනවා. 

කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්න හෝ දියුණු කරන්න එය ඉතාම හොඳ ක්‍රමයක්. නමුත් එවැනි ආයෝජන ක්‍රම ස්ථාපිත කිරීම සාමාන්‍ය කෙනෙකුට ඉතාම අපහසු දෙයක්. 

අපි කලාමය හරහා ඒ දේ ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. 

 

7. Cut ගෙවීමක් නැතිව Taxi සේවා සහ Food Delivery සේවා සපයන්නවුන්ට අවස්ථා විවර කර දීම. 

 

8. ප්‍රාදේශීය කාලාම ජාලා තුල රැකියා බැංකු ක්‍රමයක් හරහා එම අවස්ථා සුදුස්සන් අතර බෙදා දීම 

 

9. නොමිලේ ව්‍යාපාරික උපදේශන සේවා කාලාමය හරහා ලබාදීම

 

10. නොමිලේ රැකියා සොයාගැනීමේ සහ උසස් වීම් ලබාගැනීමේ උපදේශන සේවා කාලාමය හරහා ලබාදීම

 

11. ප්‍රදේශ අතරේ ආහාර ද්‍රව්‍ය ප්‍රමුඛ භාණ්ඩ තොග දත්ත රැස් කර අවශ්‍ය පරිදි බෙදා හැරීමේ කටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කිරීම 

 

 

ලියමින්,.... 


ඔබ තවමත් අපගේ මුලික ස්වෙච්චා කණ්ඩායමට එක්වී නැත්නම් මෙතැනින් අදම එක් වන්න: https://kaalama.org/read-blog/204


තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari