⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්.
⇨ ව්‍යාපාරික අදහස් 02: එළකිරි නිවසටම
මේ අදහස හරියට ක්‍රියාත්මක කලොත් මාසෙකට රු. 50,000 ට වැඩි Part Time අදායමක් උපයන්න පුළුවන්.
ආයුබෝවන්,
ඉස්සෙල්ලම ඔබ අප කරගෙන යන "සිංහල අන්තර්ජාලය ව්‍යවසායකයන් සහ සාමාන්‍ය ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය (Android App)" ගැන දැනුවද?
නැත්නම් ඒ ගැනත් මෙතනින් කියවන්න. මේ කතා කරන මාතෘකාව නිවැරදිව තේරුම් ගන්න ඒක ඉතාම වැදගත්: https://kaalama.org/read-blog/204
අපේ උන්ගේ වැරදි ගොඩක් තියනවා, ඒක මම දන්නවා. තුවාලයක් නැවත නැවත පාරනවා වගේ ඒවා කතා කර කර ඉඳල පලක් නැහැ. අපි ඒ දේවල් නිවැරදි කරන්න උත්සහයක් දරමු.
කාලාම හරහා අපි කරන්නේ එක. ඒ සඳහා අපේ ස්වෙච්චා කණ්ඩායමට එකතු වෙලා අපිට උදව් කරන්න.
අපි කාලාමයේ ඉදිරියට කරන්න හිතාගෙන සිටි දිගුවක් දැන්ම ආරම්භ කරන්න හිතුව. ඒ තමයි ගෘහ ආශ්‍රිත සිංහල සේවා සපයන්නන් බිහි කිරීම සහ අපගේ ජලයට එක් කිරීම.
කොරෝනා ව්‍යසනය නිසා ඉදිරි කාලයේදී ව්‍යාපාර වලට ආයෝජනය පරිස්සමින් කරන්න ඕනැ. රැකියා අහිමි වීම, ව්‍යාපාර වැසීයාම, පවුල් සංස්ථා දෙදරා යාම ආදිය නිසා බොහෝ ගැටළු ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. එනිසාම තමයි මේ අංගය අපි ඉක්මනින් පටන්ගන්න හිතුවේ.
කුඩා ආයෝජනයකින් හෝ ආයෝජනයක් නැතිව ආරම්භ කරන්න
මේ අදහසේ විශේෂ වාසිය තමයි, ඉතාම කුඩා ආයෝජනයක් හෝ ආයෝජනයක් නැතිව තම දැනුමෙන් සහ කාලයෙන් පමණක් ආරම්භ කරන්න පුළුවන් වීම.
මේ සඳහා විවිධ අංශ වලින් ඔබට ආරම්භ කරන්න පුළුවන්. උදාහරණ විදිහට,..
- ගෙදර පරිඝනක සහ network ගැටළු විසඳීම
- ජංගම දුරකථන අලුත්වැඩියාව
- ගෙදර දොරේ කැඩෙන විදුලි පරිපථ හැදීම
- ජාල නල ගැටළු විසඳීම
- ගෙවත්ත පිරිසිදු කිරීම
- ගෙවත්තේ තණකොළ කැපීම
- තීන්ත අලේප කිරීම
- වාහන සෑදීම
- කුඩා මේසන් වැඩ
මේ වගේ දෙකට ඔබ දක්ෂ නම් ඔබට විශාල ව්‍යාපාරික අවස්ථාවක් ලැබෙනවා.
ව්‍යාපාරයක් කියල හිතුවට අලුත්වැඩියා කිරීමේ සේවයක් කියල කියන්නේ කෙනෙකුට ජිවනොපයක්, කෙනෙකුට සතියට පැය කිහිපයක විනෝදාංශයක්. ඔබගේ කැමැත්ත මත ඒක තීරණය කරන්න.
නමුත් ලොකුකම් පැත්තක තියන්න. තනිව දෙයක් කරන්න උත්සාහ කරන කෙනෙක් තරම් රැකියාවක් කරන කෙනෙක් "පොෂ්" වෙන්නේ නැහැ. තම ශක්තියෙන් නැගී සිටින පුරුෂයා හැමවිටම ශ්‍රේෂ්ඨයි. ඒක මතක තියා ගන්න.
කොහොමද ආරම්භ කරන්නේ?
ඉස්සෙල්ලම ඔබට නිවැරදිව කරන්න පුළුවන් දේ තොර ගන්න. ඊට පස්සේ ඒ ගැන වැඩි දුර කරුණු හොයන්න ඕනැ නම් google හරහා හොයල තවත් දැනුවත් වෙන්න. ඊටපස්සේ යාලුවෙකුට කියල ඔබගේ සේවය ගැන ලස්සන දැන්වීමක් හදා ගන්න. අද කලේ හැටියට WhatsApp / Viber සහිත අංකයක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා.
ලැබෙන ඇමතුම් අනුව ඔබට ගිහින් ඔබේ සේවය ලබා දෙන්න තියන්නේ. ඒ සඳහා සාධාරණ අයකිරීමක් කරන්න පුළුවන්.
ඒ වගේම මතක තියාගන්න තම පාරිභෝගිකයන්ට ප්‍රිය වචනයෙන් කතා කරන්නත් ගෞරව කරන්නත්. ඒ කරුණු ගැන මම ලිපි පෙළක් කාලාමය තුල ලියාගෙන යනවා. ඒවා කියවල තමන්ගේ දක්ෂතා පද්දතිය දියුණු කර ගන්න. ඒ මත තමයි ඔබේ ව්‍යාපාරික අනාගතය තිරණය වෙන්නේ.
ඒ වගේම මතක තියාගන්න, ඔබ පොරොන්දු වෙන සේවය හරියට ලබා දෙන්න ඔබට හැකියාව තියෙන්න ඕනැ. නැත්නම් බොරුකාරයෙක් වෙන්න වෙනවා.
ඊට පස්සේ අපිට කරන්න තියන්නේ ඒ ගැන ඔබගේ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරන එක. ඒක කරන්නේ කොහොමද?
ඒ සඳහා තමයි අපි කාලාම 346 Technique එක ඔබට හඳුන්වා දෙන්නේ. ඒ ක්‍රමය අනුගමනය කරලා ඔබගේම ස්ථාවර Customer Base එකක් හදා ගන්න.
ඒ ලිපියේ භාණ්ඩ ගැන වැඩිය කතා කළාට උඩ කී සේවයටත් ඒ ක්‍රමය ඒ විදිහටම අදාලයි. ඒ අනුව ඔබට වැටෙන්නේ නැති ව්‍යාපාරයක් ගෙදර ඉඳලම ගොඩ නගන්න පුළුවන්.
346 Technique එක මෙතැනින් ඉගෙන ගන්න.
මේ තියන්නේ අපේම උදාහරණයක්: කාලාම අපි අවන්හල.
ගැටළු තියනවා නම් මට මෙතැනින් inbox කරන්න.
තෙරුවන් සරණයි!
ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.