ව්‍යාපාරික අදහස් 09: දරුවන් සඳහා විජලනය කල පළතුරු


ඔබ ගමක හැදුන වැඩුන කෙනෙක් නම් දන්නවා අපි පොඩි කලේ ඉදිච්ච අමු කියල නැතිව මොන තරම් පළතුරු ගස් වලින්ම නැගල පොලු ගහල කඩා ගෙන කෑවද කියල.

 "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්.

⇦ ව්‍යාපාරික අදහස් 08: අද මම එංගලන්තයේ ජිවත් වන සිංහල තරුණියකට කතා කලා,..

 

ආයුබෝවන්,

ඔබ ගමක හැදුන වැඩුන කෙනෙක් නම් දන්නවා අපි පොඩි කලේ ඉදිච්ච අමු කියල නැතිව මොන තරම් පළතුරු ගස් වලින්ම නැගල පොලු ගහල කඩා ගෙන කෑවද කියල.   

ඔබ ඒ අත්දැකීම් තියන කෙනෙක් නම් දැනටම මුහුණට මද සිනහවක් ඇවිත් ඇති.

අපි පොඩි කාලේ නම් අඹ, ජම්බු, කෝන්, වෙරළු, ඇඹරැල්ලා, කජු පුහුලන් වගේ පළතුරු විතරක් නෙවේ වත්තේ තිබුන පොඩි ගස්වල කුරුම්බත් කැඩුව. අපේ අත්තල අත්තම්මලා ආදරය වැඩිකම නිසාම මුකුත් කිව්වේ නැහැ නැත්නම් අපි කලේ ගුටිත් කන්න ඕනෑ වැඩ. විශේෂයෙන්ම පොල් වත්තක පොඩි ගස්වල  කුරුම්බා කැඩීම ඉතාම නරක පුරුද්දක්.   

ඒ කතා කොහොම වුනත් අද කාලේ තත්වය නම් ඉතාම ඛදනියයි. ඉස්කෝලේ ඇරිලා එන දරුවෝ අපි වගේ නෙවේ, කන්නේ ටොෆි, චොක්ලට්, අයිස් ක්‍රීම් වගේ සීනි අධික, කෘතීම දේවල් පුළුවන් තරම් දාල රසකරලා, අවුරුදු ගණන් කල් තබා ගන්නත් ඒ වගේම කෘතීම දේවල් දාපු ආහාර. බොන්නෙත් තැඹිලි කුරුම්බා වෙනුවට අහිතකර කෘතීම බිම වර්ග. ඒ මදිවට ඇතැම් අම්මල කන්න දෙන්නෙත් සුප් කැට වගේ දේවල් දාල හදන ක්ෂණික දේවල්. 

සෞඛ්‍ය සම්පන්න සුන්දර ආහාර රටාවක් තුබුන අපේ සිංහල රටට වෙච්ච දෙයක්,... ඒ ගැන කතා කරන්න ගියොත් මාතෘකාවෙන් පිට යන්න වෙනවා. 

 

හොඳයි, මේ අවාසනාවන්ත කතාව අනුව වෙළඳපොල තුල අපිට අවස්ථාවක් මතු වෙනවා. අවස්ථාවාදී වීමක් කියල හිතන්න එපා, ඉල්ලුමක් හඳුනාගෙන සමාජයට හොඳ සේවයක් ලබා දීමක්. 

 

වෙළඳපොල අවශ්‍යතාවය, 

මම වගේ ගමෙන් ආපු බොහෝ දෙමව්පියන් අද නාගරිකව ජිවත් වෙනවා. ඔවුන්ගේ දරුවන් උඩ කී විදිහට "ජරාව' කනවට ඒ දෙමව්පියෝ පොඩ්ඩක් වත් සතුටු නැහැ. "අපි පොඩිකාලේ නම්,.. " කියල නිතරම පටන් ගන්න තමයි කැමති. නමුත් දරුවන්ට ඒ "ජරාව" වෙනුවට දෙන්න දෙයක් වෙළඳපොලේ ඇත්තෙත් නැහැ.

එකී "ජරාවම" වෙළඳ දැන්වීම් වලින් උස්සල දරුවන්ගේ ඔලුව අවුල් කිරීම තමයි දවස දවස සිද්ද වෙන්නේ. 

මේ ජරාව වෙනුවට විකල්පයක් නැත්ද?   

මම යෝජනා කරන්නේ ඔබ විශේෂයෙන්ම ටොෆි චොක්ලට් වලට ස්වභාවික ආදේශකයක් විදිහට ඉලක්ක කරලා ඒ "බර සහ මිල" සුදුසු විදිහට ගලපල විජලනය කල අන්නාසි, කෙසෙල්, ගස්ලබු, අඹරැල්ල වගේ පළතුරුවලට ලුණු, ගම්මිරිස්, පැණි, සිනි වගේ එකතු කරලා නිෂ්පාදන වෙළඳපලට ඉදිරිපත් කරන්න කියල. 

මෙහිදී ඇසුරුම්කාරණයත් ඒ ආදේශක නිෂ්පාදනවලට කරට කර නිර්මාණය වෙන්න ඕනෑ. 20g, 40g වගේ කුඩා ඇසුරුම් සකස් වෙන්නත් ඕනෑ. 

ස්වභාවික රසය වගේම දරුවන් කැමති රසයෙන් යුක්ත වෙන්නත් ඕනෑ. මතක තියා ගන්න, දරුවෝ ඉල්ලන්නේ රසය. එනිසා ඔබගේ නිෂ්පාදන රසවත් වෙන්න ඕනෑ. 

පළතුරු විතරක් නෙවේ, ඔබ නිර්මාණශීලි නම් එළවළුත් මේ වැඩේට ඉතාම සුදුසුයි.

 

අපේ රටට අලුත් වුනාට, මේ අදහස ලෝකෙට අලුත් දෙයක් නෙවේ. දැනටම දියුණු රටවල වෙළඳපොළේ Healthy Snacks කියල හොඳින් කරගෙන යනවා. හොඳ වෙළඳපොළක් තියනවා. 
ලෝකේ ඉස්සරහට යනකොට අපි බලාගෙන හිටිය හොඳටම ඇති, අපිත් අදම පටන් ගමු.   

 

විදේශීය වෙළඳපොල 

උඩ කී දරුවන්ගේ ආහාර රටාව ගැන ගැටලුව තියන්නේ අපිට විතරක් නෙවේ. ඇත්තටම දිනකට ලැබිය යුතු පළතුරු ප්‍රමාණය දරුවන්ට නොලැබීම බොහෝ දියුණු රටවල විසඳමින් ඉන්න ප්‍රශ්නයක්. Daily Fruit and Vegetable Intake කියල බොහෝ විට ඒ ගැන ඔවුන් කතා කරනවා. 

Healthy Snacks වෙළඳපොල කියල වෙළඳපොළක් ඒ සඳහා මේ වෙද්දීත් හැදිලා ඉවරයි. 

එනිසා අපි සිංහල රටේ හොඳ වෙළඳ නාමයක් හදා ගත්තොත් දෙවනුව ඒ ඒ රට වලට අපනයනය කරන්න ඔබටත් අපහසු නැහැ. නමුත් ඉස්සෙල්ල දේශීය සන්නාමයක් හදල ඉන්න ඕනෑ (A Local Brand). 

අපි රටක් විදිහට දක්ෂ වුනොත් ලෝකෙම Healthy Snacks වෙළඳපොල අපිට බාර ගන්න හොඳටම අවස්ථාව තියනවා. ඒ හරහා අපිට "Ceylon Tea" වගේ ප්‍රභල සන්නමයක් අපේ රට වෙනුවෙන් හදන්න පවා පුළුවන්. 

මේවා හීන කියල හිතන්න එපා, අපි එකතු වුනොත් කිසි සේත්ම හීන නෙවේ. නමුත් මට තනිව නම් මේ එච්චර දෙයක් කරන්න බැහැ. ඔබගේ හෝ රජයේ සහාය අවශ්‍යම වෙනවා. 

 

පහුගිය කාලයේ සිංහල රටේ 1kg ක පමණ ගස්ලබු විජලනය කරලා ඇසුරුම් කලාට පස්සේ ලැබෙන ඒ අවසාන නිමි නිෂ්පාදනය එංගලන්තයේ රු. 5,500/- ට පමණ ebay හරහා විකිණෙන බව මම දැක්ක. ඒ සඳහා නිෂ්පාදන වියදම රු. 300/- කට වඩා වෙන්නේ නැහැ. 

එනිසා අපි රටක් විදිහට හරි සැලසුමකට වැඩ කලොත් මොනතරම් විදේශ විණිමයක් රටට ගෙන්න පුලුවන්ද? අපිට තියන මේ සම්පත් සහ අවස්ථා එක්ක බලන කොට රටේ ඉඩම් පරයන්ට විකුනන්න මේ සිංහල රටට කිසිම උවමනාවක් නැහැ. 

ඉතින් දැන්ම පටන් ගම්මු. ගෙදරින්ම පොඩියට පටන් ගම්මු. 

  

කොහොමද වෙළඳපොල සකස් කර ගන්නේ?   

අපිත් එක්ක 346 Technique එක භාවිතා කරන්න. ඔබ දන්නවද අපේ සමහර සාමාජිකයන් දවසට පැය 8 විතර ඒ වෙනුවෙන් යොදවනවා.  

ඒ විදිහට කාලාම ගූගල් සහ මුහුනුපොත තුනම එකතු වුනහම වෙළඳපොල සකස් කරන්න අමාරු නැහැ. 

මේ ක්‍රමය ගැන මම මෙතැන විස්තර කරන්න යන්නේ නැහැ. උඩ ලිපිය හොඳින් කියවන්න (346 Technique ). ඊට පස්සේ මට කියන්න, වෙලාව තියන විදිහට මම උදව් කරනවා. 

 

මේ තියන්නේ අපේම උදාහරණයක්:  කාලාම අපි අවන්හල

ගැටළු තියනවා නම් මට මෙතැනින් inbox කරන්න

 

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.

සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
Enter with Facebook Login