ව්‍යාපාරික අදහස් 02: එළකිරි නිවසටම


මාව දන්න ඇතැම් අය මේ අදහස් ගැන සමහරවිට අසතුටු ඇති. ඔවුන් සාමාන්‍යයෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ නවීන,..

 "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්.

⇦ ව්‍යාපාරික අදහස් 01: ගෘහ ආශ්‍රිත අලුත්වැඩියා කිරීමේ සේවා සැපයීම සහ ඔවුන් ජාලගත කිරීම

⇨ ව්‍යාපාරික අදහස් 03: ගෙදර සිටම Home Delivery ව්‍යාපාරයක් ආරම්භ කරමු.

  

ආයුබෝවන්,

මාව දන්න ඇතැම් අය මේ අදහස් ගැන සමහරවිට අසතුටු ඇති. ඔවුන් සාමාන්‍යයෙන් මගෙන්  බලාපොරොත්තු වෙන්නේ නවීන මාධ්‍ය පරිමාණ ව්‍යාපාරික අදහස්. මේවා පරණ වැඩි කියලා ඔවුන්ට හිතෙන්න පුළුවන්. 

නමුත් ඇත්ත කතාව මේවා තමයි නුතන නවීනතම ව්‍යාපාරික අදහස්. ඇයි මම එහෙම කියන්නේ? 

දැන් ලෝකයේ ගැනුම්කරුවන් නැවත පැමිණෙමින් ඉන්නේ ස්වභාවික නිෂ්පාදන පැත්තට. කෘතීම “පොෂ්” යයි කියලා සුද්දාගෙන් ගත්ත දේවල් දැන් සුද්දගේ ඉඳලම ටිකෙන් ටික ප්‍රතික්ෂේප කරගෙන යනවා. මතුවෙමින් පවතින වෙළඳපොල (emerging markets) දැන් ඒ දෙසට හැරෙමින් තියනවා. 

කොරනා ව්‍යසනය ඒ ගමන නිසැකවම වේගවත් කරනවා. 

එනිසා අපි ඉක්මන් උනොත් මම මේ කියන අදහස් ගෙදරින් පටන් ගත්තට ලෝක වෙළඳපොළ දක්වා දියුණු කරන්න පුළුවන්. 

ඔබට අපේ අක්කා ගෙදර ඉඳන් ඇඳුම් මහනවා කිව්වහම මොකක්ද හිතෙන්නේ? පොෂ් මදි වගේද? 

MAS හරි Brandix හරි කිව්වොත්? මාර පොෂ් නේද?

ගමේ රෙදි අපුල්ලන පුද්ගලයා දෙස අවඥාවෙන් බලන මිනිස්සු ලෝකෙම රෙදි හෝදන ආයතනවලට නොවැඳ වඳිනවා. 

මේ තමයි අපේ ආකල්ප ප්‍රශ්නය. හොඳට හිතලා බලන්න අර කිව්වා අක්කත් ඒ පොෂ් ආයතනත් කරන්නේ එකම වැඩේ? ඒ පොෂ් අය පටන් ගත්තෙත් ඒ අක්කා වගේම පොඩියට. 

එහෙනම් ඒ පොෂ් ප්‍රශ්නේ තියන්නේ ඇගේද? ඔබේ ඔලුවේද? 

මේ එකම ව්‍යාපාරයේ අවස්ථා දෙකක්, බීජ අවස්ථාව සහ මහා පරිමාණ අවස්ථාව. ඒ දෙකම අපේ පින් බිමට වටිනා සම්පත්. 

මෙවැනි විකාර ආකල්ප වෙනස් කර නොගන්න කම්, මහන්තත්ත කම් බිම නොතියන කම් පුර්වේ මහා කුසල විපාකයක් නොතිබ්බොත් ව්‍යාපාරයක් නම් ඔබට හරියන්නේ නැහැ. 

හොඳයි,... 

අපි ව්‍යාපාරයක් කුඩාවට පටන් ගන්න එක හරිම ස්වාභාවිකයි ඒ වගේම සාර්ථකයි. මහා නුග ගහක් වුනත් හැදෙන්නේ ඒ විදිහට.

ඒ වගේම ඒ කුඩා මට්ටමේ ප්‍රශ්න විසඳන ඔබට තමන්ගේ ධාරිතාවය, දක්ෂතා පද්ධතිය ආදී තමා ගැනම වන කරුණු ක්‍රමයෙන් අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. 

හරියට ආර්ය මාර්ගයේ සතිමත්ව ගමන් කරන යෝගවචරයෙක් වගේ. ඔබත් ඒ වගේම අනුන්ගේ වැරදි වෙනුවට තමන්ගේ වැරදි හොයාගනිමින් තමයි ඒ ව්‍යාපාරික ගමන යන්නේ. 

ඒ දේ ඉතාම වැදගත්. 

තම වැරදි හොයල නිවැරදි කරගන්න පුද්ගලයා පෞද්ගලික, ආර්ය හෝ ව්‍යාපාරික ඕනෑම මාර්ගයක සාර්ථකව ඉදිරියට ගමන් කරන්න සුදුස්සෙක් වෙනවා. අනුන්ගේ වැරදි හොයන පුද්ගලයා මෙලොව පරලොව වශයෙන් එතැනම නවතිනවා. 

එළකිරි නිවසටම ලබා දෙන ව්‍යාපාරය ඔබට ගෙදරින්ම පටන් ගන්න පුළුවන් ලාබදායක ව්‍යාපාරයක්. 

ඔබට කිරි ගොවියෙකුගෙන් ගන්න පුළුවන් නම් කිරි ලීටරයකින් රු. 20-30ක පමණ ලාබයක් ලබන්න පුළුවන්. 

දවසට ගෙවල් 100 ක් ආවරණය කලොත් රු 2,500 ක පමණ අදායමක් ලබන්න අමාරු නැහැ. 

ගමින් කිරි අරගෙන ආසන්න නගරයේ ගෙවල් 200 ක් පමණ මේ සඳහා ඔබට හොයා ගන්න වෙනවා. ඒ සඳහා කැපවීම අවශ්‍යයි. නමුත් ඒ හොයාගන්න ගෙවල් 200 ඔබගේ සම්පතක්. පසු කලෙක කිරි වලට අමතරව වෙනත් දෑ පවා ඔවුන්ට හඳුන්වා දෙන්න ඔබට පුළුවන්. 

ඒ වගේම ඔබ නගරබද කෙනෙක් නම් අඹේවෙල කොත්මලේ වගේ ආයතනයක් කිරි නිවසටම බෙදා දීම කරන්න පුළුවන්. 

 

ඔබට මේ ගැන උනන්දුවක් තියනවා නම් අදම මේ ගැන තොරතුරු හොයන්න පටන් ගන්න. ඔබගේ ව්‍යාපාරය කවුරුවත් ඔබගේ දෙපා ලඟට ගෙනත් දෙන්නේ නැහැ, ඔබම ඒ ගැන ක්‍රියාත්මක විය යුතුයි. 

 

මේ ක්‍රමය තුල අපිට ඉතාම වැදගත් සංකල්පයක් මතු වෙනවා. ඒ තමයි ගෙවල් 200 යේ සංකල්පය. ඔබ එවැනි පසුබිමක් හදා ගත්තොත් ඔබට ඒ නිවාස වලට තවත් බොහෝ දේ විකුණන්න පුළුවන්. ඒ හරහා ඔබගේ මාසික අදායම දෙතුන් ගුණයක් වැඩි කරන්න අපහසු නැහැ.

ඒ ඔස්සේ හිතන්න. එළකිරි වෙනුවට වෙනත් දේකින් උනත් ඔබට ආරම්භ කරන්න පුළුවන්. නමුත් ඒ පදනම දා ගන්න එක තමයි අපහසු. 

ඒ සඳහා අපිට කාලාමය හරහා උදව් කරන්න පුළුවන්. දැන්ම ලියාපදිංචි වෙලා ඔබගේ ප්‍රදේශයේ ජාලය හදන්න උදව් කරන්න. ඒ ජාලය තුල අපි ඔබගේ ව්‍යාපාරය ගැන දැනුවත් කරලා අවශ්‍ය පදනම හදල දෙනවා. 

ඒ වගේම ඔබ නවීන පන්නයට කැමති කෙනෙක් නම් ලස්සනටඇඳලා ව්‍යායාමය සඳහා පාපැදියකින් කිරි ව්‍යාපාරය සමග දවස ආරම්භ කරන්න.

ඒ මගින් පරිසරය ආරක්ෂා වෙනවා, තෙල් වියදම ඉතිරි වෙනවා, ශරීරය ලස්සන වෙනවා, ජීවිතය නිරෝගිමත් වෙනවා, රෝගභාද වලට යන වියදම් අඩු වෙනවා, ප්‍රදේශයේ ජනතාවට කිරි සමග ඔබව උදේම දැකල දවසම සෞභාග්‍යමත් වෙනවා. එක ගලෙන් කුරුල්ලෝ කී දෙනෙක්ද? 

මේ විදිහට දවස ආරම්භ කරන ඔබගේ චායාරූප ඔබගේ කාලාම ජාලය තුල ප්‍රචාරය කරන විට ඔබට වැඩි වැඩියෙන් ජාලය තුල නමක් හැදෙනවා. මතක තියාගන්න කාලාම ජාලය වෙළඳ ජාලයක්, ඒ තුල ඉන්න අය මිලදී ගන්න සුදානමින් තමයි එතැන ඉන්නේ. FB වගේ නෙවෙයි, කාලාමය කියන්නේ ඔබගේ වෙළඳ ජාලය. 

මේ විදිහට සාර්ථකව කලොත් අපි කාලාමය තුල ඔබව ඔසවා තබනවා. ඒ වගේම එකම වර්ගයේ ව්‍යාපාරිකයෝ අනවශ්‍ය ලෙස කාලාමය තුල බිහි වෙන්නේ නැති විදිහට අපි ජාලය හදන්නේ. ඒ නිසා ඔබට අනවශ්‍ය තරගයක් ඇති වෙන්නේ නැහැ. නමුත් රටේ අනිත් ව්‍යාපාර තියන නිසා ඔබට තරඟකාරීබවක්  නැතිව නොවේ. 

 

ඉතින් එහෙම ව්‍යාපාරය ඔබ දියුණු කරගත් විට, කිහිප දෙනෙකුට රැකියා ලබා දීල ඔබට ව්‍යාපාර දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපිට අවශ්‍යත් රට ජාතිය වෙනුවෙන් එවැනි මිනිසුන් බිහිවෙනවා බලන්න. 

නමුත් ඒක රඳා පවතින්නේ සම්පුර්ණයෙන්ම ඔබම මතම පමණයි. අදම ඒ දීර්ඝ ගමන ආරම්භ කරන්න. 

 

මේ තියන්නේ අපේම උදාහරණයක්:  කාලාම අපි අවන්හල

ගැටළු තියනවා නම් මට මෙතැනින් inbox කරන්න

 

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.

සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.