"If you are looking for Business Ideas to start in Sri Lanka, you are at the right place.
Here in Kaalama, I would like to offer you with many business ideas that can be started easily together with the knowledge and skills that you would require to start a small business. Please keep reading."
⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්.
⇦ ව්‍යාපාරික අදහස් 02: එළකිරි නිවසටම
⇨ ව්‍යාපාරික අදහස් 04: තම පරිභෝජනය සඳහා 20*10 කාබනික එළවලු වගාව
ආයුබෝවන්,
ඔබ ව්‍යාපාරයක් කරන්න කැමති කෙනෙක් නම් ඉස්සෙල්ලම මා විසින් මේ අඩවියේ පළ කරලා තියන වීඩියෝ සහ ලිපි පෙල කියවන්න. ඔබට විශේෂයෙන්ම ව්‍යාපාරිකයෙකු සතුවිය යුතු දක්ෂතා පද්දතිය ක්‍රමයෙන් දියුණු කරන්න වෙනවා. නැත්නම් ඔබගේ ව්‍යාපාරික ගමන අතරමග අතරමං වෙන්න බොහෝ ඉඩ තියනවා.
බොහෝ ව්‍යාපාරිකයෝ මුල් කාලෙදිම විනාශ වෙන්නේ ඒ දක්ෂතා දියුණු කර ගන්නේ නැතිව ව්‍යාපාරවලට මුදල් යොදවල. නමුත් ගොඩ ඉඳල පීනන්න ඉගෙන ගන්න බැහැ වගේම, ව්‍යාපාරයක් නොකර මේ විදිහේ ලිපි වලින් හෝ පොත් වලින් පමණක් ඒ දේවල් දියුණු කරගන්නත් බැහැ. එනිසා තමයි මම නිතර කියන්නේ කුඩාවට ගෙදරින්ම පටන් ගමු කියල.
අපි මේ දේවල් මේ තරම් කතා කරන්නේ අපේ රට සිංහල රටක් විදිහට දිගටම පවත්වා ගන්න අවශ්‍ය නිසා. එහෙම වෙන්න නම් සිංහලයා ලෝකයේ දුප්පත් ජාතියක් වෙලා හරියන්නේ නැහැ. ඔවුන් ආකල්ප සහ ආර්ථිකය කියන දෙපැත්තෙන්ම පොහොසත් වෙන්න ඕනැ.
එහෙම නොවුනොත්, එහෙම අදහස් ඇති දේශපාලකයෝ ඔබ විසින් මේ රටේ බිහි කරගත්තේ නැත්නම්, සෝම හාමුදුරුවෝ කිව්වා වගේ වැඩිකල් යන්න කලින් විශේෂයෙන් සිංහල බෞද්ධයා මේ රටින් වඳ වෙලා යනවා. ඒ දේ කරන්න කී දෙනෙක් දත කනවද කියල තම තම නැණ පමණින් විමසා ගන්න.
ආරම්භය
⇨ ඉස්සෙල්ලම මේ යතුරෙන් විනාඩියෙන් ලියාපදිංචි වෙන්න.
දැන් සටහන් පොතක් අරගෙන මම කියන කරුණු හොඳින් තේරුම් ගනිමින් සටහන් කර ගනිමින් මේ ලිපිය කියවන්න. ලිපියක් කිව්වට මේක ව්‍යාපාරික ආකෘතියක්. Blueprint එකක් කියල අපි කියනවා.
මේකට සල්ලි යන්නේ නැහැ, නමුත් නිකන් හම්බ වෙන නිසා අගයක් නැහැ කියල හිතුවොත් වරදින්නේ මට නෙවේ ඔබට.
එනිසා කම්මැලි නැතිව ලක්ෂ ගානක් දීල ගත්ත නිධානයක මැප් එකකට දෙන අවධානය යොමු කරලා පටන් ගන්න.
අනිත් එක කල් දාන්න එපා, ඒ කම්මැලියාගේ සිරිතක් මිසක් නියම සිංහලයාගේ සිරිතක් නෙවේ.
මොකක්ද ඒ ව්‍යාපාරික ආකෘතිය?
අද මම කියන්න යන්නේ තවත් එක සරල ව්‍යාපාරික ආකෘතික්. මේක කෙතරම් පහසුද කියනවා නම්, කැමැත තියන ඕනෑම කෙනෙකුට අදම පටන් ගන්න පුළුවන්.
ඒ වගේම මේ අදහස අනුව ඔබගේ ව්‍යාපාරික හැකියාව උරගා බලන්න පුළුවන්. ආයෝජනයක් නැති නිසා කරලා බලන්න හොඳ අවස්ථාවක්!
ඔබ දන්නවා මේ කාලේ, විශේෂයෙන් නගර ආසන්නයේ අපේ ජනතාව හරිම කාර්ය බහුලයි. උදේම වැඩට යන ඒ අය ගෙදර එන්නේ රෑ වෙලා. සති අන්තයේ ගෙදරට අවශ්‍ය වැඩ ටික කරලා, කඩේ ගිහින් බඩු ගෙනල්ල බලන කොට ඉරිදා දවසත් ගෙවිල ගිහින්.
ඉතින් මේ කාර්ය බහුල ඔවුන්ට තමන්ගේඅවශ්‍ය භාණ්ඩ කැමති දවසක උදේ හවස ඕනෑම වෙලාවක තමන්ගේ ගෙදරටම ගෙනත් දෙන හිතවතෙක් ඉන්නවා නම්?
ඔහු ගේන බඩු සුපිරි වෙළඳසැල් වල සුපිරි මිල වෙනුවට නගරයේ තොග කඩේ මිලට ඉතාම අසන්න මිලට ලැබෙනවා නම්? මේ දේ දන්න කෙනෙක් එපා කියයිද?
එනිසා අන්න ඒ දේ අපි කරමු. නමුත් වැදගත්ම දෙයක් විදිහට ඔබ භාණ්ඩ ප්‍රමිතියත් පාරිභෝගික සේවයත් ඉහලම තැනක තියාගෙන මේ දේ කරන්න ඕනෑ.
තව පැත්තකින් හිතන්න,
ඒ වගේම තව පැත්තකින් හිතන්න. දැන් නවීන ලෝකයේ මුදල් ටිකක් තියන හැමදෙනාම නවීන ජංගම දුරකථන භාවිත කරනවා. එනිසා ඉදිරිගාමී බොහෝ ව්‍යාපාරිකයෝ Mobile Apps, Online Shops ආදිය හරහා තමන්ගේ පාරිභෝගිකයන්ට ලබා දෙන සේවය ඉතාම ඉක්මනින් ඉහල දමමින් ඉන්නවා.
ලෝකේ බොහෝ රටවල කතාව එහෙම වුනත් අපේ රටේ තවම ඒ තත්වය අවුරුදු 5ක් විතර පස්සෙන්නේ ඉන්නේ.
අපේ ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් අද හෙට ඔවුන්ට online shops හදා ගන්න බවක් පෙන්නේ නැහැ. එනිසාම ඔබට අවස්ථාවක් වෙළඳපොලේ තියනවා.
ඒ තමයි ඔවුන්ගේ ව්‍යාපාරවල Online Shop සහ Mobile App අංශය ඔබේ අතට ගන්න. ව්‍යාපාරිකයන් ඒකට කැමති වෙනවා. මොකද ඔවුන්ට අවශ්‍ය ඇනවුම් වැඩි කර ගන්න.
ඔබට උඩ කී දෙපැත්තෙන් කැමති පැත්තකින් මේ දෙස බලන්න පුළුවන්. බලල අපි වැඩ පටන් ගමු.
මේ අදහස තවම වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා ඔබ දැන්මම ක්‍රියාත්මක වෙලා ඉක්මනින් තම ප්‍රදේශයේ නමක් හදා ගන්න.
ප්‍රමාදය පසු තැවීමට හේතු වෙනවා.
ඒවගේම ඔබ අතරින් 10,000ක් දෙනාට උනත් අවස්ථාව තියනවා. මොකද ව්‍යාපාර ලක්ෂ ගණනක් තිබුනත් මෙවැනි සේවා තියන්නේ ඉතාම ටිකයි.
ආකෘතිය,
හොඳයි, දැන් අපි කරන්න යන්නේ එක පැත්තකින් ඉතාම සරල දෙයක්. ඒ තමයි "අනුන්ගේ කඩේක බඩු" අපේ වගේ විකුනනවා. වෙනත් අයගේ නිෂ්පාදන.
ඒක වැරදි දෙයක් නෙවේ, ඔවුන්ගේ බඩු අපි විකුණනවට ඔවුන් ඇත්තටම සතුටු වෙනවා.
මතක තියා ගන්න, ඔබ නිෂ්පාදනය කරන්න අවශ්‍ය නැහැ. අනුන්ගේ බඩු විකුණලා අපි පටන් ගන්න යන්නේ.
මම උදාහරණයක් අරගෙන පැහැදිලි කරන්නම්.
සමන් කියල මල්ලි කෙනෙක් මට කතා කරලා මේ වැඩේට කැමැත්ත පල කළා. ඔහු හෝමාගම කෙනෙක්.
සමන්ට මේ සඳහා මෝටර් සයිකලයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම බඩු ටිකක් ගෙනියන්න සුදුසු තට්ටුවක් හරි පෙට්ටියක් හරි එකේ හදා ගන්න වෙනවා. නමුත් ඒ කොටස දැන්ම අවශ්‍ය වෙන්නේ නැහැ. (මෝටර් සයිකලයක් නැත්නම් පාරිභෝගිකයන් ඇවිත් අරන් යන භාණ්ඩ පමණක් තොර ගන්න වෙනවා.)
පියවරෙන් පියවර තේරුම් අරගෙන අනුගමනය කරන්න.
1. සමන් ඉස්සෙල්ලම කරන්න ඕනැ දේ තමයි, හෝමාගමින් ඉතා සාධාරණ මිලට ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ විකුණන කඩයක් හරි, නිෂ්පාදනය කරන කෙනෙක් හරි තැනක් හරි හොයා ගන්න එක. ඔහු කැමති භාණ්ඩ තියන කැමති කඩයක් හෝ ව්‍යාපාරයක් තොර ගන්න පුළුවන්. (මම පහතින් අදහස් ටිකක් දෙනවා, නමුත් ඔබ කැමති එකක් දැන්ම හිතා ගෙන ඉදිරියට කියවන්න.)
2. දැන් ඒ අයත් එක්ක කතා කරගන්න ඕනෑ, “මට මගේ ගැනුම්කරුවන්ගෙන් ඇනවුම් ලැබෙනවා. මම කැමතියි ඔබේ බඩු අරගන්න ඒ අයට විකුණන්න. මට දෙන්න පුළුවන් අඩුම මිල ගණන් මොනවද?”
3. දැන් මේ මිල ගණන් අනිත් තැන්, සුපිරි වෙළඳ සැල් ආදිය එක්ක සංසන්දනය කරලා මිල සාධාරණ බව තහවුරු කර ගන්න.
4. ඊට පස්සේ සමන් නැවත කඩේට හරි නිෂ්පාදකයාට හරි කතා කරලා 3-25% පමණ විශේෂ වට්ටමකුත් ඉල්ලා ගන්නවා. මේක සමහර විට ආරම්භයේදී ලැබෙන්නේ නැහැ. සමන් බඩු ගන්න ප්‍රමාණය අනුව තමයි ඒක ගන්න පහසු වෙන්නේ. කලබලයක් නැහැ අපි හිමිට එතැනට යමු. මේ වට්ටමත් සමන්ගේ අදායමක්. ඒක කඩේ අදායමෙන් තමයි ගෙවෙන්නේ sales commission එකක් විදිහට. (මුල් අවස්ථාවේ සල්ලි ගැන හිතන්න එපා, වැඩේ හරියට කරන්න හිතන්න. ඒ අනුව හොඳ Customer Base එකක් ඔබ හදා ගත්තහම සාධාරණ ලාභය වැඩි කර ගන්න එක අමාරු නැහැ.)
5. සමන් කරන්න යන්නේ කාර්ය බහුල අයගේ නිවසටම තමන්ට අවශ්‍ය භාණ්ඩ කිසිම කරදරයක් නැතිව ගෙනත් දෙන එක. ඒ නිසා ඔහුට delivery ගාස්තුවක් අය කරන්න පුළුවන්. මම යෝජනා කරන්නේ රු.100 ක් අයකරල මුලින් පටන් ගන්න කියල. අවම ඇනවුමේ ප්‍රමාණය රු. 500 ක දැනට තියා ගන්න. කාලයක් යනකොට ගාස්තුව රු.150 කුත් අවම ප්‍රමාණය රු 1,000 කුත් කර ගන්න පුළුවන්. (මේ වැඩේට මේ ලිපියේ තියන ඕනෑම භාණ්ඩයක් හරි සේවයක් හරි භාවිත කරන්න පුළුවන්. ඔබට bike එකක් නැත්නම් ඇවිත් අරන් යන දෙයක් හරි සේවයක් හරි තොර ගන්න.)
නමුත් සමන්ට භාණ්ඩ ප්‍රමිතිය සහ පාරිභෝගික සේවය ඉතාම ඉහලින් පවත්වා ගන්න ඕනෑ. ඒවගේම සාධාරණ මිල දිගටම තියා ගන්න ඕනැ.
මේක තමයි සමන්ට කරන්න තියන්නේ. කාලයක් යන කොට දවසට ඇනවුම් 20 ක් ලැබුනොත් හොඳ අදායමක් උපයන්න පුළුවන්. එවිට එකවර ඇනවුම් කිහිපයක් ගෙනියන නිසා ලාභය වැඩි වෙනවා. දිනක අදායම රු. 4000ක් පමණ වෙනවා. මසකට 80,000 කට වැඩියි.
ඊළඟට තමයි සමන් ව්‍යාපාරයේ දෙවෙනි අදියරට යන්නේ. ඔහුට දැන් පුළුවන් තොග භාණ්ඩ කඩේකින් තොග මිලට බඩු අරගෙන සිල්ලර මිලට විකුනන්න. ඒ වගේම තමන්ගේම කුඩා ස්ටෝරුවක් දා ගන්න සහ delivery සහායකයන්ට රැකියා අවස්ථා ලබා දෙන්න.
ඔහු තොර ගත්තේ ආහාර නම්, දැන් ඔහුට කෙනෙක් යොදවල ආහාර හදවන්න පුළුවන්. වෙනත් නිෂ්පාදනයක් නම් ආර්ථික මධ්‍යස්ථාන වලින් හෝ පිටකොටුවෙන් හෝ නිෂ්පාදකයෙකුගෙන් මිලදී ගන්න පුළුවන්.
ඉදිරි ගමන තීරණය කරන්නේ සමන්ම තමයි, අපි නෙවේ.
බලන්න, බයිසිකලෙන් කඩේට ගිහින් පටන් ගත්ත ගමන කොච්චර දුර යන්න පුලුවන්ද කියල?
නමුත් ඒ ගැන කලබල නොවී අවශ්‍ය දක්ෂතා පද්දතිය අත්දැකීම් සමග දියුණු කර ගන්න ඕනෑ. එකට ටික කාලයක් යයි, නමුත් වටිනා සම්පතක්. ඒ ගැන මම වැඩි විස්තර පාඨමාලාවේ ලිපිවල කියනවා. වරද්දන්නෙ නැතිව බලලම වැඩ පටන් ගන්න.
හොඳයි, ව්‍යාපාරයේ ආකෘතිය පැහැදිලි ඇති කියල හිතනවා. ඒක සරල නිසාම අපැහැදිලි වෙන්න හේතුවක් නැහැ.
කොහොමද ඇනවුම් හොයා ගන්නේ?
අපි කාලාම App එක දියුණු කරලා තියන්නේ ඒ සඳහා. ඒ හරහා සමන්ගේ online shop එක වටා ඔහුට දැන් ස්ථාවර Customer Base එකක් හදන්න තියනවා. ඒ ක්‍රමයට අපි කියන්නේ 346 Technique කියල.
ඒ හරහා ඇනවුම් සොයා ගැනීම පහසුයි නමුත් ටික කාලයක් මහන්සි වෙන්න වෙනවා. තමන්ගෙම නමක් හදා ගන්න වෙනවා. නමුත් අපහසු නැහැ.
6. සමන්ට ඊළඟට කරන්න තියන්නේ කාලාම App එකේ හරි Safari, Chrome browser එකක හරි තමන්ගේ භාණ්ඩ කාලාම My Store එකට එකතු කරන එක. අදාළ උපදෙස් මේ ලිපියේ තියනවා. නිතර අලුත් කරමින් තමන්ගේ My Store එක හොඳින් පවත්වා ගෙනයාම ඉතාම වැදගත්.
7. ඒ My Store එකේ පැහැදිලිව සමන්ගේ දුරකථන අංකය, සේවා ප්‍රදේශය, භාණ්ඩ ආදිය ගැන සඳහන් කරන්න ඕනෑ. මෙවැනි දැන්වීම ලියන විදිහත් සමන්ට දැන් ඉගෙන ගන්න වෙනවා. ඒකත් ඉතාම වැදගත් මේ වැඩේදි.
8. ඒ අනුව ඔහු දැන් 346 Technique එක හොඳින් භාවිත කරන්න ඕනෑ.
9. සමන්ගේ සේවයේ ගුණාත්මක බව අනුව තමයි කාලාම app එක තුල සමන්ගේ My Store එකේ feedback rating එකක් හැදෙන්නේ. ඒක හොඳ වෙන තරමට සමන්ට කාලාමය තුල ලැබෙන පිළිගැනීම වැඩි වෙනවා. පාරිභෝගිකයන්ගේ විශ්වාසය වැඩි වෙනවා. එනිසාම ඔහුගේ ව්‍යාපාරය දියුණු වෙනවා.
10. මේ අතරේදී අපි කලාමය තවත් දියුණු කරනවා. එවිට ඇනවුම කෝල් කරන්නේ නැතිව සමන්ට එවන්න පුළුවන් ක්‍රමයක් ලැබෙන නිසා සමන්ගේ කාලය තවත් ඉතිරි වෙනවා. දුරකතනයේ touch කිරීමෙන්ම ඇනවුම් යෙදිමත් ඒ ඇනවුම් වෙන වෙනම සමන් අතට පත්වී සේවා සැලසීමත් ඒ හරහා වෙනවා. ඒක පාරිභෝගිකයන්ටත් සමන්ටත් ඉතාම පහසුවක් වෙනවා නොඅනුමානයි.
මම හිතනවා දැන් කල යුත්ත පැහැදිලි ඇති කියල. අවශ්‍ය නම් නැවත කියවන්න.
තවත් වැදගත් දෙයක්.
මේ ආකෘතිය මේ විදිහටම fast food, කේක්, ක්‍රීඩා භාණ්ඩ වගේ මේ ලිපියේ තියන ඕනෑම භාණ්ඩයක් හරි සේවයක් හරි සඳහා භාවිතා කරන්නත් පුළුවන්.
ඒ අනුව නිෂ්පාදකයා කවුරු වුනත් ඇනවුම් ලැබෙන්නේ ඔබට. හවසට පමණක් උනත් කරන්න පුළුවන්.
කොහෙන්ද පටන් ගන්නේ?
1. ඉස්සෙල්ලම මෙතැනින් අපිත් එක්ක ලියාපදිංචි වෙන්න: https://kaalama.org/register
2. ඉහත අංක පිළිවෙලට වෙළඳසැලකට කතා කරලා පියවරෙන් පියවර වැඩ පටන් ගන්න.
3. මේ ලිපියේ පියවර 4 අනුව My Store එක හදල ඒ ලිපියේ තුන්වන පියවර අනුව Customer Base එක ගොඩ නගන්න පටන් ගන්න.
4. ප්‍රශ්න ආවොත් මට මෙතැනින් කියන්න. මම ඉන්නවා සහායට වෙලාව තියන විදිහට.
මේ තියන්නේ අපේම උදාහරණයක්: කාලාම අපි අවන්හල.
ගැටළු තියනවා නම් මට මෙතැනින් inbox කරන්න.
තෙරුවන් සරණයි!
ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.