⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්.
⇨ ව්‍යාපාරයක් ආරම්භ කරමු 06: නිවැරදිව Ad එකක් ලියන උපක්‍රම 4ක්
ආයුබෝවන්,
ව්‍යාපාරයක්ආරම්භ කරමු වැඩසටහන් පෙලේ ඊළඟ ලිපිය අද මේ ලියවෙන්නේ. කලින් වීඩියෝ වලින් ඉදිරිපත් කලත් දැන් තියන කාර්ය බහුලත්වය නිසා ලියන්න තීරණය කළා. කොහොමත් මම ලියන කියන දේවල් කියවන්න කම්මැලි අයට ප්‍රයෝජනයක් නැහැ.
මොකද ලිපියක්, පොතක් කියවල දැනුම හොයන්නේ නැති අය ව්‍යාපාරයක් කරලා සාර්ථක වෙනවා නම් ඒ කලාතුරකින්, පෙර කල කුසල් ඇති අය. අප්පච්චිලා ව්‍යාපාර හදල දෙන්නේ ඒ වගේ කුසල් ඇති අයට, නමුත් ඒවා රැක ගන්න තමන් දක්ෂ වෙන්න ඕනෑ. ඒ නිසා කවුරුත් කියවන එක, ඉගෙන ගන්න එක වටිනවා.
සාර්ථකයි කියල මම අදහස් කරන්නේ තමන් දිනකට පැයක් දෙකක් වැඩ කරන කොට ප්‍රමාණවත් මුදලක් අතට එන්න මාර්ග සාර්ථකව සකස් කරගෙන ඉන්නවා කියන එක. දවසම මහන්සි වෙලා තමන්ගේම ව්‍යාපාරයක වැඩ කරලා හොඳින් ඉපයීමත් නෙවේ මම අදහස් කලේ. මොකද තමන්ගේ කාලය සහ ශ්‍රමය රට ජාතිය, ශාසනය වෙනුවෙන් හෝ අනුන් වෙනුවෙන් යොදවන්න නිදහසක් නැත්නම් මම දකින විදිහට එතැන සාර්ථකත්වයේ අඩුවක් තියනවා.
අපි කලින් දවසේ කතා කලේ පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්න අවශ්‍ය මුලික කරුණු 4ක්. දානය, ප්‍රිය වචනය, සැබෑ ලාභයක් ලබා දීම, ගරුත්වය කියන කරුණු හතර. ඒ දේවල් ඔබ පාරිභෝගිකයෙක් මුලින්ම හමු වෙන විට භාවිතා කරන්න ඕනැ. එතකොට තමයි ඔවුන් ඔබ ගැන පැහැදිලා ගනුදෙනු කරන්න කැමති වෙන්නේ. අවශ්‍ය නම් ඒ වීඩියෝ එක නැවත බලන්න.
ඒ විදිහට තමන්ගේ එක්ක එක් වරක් ගනුදෙනු කල කෙනෙක් නැවත නැවත පැමිණීම ඔබට අනිවාර්යයෙන් වැදගත් වෙනවා. එවැනි ගනුදෙනුකරුවන් ව්‍යාපාරිකයාට සම්පතක්. ඔවුන්ට අපි Repeat Customers කියල කියනවා. ඇත්තටම සැබෑ දිර්ඝකලීන පාරිභෝගිකයන් වෙන්නේ ඔවුන්. ඔවුන්ම තමයි ඔබට නව ගනුදෙනුකරුවන් එවන්නෙත්. අපි word of mouth කියල කියනවා.
අපි කොහොමද ඒ වගේ දිගු කාලින සම්බන්ධතා ගොඩ නගන්නේ. Sales වල මිල අඩුකිරීම්, loyalty schemes වගේ විවිධ උපක්‍රම පාවිච්චි කරනවා, නමුත් මම කියන්න යන්නේ ඒ දේවල් කරන්න පවා අවශ්‍ය වන පදනමට අදාල, ඔබගේ දක්ෂතා පද්දතියට අදාල කරුණු 3ක්.
පළවෙනි කරණය තමයි ප්‍රතිපත්ති ගරුක බව.
ඔබ ව්‍යාපාරිකයෙක් හෝ මනුෂ්‍යයෙක් වශයෙන් හැම විටම සත්‍ය පමණක් කතා කිරීම, වංචා නොකිරීම, බොරු නොකීම, පොරොන්දු ඉටු කිරීම, එකඟතා නොකැඩිම වගේ ගනුදෙනු වලදී "අවංක බවට" අදාල ප්‍රතිපත්ති රැකීම තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඒ ප්‍රතිපත්ති ලාභ පාඩු නිසාපාවල දෙන්න බැහැ.
ඊට අමතරව ඔබ මත්ද්‍රව්‍ය, මත්වතුර ආදිය භාවිතා නොකිරීම, පරදාර සේවනය නොකිරීම ආදිය ඔබේ ජිවිතයට එක් කර ගැනීම මේ කරුණෙන් අදහස් වෙනවා.
මේ බණ කීමක් කියල හිතන්න එපා, මේ වගේ ගතිගුණ වලට තමයි මිනිස්සු කැමති, ගරු කරන්නේ. එවැනි මිනිස්සු එක්ක වැඩ කරන්න, ගනුදෙනු කරන්න අනිත් අය කැමති වෙනවා. ඒ වගේම ඔහුගේ හෝ ඇයගේ සේවකයෝ පවා ඔහුට හෝ ඇයට වංචාවක්, වරදක් කරන්න මැලි වෙනවා. භාර්යාව දරුවෝ පවා කීකරු වෙනවා. ගනුදෙනු කරුවන් ගරු කරනවා, ඔබේ ගැන සතුටින් තැන තැන මතක් කරනවා, නැවත සතුටින් ඔබවෙත එනවා. නමුත් මතක තියාගන්න, කලින් වීඩියෝ එකේ මම කී කරුණු මේ සමග අනිවාර්යයෙන්ම හුරු කරන්න ඕනෑ.
අත්දැකීම් තියන අය මම මේ කියන දේ කොච්චර හරිද කියල දන්නවා. නමුත් ඔබට අත්දැකීම් නැත්නම්, මගේ අනිත් ලිපිත් බලල ඒ සියල්ල හරියට කරලා බලන්න. ප්‍රතිඵල ඔබටම පෙනේවි.
දෙවෙනි කරණය තමයි සත්‍ය.
බොහෝ විකුණුම් ශේස්ත්‍රයේ සිටින අය “බොරුවක් නොකිය sale එකක් දාන්න බැහැ” කියල හිතනවා. නමුත් එක සම්පුර්නෙන්ම වැරදි පසුගාමී අදහසක්. ඇත්තම කතාව තමයි, සත්‍ය මත කරන ව්‍යාපාරය සාර්ථකයි, කල් පවතිනවා. ඒ වගේම පාරිභෝගිකයන්ගේ ගරුත්වය ඔබට හිමි වෙනවා. මම මේවා කියනේ පොත් වලින් බලාගෙන නෙවේ, අත්දැකීමෙන්. අදටත් භාවිතා කරමින් සහ ප්‍රථිපල භුක්ති විඳිමින්. එනිසා හරියට ඉගෙනගෙන කරලා බලන්න. ප්‍රථිපල පෙනේවි.
ඒ වගේම මතක තියා ගන්න, සත්‍ය විතරක් තැන තැන කිව්වා කියල සියල්ල පහල වෙනවා කියල නෙවේ මම කියන්නේ, ඔබේ ව්‍යාපාරික උපකරණ මල්ලේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෑ උපකරණයක් කියල. ඒ මල්ලට මම කියන අනිත් දේවලුත් එකතු කර ගන්න ඕනැ.
උදාහරණයක් විදිහට ඔබේ කඩේට එන කාන්තාවකට “ඒක ගන්න එපා මිස් පරණයි” කියල ඔබ අද අලාභයක් කරගත්තොත් ඒක ඇත්තටම ඔබට දීර්ඝකාලීන ලාභයක්. ඇය එතැන් සිට ඔබගේ Repeat Customers කෙනෙක් වෙනවා කිසිම loyalty scheme එකක් නැති වුනත්.
උඩ ප්‍රතිපත්ති ගරුක බව කියල තියද්දීත් ඇයි මම නැවත සත්‍ය ගැන කියන්නේ. ඒ ඒ තරමටම සත්‍ය වැදගත් නිසා. සත්‍ය හංගමින් කෙනෙකුට ප්‍රතිපත්ති ගරුක වෙන්න පුළුවන්. බොරුත් නොකියඇත්තත් නොකියා කට වහගෙන ඉන්න පුළුවන්. ඇත්තටම අපිට සමහර එදිනෙදා ජිවිතයේ එහෙම වෙන අවස්ථා එනවා.
බාහිර වැඩ වලදී ඒක යුක්ති සහගත වෙන්න පුළුවන්, නමුත් තමන්ගේ ගනුදෙනුකරුවන් ඉදිරියේදී ඒක හරියන්නේ නැහැ.
හරියට තමන්ගේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා සමග වගේ. සත්‍ය වසන් කිරීමම දඬුවම් ලැබිය හැකි වරදක්,..
එනිසා තමයි මම සත්‍ය ගැන වෙනම කියන්න හිතුවේ. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කල පරිදි විස්වාසා පරමා ඥාති; විශ්වාසය තමයි අපගේ සැබෑම ඥාතියා.
විශ්වාසයය තමයි මම කියන්න යන තුන්වන කරුණ.
මම truth and trust කියන්න පුරුදු වෙලා ඉන්නෙත් එනිසා. සත්‍ය නිසා මිනිස්සු අතර ප්‍රභල විශ්වාසයක් ගොඩ නැගෙනවා. එවැනි විශ්වාසයක් ව්‍යාපාරයකට අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. ඒ අනුව ඔබගේ පාරිභෝගිකයන් වෙන තැන්වල බලන්නෙම නැතිව කියන මිලකට ඔබෙන් මිලදී ගන්න අවස්ථා බොහෝ තියනවා. ඒ විශ්වාසය නිසා, ඒ විශ්වාසය පවතින්නේම සත්‍ය මත. සත්‍ය විතරක් නෙවේ ඔබේ ප්‍රතිපත්ති ගරුක බව මත. නමුත් සත්‍යම මුලික වෙනවා.
ඒ වගේම ඔබ ඒ අමාරුවෙන් ගොඩනගන විශ්වාසය නැති වෙන්න ඒක බොරුවක්, වංචාවක්, සත්‍ය වසන් කිරීමක් ඇති.
දැන් ඔබට පෙන්න ඔනෑ මම කරනා තුනක් පෙළ ගැසුවේ ඒ අවසාන කරණය වෙනුවෙන්මයි කියල. “විශ්වාසය” ඒ තමයි ඔබගේ සැබෑම ව්‍යාපාරය. ඔබට විශ්වාසය ගොඩනගන්න පුළුවන් නම්, ඔබට ඕනෑම භාණ්ඩයක් හෝ සේවයක් හරහා සාර්ථක ව්‍යවසයකයෙක් වෙන්න පුළුවන්. ඔබ ප්‍රචාරණය හොයාගෙන යන වෙලාවේ, ප්‍රචාරණය ඔබව හොයාගෙන එන්න ගන්නවා.
මතක තියාගන්න, මේ අනුව ඔබ ගොඩනගන්නේ ව්‍යාපාරයක් නොව, විශ්වාසයක්, කිසිම වෙලාවක ඒක පළුදු වෙන්න දෙන්න එපා.
මේ මොනවා කලත් ඔබට බනින, වැරදි හොයන මිනිස්සුත් ඉන්න බව අමතක කරන්න එපා. ඒක ස්වභාවික දෙයක්. බුදුන් වහන්සේට පවා ගල් පෙරලපු එකේ අපි කවුද? නමුත් ඔවුන්ට ඔබගේ මග වෙනස් කරන්න දෙන්න එපා.
හොඳයි, මේ තමයි අද මට කියන්න තියන කරුණු තුන. නමුත් මතක් කරලා අනිත් ලිපිත් බලල මේ කරුණුත් ඒ කරුනුත් සියල්ල ප්‍රගුණ කරන්න.
ධර්මනුකුලව වැඩකරන ඔබට මට මේ ගමන වරදින්නේ නැහැ, මෙලොව වැරදුනත් පරලොව වරදින්නේ නැහැ. එනිසා ප්‍රතිපත්ති ගරුකව තිසරණ සහිතව අපි ඉදිරියටම යමු.
මේ ගැන යම් ගැටළු තියනවා නම් කමෙන්ට් කරන්න.
තෙරුවන් සරණයි!
ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204
⇦ ව්‍යාපාරයක් ආරම්භ කරමු 04: ඉක්මනින් පොහොසත් වෙන්න ඕනෑද? Business හරියන්නේ නැහැ, මෙන්න මාර්ග 4ක්.
⇨ ව්‍යාපාරයක් ආරම්භ කරමු 06: නිවැරදිව Ad එකක් ලියන උපක්‍රම 4ක්
----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari