ව්‍යාපාරික අදහස් 05: කාලාම Taxi App එක එක්ක එකතු වෙන්න.


කාලාම App එකේ Taxi අංශය අපි 01/01/2021 දියත් කරනවා. ඒක තමයි ඉලක්කය. ඒ වෙන කොට අපේ ස්වෙච්චා කණ්ඩායම ත්‍රිරෝද රථ, බයික්ස්, කුඩා කාර් 1000 ක් හොයල එකතු කරන්න ඕනෑ. මම හිතනවා සිංහලයන් එක්ව මේ ගමනට උදව් කරයි කියල.

 

⇦ ව්‍යාපාරික අදහස් 04: තම පරිභෝජනය සඳහා 20*10 කාබනික එළවලු වගාව

⇨ ව්‍යාපාරික අදහස් 06: කුමාරෝශදය සහ නිවාස 200 යේ ව්‍යාපාරික ආකෘතිය.

 

 

ආයුබෝවන්,

ඉදිරියේදී කලයුතු තවත් ඉතා වැදගත් අංගයක් අපි කාලාමයට ඉක්මනින්ම එකතු කරන්න තිරණය කළා. ඒ කාලාම App එකේ Taxi අංශය.

හදිස්සියේම මේ දේ ඉක්මන් කරන්න හිතුවේ අපේ FB ගෘප් එක ඇතුලේ මතු වුන කතාවක්. නමුත් අවාසනාවකට ඒ කතාව කරන්න නොදී FB එකෙන් ඒක ජාතිවාදී කතාවක් කියල ඉවත් කළා. නමුත් අපි ඇත්තටම කතා කලේ වෙනත් කණ්ඩායමකගේ අයතා වැඩ. 

ඒ කරණය කොහොම වුනත් වෙච්ච දේ හොඳයි කියල අපි මේ වැඩේ ඉක්මන් කරන්න තීරණය කළා. මේක කාටවත් විරුද්ධව කරන වැඩක් නෙවේ, අපේ මුලික සංකල්පය අනුව සිංහල ව්‍යවසායකයින් බිහි කිරීම සහ රැක ගැනීම වෙනුවෙන් කරන දෙයක්. ඒක මම පැහැදිලිවම මුලින්ම කියන්න ඕනෑ. 

කාලාම App එකේ Taxi අංශය අපි 01/01/2021 දියත් කරනවා. 

ඒක තමයි ඉලක්කය. ඒ වෙන කොට අපේ ස්වෙච්චා කණ්ඩායම ත්‍රිරෝද රථ, බයික්ස්, කුඩා කාර් 1000 ක් හොයල එකතු කරන්න ඕනෑ. මම හිතනවා සිංහලයන් එක්ව මේ ගමනට උදව් කරයි කියල.

 

අපි පළමු දියත් කිරීම රථ 1000ක් සහිතව කරන්න ඕනැ. ඊට පස්සේ ඒක 30,000 දක්වා දියුණු කරමු.

 

මේ App එක හරහා සේවා සපයන්නන්ට ඇති විශේෂ වාසි, 

- විශාල “CUT” එකක් ගෙවන්නේ නැතිව තම සේවය ලබා දෙන්න පුළුවන් වීම,

- කිසිම දෛනික ගාස්තුවක් ගෙවන්නේ නැතිව තම සේවය ලබා දෙන්න පුළුවන් වීම,

කිසිම mobile උපාංගයක් අපෙන් ගන්නේ නැතිව තමන්ගේ උපාංග භාවිතයේ හැකියාව,

- Full Time හෝ Part Time කැමති පරිදි වැඩ කිරීමේ හැකියාව.

 

හොඳයි, එතකොට අපිට කොහෙන්ද අදායමක් ලැබෙන්නේ? අදායමක් නැතිව කාලාම වගේ සංකීර්ණ ව්‍යාපෘතියක් පවත්වන්න බැහැ. මේ වෙනුවෙන් අපේ Software ඉංජිනේරුවෝ දිව රාත්‍රී වැඩ කරනවා. 

කාලාම සංකල්පයම ගොඩනගල තියන්නේ සිංහල ව්‍යවසායකයෝ බිහි කරන්න. ඔවුන් අංකුර අවස්ථාවේම මරාගෙන කෑම අපි තදින්ම ප්‍රතික්ෂේප කරන ක්‍රමයක්. ආණ්ඩුවටත් අපි කියන්නේ ව්‍යාපාරිකයන්ගේ ඒ වගේ බදු ක්‍රම වෙනස් කරලා ඔවුන්ට දියුණු වෙන්න ඉස්සෙල්ල අවස්ථාව දෙන්න කියල. 

ඔවුන් දියුණු වෙලා මුදල් උපයන තැනට ආවහම අපි සුදුසු පරිදි අනුග්‍රහය ඉල්ලා ගන්නවා. සමහර අයට එකට යන්නේ සතියයි, තව කෙනෙකුට අවුරුදු තුනයි. කාලය මොකක් වුනත් අපි ඔවුන්ට වැඩෙන්න අරිනවා. ගහේ ගෙඩි එනකම් ඉවසනවා. කොල කඩාගෙන කන්න උත්සහ කරන්නේ නැහැ. 

 

මෙම App එක හරහා පාරිභෝගිකයන්ට ලැබෙන විශේෂ වාසි මොනවද? 

- වෙළඳපොලේ අඩුම මිලක් ඔබට ලැබීම, 

- සෑම සේවා සපයන්නෙක්ම ව්‍යවසයකයෙක් වෙන නිසා වගකීම සහිත විශිෂ්ට සේවයක් ලැබීම,

- ආසන්නයේ සේවා සපයන්නන් තමන් විසින්ම තෝරා ගැනීමේ හැකියාව,

- Feedback Rating එකක් අනුව නුසුදුස්සන් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව,

- අනිත් පාරිභෝගිකයන් සමග සාකච්චා කිරීමේ හැකියාව, 

- එකම කාලාම ගිණුමෙන් Taxi, Food, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආදී දහසක් සේවා විවෘත වීම. 

- තමන්ගේ මුදල් තම වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් වැය කිරීමේ හැකියාව, 

 

කාලාම ව්‍යාපෘතිය ගැන තවමත් ඔබ දැනුවත් නැත්නම් මෙතැනින් කියවන්න.  අපි සිංහලයන් ඒ ඒ ප්‍රදේශ අනුව ජාල ගත කිරීම හරහා සිංහල ව්‍යවසායකයින් බිහි කිරීම සහ රැක ගැනීම තමයි මුලික අරමුණ: https://kaalama.org/read-blog/204

 

ඔබ කුමක් කල යුතුද? 

1. දැන්ම මෙතැනින් ලියාපදිංචි වෙන්න: https://kaalama.org/register

Android APP එක බාගත කරන්න: https://kaalama.org/app

2. ඊට පස්සේ හැමදාම කාලාමයට ඇවිත් තව යාලුවෝ එකතු කරලා ජාලය හදන්න උදව් කරන්න. 

3. ඔබ දැනටමත් bike, ත්‍රිරෝදරථයක්, කාර් එකක් හෝ වෙනත් වාහනයකින් Taxi සේවයේ යෙදෙන කෙනෙක් නම් මේ https://kaalama.org/my-products වලට ගිහින් ඔබගේ රථය ගැන දැන්වීමක් දාන්න. 

හොඳින් මතක තියාගෙන "කාලාම Taxi" කියන ඛණ්ඩය තෝරන්න. 

මේ තියන්නේ උදාහරණයක් : https://kaalama.org/post/4050

4. නැත්නම් ආරම්භ කරන්න කැමති නම් ඒත් උඩ අංකය අනුව ඔබගේ වහනය එකතු කරන්න. 

5. ඊට පස්සේ දවස ගානේ කාලාමයට ඇවිත් තව යාලුවෝ එකතු කරලා ජාලය හදන්න උදව් කරන්න. 

6. මේ ලිපියත් කියවන්න: ගෙදර සිටම Home Delivery ව්‍යාපාරයක් ආරම්භ කරමු.

 

අපි ඉදිරි ඔක්තෝම්බර් වෙනවිට ඔබට කතා කරනවා. ක්‍රියාකාරිත්වය ආරම්භ කරන්න අවශ්‍ය උපදෙස් එවිට ලබා දෙනවා. එතෙක් අපිට ජාලය හදන්න උදව් කරන්න.

 

⇦ ව්‍යාපාරික අදහස් 04: තම පරිභෝජනය සඳහා 20*10 කාබනික එළවලු වගාව

⇨ ව්‍යාපාරික අදහස් 06: කුමාරෝශදය සහ නිවාස 200 යේ ව්‍යාපාරික ආකෘතිය.


මේ ගැන යම් ගැටළු තියනවා නම් කමෙන්ට් කරන්න.

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari  

 

Android APP එක මෙතැනින් බාගත කරන්න

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ කාලාමයට ඇතුල් වන්න. 

කාලාම FAQs 

 කාලාමයේ ලියාපදිංචි වෙන්නේ කොහොමද?

 කාලාමය යනු කුමක්ද?

 විශේෂ එක්දින ව්‍යාපාරික පුහුණු වැඩමුළුවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

 නොමිළේ ලබා දෙන "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාව කොහෙද තියන්නේ?

 කාලාම Android APP එක බාගත කරන්නේ කොහොමද?

 විමධ්‍යගත ආර්ථික සැලැස්ම කියන්නේ මොකක්ද?

 

මම ව්‍යාපාරිකයෙක්, 

 මම Online Shop එකක් හදන්නේ කොහොමද?

 මම මගේම Customer Base එකක් හදන්නේ කොහොමද?

 මගේ දැන්වීම් කාලාම Market එකට එකතු කරන්නේ කොහොමද?

 මට කාලාමයේ තියන විශේෂ ව්‍යාපාරික අවස්ථා මොනවද? (ව්‍යාපාරික අවස්ථා 25ක්)

 මට ස්ථාවර Customer Base එකක් සකස් කිරීම ගැන විශේෂ පුහුණුක් ලබා ගත හැකිද?

 Quick Login Here