⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්.
⇦ ව්‍යාපාරයක් ආරම්භ කරමු 07: මුලික අලවි සැලැස්මක් සහ Online Shop එකක් වටා "ස්ථාවර Customer Base" එකක්!
⇨ ව්‍යාපාරයක් ආරම්භ කරමු 09: Marketing Plan එකක වැදගත්කම ඔබ දන්නවද?
ආයුබෝවන්,
මම කවදත් කියනවා වගේ අපි මේ දේවල් කරන්නේ සිංහලයා ආර්ථිකය සහ ආකල්ප කියන දෙපැත්තෙන්ම ඉස්සරහට ගන්න. නමුත් ඒ දෙකම කරන තුරු ඒ දෙකම තමයි අපේ ප්‍රධාන සතුරා. මේ දේවල් කරලා මට ලාභයක් වේවි, මම පාර්ලිමේන්තුවට යාවි කියල ඇතැම් අයට ගැටළුවකුත් ඇවිත්.
මේ ප්‍රශ්න පවා මතු වෙන්නේ උඩ කිව්වා ප්‍රශ්න දෙක නිසාම තමයි.
හැම කෙනෙක්ම ධනවත් සමාජයක ධනවතුන්ට ඊර්ශියා කරන පිරිස් අවම වෙනවා. හැම කෙනෙක්ම ආකල්ප අතින් පොහොසත් සමාජයක ඊර්ශියා නැත්තටම නැති වෙනවා. නමුත් 100% එවන් සමාජ ගොඩනගන්න බැහැ. අපි 80% වත් ඉලක්ක කරමු. අපිට නැති වුනත් අපේ දරුවන්ටවත් ඒ වගේ සමාජයක් හදමු. මටත් දුවෙක් සහ කොල්ලො තුන් දෙනෙක් ඉන්නවා, ඔවුන් අනාගතයේ පරයන්ගේ වහලුන් කරන්න මට ඕනැ කමක් නැහැ. එනිසා වෙන්න ඇති මේ වගේ වැඩ වල අපේ හිත් පිහිටන්නේ.
පාර්ලිමේන්තුව කිව්වහම මතක් වෙන්නේ, සැබෑ නියෝජිත දේශපාලනය තේරුම් ගත්ත දවසට, පාර්ලිමේන්තු ප්‍රශ්නය අපිට ලේසියෙන් විසඳන්න පුළුවන්. එත් ආකල්පමය වෙනසක්ම තමයි නමුත් දැනුම සහ බුද්ධිය පාදක කරගෙන. සැබෑ නියෝජිත දේශපාලනය ගැන මගේ අතින් ලිපියක් කාලාමයේ ලියවිලා තියනවා. කියවල තේරුම් ගන්න බලන්න. බුදුන් වහන්සේ දේශනා කල ධාතු සමායෝගය අනුව තේරුම් ගන්න.
හොඳයි, මාතෘකාවට ආවොත්,..
මේ ලිපි හරහා අපි උත්සාහ කරන්නේ ව්‍යාපාරික දක්ෂතා පද්ධතිය සහ දැනුම අපේ ප්‍රජාවට ලබා දෙන්න. මගේ අතින් ලියවුන අනිත් ලිපිත් කියවන්න. මේවා කෙටියෙන් කලබලෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් නොවේ. කාලය, ශ්‍රමය, ඉවසීම අවශ්‍ය වෙනවා. මගේ පළමු වීඩියෝ එකේ කියවුනා වගේ බුදුන් වහන්සේ අපට දේශනා කල ඉර්ධි පාද හතර තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් පිහිටවා ගැනීම ඉතාම වැදගත්.
ඉතින් ඒ ලිපි කියවල ඒ දැනුම ගන්න.
නිවාස 200 යේ සරළ ව්‍යාපාරික ආකෘතිය
බොහෝ කුඩා ව්‍යාපාරිකයන්ට තියන ප්‍රශ්නයක් තමයි "විකුනන්නේ කොහොමද?" කියන එක. එනිසාම අද කතා කරන්න යන්නේ නිවාස 200 යේ සරළ ව්‍යාපාරික ආකෘතිය කියන සරල ව්‍යාපාරික ක්‍රමය.
මිට කලින් ලිපියේ මම 346 Technique එක ගැන විස්තර කලා, ඒ ලිපියත් ඉතාම වැදගත්. මේ කියන්න යන නිවාස 200 යේ ව්‍යාපාරික ආකෘතිය භාවිතා කරන්නත් ඒ පදනම අවශ්‍ය වෙනවා. එනිසා එකත් කියවන්න.
ඉතාම සරලව කියනවා නම් ඔබ නිත්‍ය පාරිභෝගිකයන් 200 කගේ සමුහයක් හදා ගෙන නිතර ඔවුන්ට ඒ සේවය සැපයීම තමයි ඒ අනුව ඔබ කරන්නේ. ඔවුන් 200 දෙනාගේ ඉලව් මගුල් ඔක්කොටොම ඔබ යනවා. ඔවුන්ට උත්සවයක්, කරදරයක් වුනොත් ඔබ ඉන්නවා. ඔවුන්ටත් ඔබව මතක් වෙනවා. හරියට ඔබේම club එකක් වගේ.
මෙන්න මේ විදිහට ගොඩනැගු ඉතාම කිට්ටු නෑදෑ සමුහයක් වගේ තමන්ගේ මිනිස්සු 200ක් තමයි මේ ගොඩනගන්න කියන්නේ. ඒ සම්භාන්දතාවය ඒ විදිහට ගොඩ නගන්න නම් ඔබ මම මේ පාඨමාලාවේ කී ගුණ ධර්ම සහ දක්ෂතා ගොඩ නගා ගන්න ඕනෑ. බොරුකාරයන්ට, වංචා කාරයන්ට මේ කියන දේ හරියට කරන්න බැහැ.
නිත්‍ය පාරිභෝගික පිරිස නිසා ඔබගේ ව්‍යාපාරික අවදානම ඉතාම අඩුයි සහ අදායම සුරක්ෂිතයි. තමන්ගේ දරුවන්ට පවා ව්‍යාපාරය පස්සේ කලෙක බාර දෙන්න පුළුවන්.
එළකිරි නිවසටම කියල ලිපියක් මගේ අතින් ලියවුනේ මේ සංකල්පය අනුව.
ඒ වගේම ගෙදර සිටම Home Delivery ව්‍යාපාරයක් ආරම්භ කරමු, වස විස නැති එළවලු නිවසටම කියන අදහස්.
ඒ ලිපිත් කියවන්න. මේක සරල සංකල්පයක් නිසා තේරුම් ගන්න පහසුයි.
දර්ශනට වෙච්ච දේ
පොඩි අතුරු කතාවක් කියල ඉන්නම්. පොඩියට ව්‍යාපාරයක් පටන් ගන්න කිව්වොත් බොහෝ දෙනෙක් අදිමදි කරනවා. මගේ දර්ශන කියල යාලුවෙක් දැන් අවුරුදු ගානක ඉඳල ව්‍යාපාරයක් පටන් ගන්න ඕනැ කියනවා. මට මතක විදිහට 2015 විතර ඉඳල, නමුත් තාම "හොඳ අදහස්" හොයනවා.
ටිකක් හිතන්න මම අද කියනවා වගේ දෙයක් විනෝදාංශයක් විදිහට 2015 පටන් ගත්තනම් ඉතාම පොඩියට, ගෙදරින් අද වෙනකොට මොන තරම් අත්දැකීම් ගොඩක් එක්ක මොන තරම් දුරක් යන්න තිබුනද? ගමන වැරදුනත් වරදින්නේ පොඩියට.
වැඩිය ඕනැ නැහැ, දර්ශන ඇඹරැල්ල පැලයක් එදා හිටෙව්වා නම් අද එකෙනුත් පොඩි හරි අදායමක් ඇවිල්ල. නමුත් ඔහුට දැන් කිසිම ව්‍යාපාරයක් නැහැ, අත්දැකීම් ලැබිලත් නැහැ, දක්ෂතා පද්ධතිය දියුණු වෙලත් නැහැ. හිටපු තැන මයි, නමුත් වයස ගිහිල්ල.
එහෙම නම් මොකක්ද කරන්න ඕනැ, ගෙදරින්ම අදම පොඩියට පටන් ගන්න. ලාභ නැතත්, මග වැරදුනත් අත්දැකීම් ඉතාම වටිනවා, දක්ෂතා පද්ධතිය දියුණු වෙනවා.
උඩ කිව්ව සංකල්පය අනුව අපිට වැදගත් කොටස් 3ක් තියනවා. භාණ්ඩය හෝ භාණ්ඩ, නිවාස 200 සහ 346 Technique එක.
පළමු පියවර: භාණ්ඩය හෝ භාණ්ඩ තොර ගැනීම
උඩ කිව්වා වගේ නිවාස වලට සපයන්න ඔබ ඉස්සෙල්ලම භාණ්ඩයක් තොර ගන්න ඕනෑ. ඒ පොල්තෙල්, සහල්, එළවලු, සිල්ලර බඩු, ගෙදර හදන සබන්, තුනපහ වර්ග, කේක් බිස්කට් වර්ග, පළතුරු, එළකිරි, පොල්, තේ කුඩු, හෝදන කුඩු වර්ග, හෝ වෙනත් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. නමුත් වැදගත් කාරණයක් තමයි ඒ හැම නිවසකටම ඔබගේ භාණ්ඩ මාසෙකට එක වරක් වත් අවශ්‍ය වීම.
සබන්, තේ කුඩු වගේ දේවල් මාසෙකට වරක් අවශ්‍ය වෙන දේවල්. නමුත් එළවලු, පළතුරු, සිල්ලර බඩු සතියකට වරක්වත් අවශ්‍ය වෙනවා. එනිසා ඒ අංශය වඩාත්ම ලාභ දායකයි.
මේ කරුණු අනුවත්, ඔබට ලැබෙන ලාභය අනුවත්, නාස්ති වීම, කල් තබා ගැනීම, තොග මිළදී ගැනීම, තමාම නිෂ්පාදනය කිරීම වගේ සාධකත් ගැන සලකල තමයි භාණ්ඩය හෝ භාණ්ඩ ඔබ තොර ගන්න ඕනෑ.
අවසානයේ ඔබ කරන මේ සේවයෙන් මසකට එක් නිවසකින් ඔබට රු. 500 - 1000 ක් වත් ශුද්ධ ලාබයක් එන්න ඕනැ. ඒ ගණනය කිරීමත් භාණ්ඩය තොර ගන්න වැදගත් වෙනවා.
හොඳම ක්‍රමය තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ වලින් කීපයක් පමණක් මුලින් පටන් අරන් ඊට පස්සේ තවත් භාණ්ඩ එකතු කිරීම.
තනියම කරන්න මේ කරුණු පැහැදිලි නැත්නම් විශ්වාසවන්ත හිතවතෙක් එක් කර ගන්න. ඔහුට හෝ ඇයටත් මේ ලිපි කියවන්න කියන්න.
ඔබට මේ සඳහා අවශ්‍ය භාණ්ඩ තොග මිලට සොයා ගැනීමට (හෝ ඔබ තොග ව්‍යාපාරයේ යෙදෙනවා නම් විකිණීම සඳහා) කාලාම තොග අංශයට යන්න. අපි මැනින් මාර්කට් ඒක වගේ online මාර්කට් එකක් එතැන හදමින් ඉන්නවා.
මේ අවස්ථාව අවසානයේ ඔබට විකුනන්න භාණ්ඩයක් හෝ භාණ්ඩ තියනවා. මේ සඳහා සේවයක් තොර ගත්තත් වරදක් නැහැ.
දෙවන පියවර: නිවාස 200ක් සොයා ගැනීම
මේක තමයි තරමක් අමාරු පියවර. නමුත් ගෙයක් ගෙයක් ගානේ ඇවිදලා, ඇතැම් අයගෙන් බැනුම් අහල හරි මේක හදා ගන්න ඕනැ. අපි කාලාම හරහා ලේසි ක්‍රමයක් හදනවා. ඒ අනුව මේ පිරිසෙන් 100 ක් පමණම ඔබව හොයාගෙන එනවා, නමුත් එකට ටිකක් කල් යනවා.
වේගවත්ම ක්‍රමය තමයි, ලස්සනට ඇඳලා ගෙයක් ගෙයක් ගානේ ගිහින් නිවාස වලට කතා කරලා ඔවුන්ව ලිස්තුවට එකතු කර ගැනීම.
එකට ඉස්සෙල්ලම ඔබගේ සැපයුම් කලාපය (Hot Zone) ඇතුලේ ඉන්න ඔබගේ හොඳම ගැනුම් කරුවන් වේවි කියල හිතන 10 දෙනෙක්ව ලැයිස්තුවකට ගන්න ඕනැ. ඔවුන් තරමක් ධනය තියන, වාහන තියන කාර්යබහුල අය වෙන්න ඕනෑ. ඒ වගේම ඔවුන් සමාජයේ නමක් තියන අය නම් වඩාත් හොඳයි. ඒ වගේ 10 දෙනෙක් තමයි ඔබේ hit list එක.
දැන් ඔවුන්ගේ හිතවතුන් හරහා ඔවුන් ලඟට ගිහින් ඔබගේ සේවයට ඔවුන්ව කැමති කර ගැනීම තමයි ඔබේ ඉලක්කය. මෙතැන වැරදුනොත් වැඩේ ඉවරයි. එනිසා ඒක හරියට සුදානම් වෙලා ගිහින් කරන්න ඕනෑ. ඒ දහයෙන් කී දෙනෙක් එකතු වුනාද කියන එක තමයි ඔබේ විභාග ප්‍රථිපලය.
අපි හිතමු 6යි කියල, එක නරක නැහැ. 8 දෙනෙක් උනානම් තමයි හොඳටම හොඳ, නමුත් 6 කියන්නෙත් දිනුමක්. ඔවුන්ට හොඳට සේවය දෙන්න, දීල ඒ 6 දෙනාගෙන් තවත් 10-15 දෙනෙක් ඉල්ලා ගන්න.
ඔවුන්ගේ වචනය එක්ක ඔවුන්ගේ මිතුරන් දැන් ඔබට ලැබෙන නිසා දැන් වැඩේ පහසුයි. දෙසීය දක්වා ඒ සංඛ්‍යාව ඊළඟට දියුණු කරන්න.
මම ලියල තියන ලිපි කියවල, වීඩියෝ බලල හොඳින් පාරිභෝගිකයන්ට කතා කිරීම සහ සේවය සැපයීම මෙතැනදී වැදගත් වෙනවා. නැත්නම් ඔබට නව ගැනුම්කරුවන් වෙනුවට ලැබෙන්නේ බැනුම්,...
මතක තියා ගන්න, මේ කට්ට කන්න වෙන්නේ එක පාරයි. නිවාස 200 හදා ගත්තට පස්සේ නැවත දඟලන්න වෙන්නේ නැහැ. ඔවුන් හරහා නව ගැනුම්කරුවන් ඔබට ලැබෙනවා. කාලාම හරහාත් ලැබෙනවා. ඒ ස්ථාවරය හදා ගන්න තමයි මෙහෙම මහන්සි වෙන්න වෙන්නේ.
ඊට පස්සේ ඔබට තියන්නේ ඒ නිවාස වලින් ඉල්ලන විදිහට භාණ්ඩ ගිහින් දීල මුදල් අය කර ගන්න එක. මතක තියාගෙන ණයට දෙන්න එපා. සුපිරි වෙළඳසල් සුපිරි මිලට විකුණන්නේ ණයට නෙවේ. එහෙනම් ඇයි ඔබට බැරි? ළඟටම ගිහින් සාධාරණ මිලටත් දෙනවා නම්?
පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සහ බැඳ තබා ගැනීම ගැන මම ලියල තියන ලිපි කියවන්න. ඒ උපක්‍රම වලින් වැඩ ගන්න. එතැන වැරදුනොත් ඔබට අනාගතයක් නැහැ.
ණයට දුන්නොත් නම්, මුදලත්, ව්‍යාපාරයක්, පාරිභෝගිකයාත් ඔක්කොම නැති වෙනවා.
තුන්වන පියවර: 346 Technique එක.
ඔබගේ පාරිභෝගිකයන්ට ඇනවුම් කරන්න App එකක් අපි දෙනවා. ඒ වගේම ඔබට නව පාරිභෝගිකයන් ඒ හරහා ලබා දෙනවා. ඒ වගේම ඔබටත් ඔබේ පාරිභෝගිකයන්ටත් අවශ්‍ය අනිකුත් භාණ්ඩ හා සේවාත් ඒ හරහාම ලැබෙනවා. කාලාම My Store හරහා ඔබගේ සේවයත් ඔවුන්ට ලැබෙනවා. 346 Technique එකේ මුලික අංග දෙකක් ඒ කියවුනේ. මෙතැනින් තව කියවන්න.
මෙනිසා වෙන්නේ ඔබගේ පාරිභෝගිකයන්ට ඉතාම පහසුවෙන් ඇනවුම් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒක ඔවුන්ගේ කාර්යබහුල ජිවිතවලට ඉතාම වටිනවා. ඔබටත් ඒ වගේමයි, ඇනවුම් කොලවල පොත්වල ලියන්න අවශ්‍ය නැහැ. කරදරයක් නැතිව රැට ලැබෙන ඇනවුම් දවල්ට ලබා දෙන්න පුළුවන්. කාලය ගොඩක් ඉතිරි කර ගන්න පුළුවන්.
මේ App එකෙන් ලැබෙන අනිත් විශේෂ වාසිය තමයි ඔබට නව පාරිභෝගිකයන් සොයා දීම. ඒ හරහා ඔබගේ ව්‍යාපාරය පුළුල් කරන්න අවස්ථාව ලැබෙනවා.
කලින් කිව්වා වගේ මේ හරහා ඔබගේ පාරිභෝගිකයන්ට Taxi, Food Delivery, රුපලාවන්‍ය සේවා, ෆාමසි, වෛද්‍ය මධ්‍යස්ථාන වගේ සේවා ගණනාවක් ලැබෙන නිසා ඔවුන් කැමැත්තෙන්ම මේ APP එකට අනුගත වෙනවා.
එනිසා ඔබට තියන්නේ App එක හරහා පැමිණෙන ඔබගේ පාරිභෝගිකයන්ට ඉතාම විශිෂ්ඨ සේවයක් ලබා දීමයි.
මේ තමයි නිවාස 200 යේ සරළ ව්‍යාපාරික ආකෘතිය.
මේ ගැන යම් ගැටළු තියනවා නම් කමෙන්ට් කරන්න.
තෙරුවන් සරණයි!
ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204
⇦ ව්‍යාපාරයක් ආරම්භ කරමු 07: මුලික අලවි සැලැස්මක් සහ Online Shop එකක් වටා "ස්ථාවර Customer Base" එකක්!
⇨ ව්‍යාපාරයක් ආරම්භ කරමු 09: Marketing Plan එකක වැදගත්කම ඔබ දන්නවද?
----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari