ඔබගේ ව්‍යාපාරය සඳහා "App in App" සංකල්පය.


The "App in App" Concept for Your Business.

ආයුබෝවන්, 

මේ අදහස මට එන්නේ අපේ සිංහල ව්‍යාපාරිකයන්ට අවම මිලකට App එකක් ලබා දෙන්නේ කොහොමද කියාල කල්පනා කිරීමේ ප්‍රථිපලයක් විදිහට. ඒ වගේම මේ සංකල්පය වෙනත් තැනක ඉදිරිපත් වූ බවක් අපි දැක්කේ නැහැ. 

ගැටලුව: 

බොහෝ කුඩා සහ මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඇති ගැටළුවක් තමයි තමන්ගේම ආයතනය සඳහා App එකක් නිර්මාණය කර ගැනීමේ දී අධික මිලක් ගෙවන්න වීම. අඩු මිලට කර ගත්තොත් අඩුපාඩු ගොඩක් එක්ක තමයි ව්‍යාපෘතිය අවසාන වෙන්නේ. ඒ වගේම ඒ App එක නඩත්තු කරන්න අවුරුද්දකට දසදහස් වලින් වියදම් කරන්න වෙනවා. 

ඒ වගේම මේ ඔක්කොම කලත්, අවසානයේ තමන්ගේ පරිභෝගිකයේ ඒක ලබා ගන්න මැලි වෙනවා. 

එකට හේතුව මොකක්ද?

අපි කවුරුවත් කැමති නැහැ phone එක අත්‍යවශ්‍ය නොවෙන App වලින් පුරවා ගන්න. Phone එකේ දත්ත ගබඩාවේ ප්‍රශ්න සහ වේගයේ ප්‍රශ්න ගණනාවක් මතුවෙන නිසයි අපි ඒ විදිහට මැලි වෙන්නේ. 

 

විසඳුම: 

පාරිභෝගිකයන්ට බාගත කරන්න වෙන්නේ එක App එකක් පමණක් නම්, ඒ තුලින් තවත් Apps ගණනාවක් විවෘත වෙනවා නම් ඉහත කී ගැටළුව විසඳෙනවා. 

එකම ආයතනයක් විසින් ඒ Master App එක දියුණු කරලා නඩත්තු කරනවා නම්, එකේ වියදම අඩු වෙනවා. එනිසාම කුඩා ව්‍යාපාරිකයන්ට නොමිලෙත් ලාභ ලබන ආයතන වලට ඉතාම අඩු මිලකටත් ලබා දෙන්න ඔවුන්ට පුළුවන් වෙනවා. 

 

App in App සංකල්පය 

App in App සංකල්පය කියන්නේ අන්න ඒ විසඳුම. 

ඒ අනුව ඔබේ දුරකතනයේ බාගත කරන්න වෙන්නේ එක App එකයි. ඊට පස්සේ ඒසමග සම්බන්ධ වෙලා ඉන්න ආයතන සිය ගණනක් අතරෙන් ඔබට කැමති ආයතන ටික තොර ගන්න පුළුවන්. Master App එකේ home screen එක වෙන්නේ ඒ ඔබ තෝරාගත් ආයතන වල App Icons. ඒ හරහා ඔබට කැමති ආයතනයක App එක විවෘත කර ගන්න පුළුවන්. 

එකම වර්ගයේ ආයතන ගණනාවක් නම් මේ විදිහට එකතු වෙන්නේ, හැමදෙනාගේම වියදම ඉතාම අඩු වෙනවා. පාරිභෝගිකයන්ට ඉතාම පහසු වෙනවා. App එක පමණක් නොවේ, ඔවුන්ට ලියාපදිංචි වෙන්න වෙන්නෙත් එක් වරයි.  

කාලාම App එක කියන්නේ මේ වගේ Master App එකක්. අපි එක දියුණු කරමින් ඉන්නේ. ඔබ නිතරම භාවිතා කරනවා නම් සතිපතා සිදුවන දියුණුව පෙනෙනවා. Taxi App, Grocery App, Handyman App, Food Delivery App ආදිය ගණනාවක් මේ මොහොතේ ඉදිවෙමින් පවතිනවා. අපේ දැනුමේ හැටියට මෙතෙක් ලංකාවේ සිදු කෙරෙන විශාලතම App ව්‍යාපෘතිය තමයි කාලාම කියන්නේ. 

 

කාලාම App in App එක 

මේ ඔබට පෙනෙන්නේ කාලාම App in App එක ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. ඔබ කාලාමයට "ලොග්" වී සිටින කෙනෙක් නම් මෙතැනින් පරික්ෂා කර බලන්න: https://kaalama.org/app-ui

නැත්නම් මෙතැනින් ලියාපදිංචි වෙලා පරික්ෂා කරන්න: https://kaalama.org/register 

 

මෙතැනින් ඔබට පෙනෙන පළමු APP Icon සමුහය තමයි ඔබගේ ප්‍රියතම සිංහල වෙළඳසැල් සමුහය. ඒ අනුව ඔවුන්ගේ Online Shops වලට ඔබට ඉක්මනින් ගිහින් පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. 

දෙවන APP Icon සමුහය තමයි ඔබගේ කාලාම Wall එක, මිතුරන් සමුහය, ඔබගේ ප්‍රධාන කාලාම විකුණුම් ජාලය, ඔබගේ ජාලයට Home Delivery කරන ආයතන ආදිය පහසුවෙන් සොයා ගන්න තැන.  

ඒ තුන්වන APP Icon සමුහය අදාල වෙන්නේ සිංහල ව්‍යාපාරිකයන්ට පමණයි. ඔවුන් කාලාම Online Shop නැත්නම් My Store පවත්වාගෙන යනවා නම් මේ Icon සමුහයෙන් ඒ ව්‍යාපාර කළමනාකරණය කරන්න ඉක්මනින් යන්න පුළුවන්. 

යටම APP Icon සමුහය හරහා ඔබට කාලාම විසින් සපයන කාලාම Taxi, පණිවිඩ, ලිපි සහ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාව පහසුවෙන් හොයාගන්න පුළුවන්.  

 

ඔබ ව්‍යාපාරිකයෙක් නම් අදම අපිට එකතු වෙන්න.

ඔබටම App එකක් ලැබෙනවට අමතරව, ඔබට සිංහල පාරිභෝගිකයන් ලබා දීමත් අපිට කරන්න පුළුවන්. 

https://kaalama.org/register


මේ ගැන යම් ගැටළු තියනවා නම් කමෙන්ට් කරන්න.

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari  

Ayubowan,

According to our knowledge this is a novel concept where we have a very large scope to develop. I came up with this idea while I was thinking about a way to provide Sinhala businessmen with an affordable App for their businesses to step up to the next level. 

 

The Problem:

One of the biggest concerns of many small and medium businesses is the cost of developing and hosting an App for their business. If a cheap option is somehow found, the solution comes with many flaws, where it cannot be practically used as expected. And also, still the business with have to pay a considerable cost for hosting and maintenance of the App. 

On the other hand, even if they somehow manage it, their customers will be reluctant to install new apps to their phones. Why is that?

We all are very reluctant to install may Apps to our phones as they consume memory and processing power. It makes the phone slow as well.  

 

Solution:

If you customers are able to install only one App and if they can access many other apps via the said master app without installing anything else, the said problem will be solved for customers. 

On the other hand, if this master app is developed and maintained by a single establishment, the cost of the App will be minimal for the business owners while it serves their app requirement in full. It solves the cost problem of the app as well. 

 

App in App Concept

The said solution is the App in App concept. 

With this solution, you will have to install only one App for many businesses in your phone. You will be able to add and remove businesses from your interface as you would like as will while gaining access to hundreds of Apps. 

As a customer, your life will be very easier and you will have to register only once for many businesses that you prefer. 

Kaalama App is the fist of this kind. We are still developing it for your convenience. Please register and be with us daily so that you can see the upgrades with helping us to improve the same. 

At the moment we are developing Taxi AppGrocery AppHandyman AppFood Delivery App and so on within Kaalama.

According to our knowledge this is the biggest App development project so far in Sri Lanka and you are more than welcome to join us today. 

 

If you are a Business Owner, Join Us Today.

It's FREE!

We will provide you with an App as well as new customers for you business. 

https://kaalama.org/register


Please kindly comment if you have any concerns.

Triple Gems!

Dr. Buddika Adikari, Kaalama Org.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari  

1512 Views
Enter with Facebook Login