ව්‍යාපාරික අදහස් 07: App එකෙන් වස විස නැති එළවලු නිවසටම


කරන්න තියන්නේ තමන්ම නිෂ්පාදනය කරගෙන හරි ගොවි මහත්තුරුන්ගෙන් මිලදී ගෙන හරි කාර්යබහුල නමුත් තරමක් වියදම් කරන්න පුළුවන් නිවාස 200 කට සතිපතා වස විස නැති එළවලුගිහින් දීමයි.

 

කාලාමය කියන්නේ සිංහලයන් අතර භාණ්ඩ හා සේවා හුවමාරු මධ්‍යස්ථානයක් කියල ඔබ දන්නවා. ආහාර, භාණ්ඩ, දේශීය නිෂ්පාදන, ඉඩම්, වාහන ආදී බොහෝ දේ දැන් එතැනට එකතු වෙමින් තියනවා. ඔබත් සිංහල ව්‍යාපාරිකයෙක් නම් පහත ලින්ක් එකේ New බොත්තමෙන් අදම අපිට එකතු වෙන්න.

 

 

 "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්.

⇦ ව්‍යාපාරික අදහස් 06: කුමාරෝශදය සහ නිවාස 200 යේ ව්‍යාපාරික ආකෘතිය.

⇨ ව්‍යාපාරික අදහස් 08: අද මම එංගලන්තයේ ජිවත් වන සිංහල තරුණියකට කතා කලා,..

 

ආයුබෝවන්,

අද අපි කතා කරන්න යන්නේ තවත් ඉතාම සරල නමුත් ලාභදායක සහ අවදානම ඉතාම අඩු ව්‍යාපාරික අදහසක්. ඒ තමයි කාලාම App එක හරහා වස විස නැති එළවලු නිවසටම ලබා දීමේ සේවයක් ආරම්භ කිරීම. මේක ඇත්තටම App එක නැතිවත් කරන්න පුළුවන්, නමුත් නුතන ලෝකයට ගැලපෙන්නත්, පහසුව සඳහාත් නොමිලේ ලැබෙන මේ app එක වරද්දන්නෙ නැතිව පාවිච්චි කරන්න කියල මම යෝජනා කරනවා. 

දැන් අපි මුලික සංකල්ප ගැන ගොඩක් දේවල් ලියල තියන නිසා අලුත් අදහස් කෙටියෙන් කියන්න පුළුවන්. නමුත් ඔබ ව්‍යාපාරයක් කරන්න හිතනවා නම් හෝ කරනවා නම් ඉස්සෙල්ලේම අපි අතින් ලියවුනු ලිපි හොඳින් කියවල අවශ්‍ය දක්ෂතා පද්ධතිය දියුණු කර ගන්න. නැත්නම් තමන්ට අලාභ වෙන දවසට අනුන්ට බැන බැන ඉන්න තමයි වෙන්නේ. 

වස විස නැති එළවලු නිවසටම කියන කොටම තේරෙනවා මොකක්ද කරන්න තියන්නේ කියල. කරන්න තියන්නේ තමන්ම නිෂ්පාදනය කරගෙන හරි ගොවි මහත්තුරුන්ගෙන් මිලදී ගෙන හරි කාර්යබහුල නමුත් තරමක් වියදම් කරන්න පුළුවන් නිවාස 200 කට සතිපතා වස විස නැති එළවලු ගිහින් දීමයි. 

 

අවශ්‍ය දැනුම

මේ සඳහා ඉස්සෙල්ලම ඔබට,

1. නිවාස 200 යේ සරළ ව්‍යාපාරික ආකෘතිය තේරුම් ගන්න වෙනවා. මෙතැනින් කියවන්න

2. ව්‍යාපාරයක් ආරම්භ කරමු කියන ලිපි පෙලේ ඇති දක්ෂතා දියුණු කර ගන්න වෙනවා. මෙතැනින් කියවන්න

3. කාලාම My Store සහ App in App මොඩියුල තේරුම් ගන්න වෙනවා. මෙතැනින් කියවන්න

4. ඔබම පොඩි ප්‍රමාණයක් හෝ වගා කිරීම ඉතාම වැදගත්. ඒ ගැන මෙතැනින් කියවන්න

 

අපි කාලයක් තිස්සේ වස විස නැති එළවලු පළතුරු ගෙදරම වවන්න කියල කතා කළා. හැම සෙනසුරාදාම එළවලු පැල දෙකක් හිටවල පන්සල් යන්න කිව්වා, තවත් කියනවා. ඒ සිංහලයගේ ආර්ථිකයත් අකල්පත් දියුණු වෙන්න ඕනැ නිසා. මේ දිරිමත් කිරීම එකේම ඉදිරි පියවරක්. ඒ වැඩපිළිවෙල කාලාම හරහා කොහොමත් අපි දිගටම කරගෙන යනවා. 

ඒ විදිහට වගා කරගන්න භෝග වල අතිරික්තය ඔබට මෙහෙම විකුනන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ අසල්වැසියන් වගා කරන්න දිරිමත් කරන්න. ඔවුන්ගේ අතිරික්තය ඔබට මේ විදිහට විකුණලා දෙන්න පුළුවන්.

විකිණීම සඳහා එළවලු පළතුරු හොයා ගන්න ක්‍රම දෙකක් තියනවා. 

 

හොඳම ක්‍රමය: 

වගා සංග්‍රාමය සඳහා අසල්වැසියන් එක්ක කුඩා ඉස්සෙල්ලම පස් දෙනෙකුගේ කණ්ඩායමක් හදන්න. ඔබ තමයි නායකයා. ඔවුන් ඔක්කොම වස විස නැති ගෙවතු වගාවේ මෙහෙය වන්න. ඒ පියවර සාර්ථක වුනාට පස්සේ ඒ හැම සාමාජිකයෙකුටම නායකත්වය අරගෙන තමන්ගේ යටතේ පහේ කණ්ඩායම බැගින් හදන්න නායකත්වය දෙන්න. 

දැන් ඔබගේ යටතේ 4 දෙනයි. ඒ හැම දෙනාම යටතේ නැවත 4 දෙනා බැගින් ඉන්නවා. ඔක්කොම 21 දෙනයි. මේ කණ්ඩායම වස විස නැති එළවලු නිෂ්පාදනය කරනවා. ඔබට පුළුවන් ඔවුන්ගේ එළවලු app එක හරහා විකුනන්න.

ඒක තමයි පළමු ක්‍රමය නමුත් ටිකක් කල් යන කාර්ය බහුල ක්‍රමයක්. නමුත් රටට ජාතියට වටින්නේ රටම ආහාරයෙන් ස්වයංපෝෂිත වන මේ වගේ ක්‍රමයක්. 

 

දෙවන ක්‍රමය:  

කාලාමයේ wholesale අංශයේන් හරි නැත්නම් ඔබ දන්න බොරු නොකරන නිෂ්පදකයෙකුගෙන් මිලදී ගැනීම. මේ ක්‍රමය ඉතාම පහසුයි නමුත් බොරු නොකියන නොකරන නිෂ්පාදකයෙක් හොයා ගන්න ඕනැ, නැත්නම් ඉදිරියේදී ඔබගේ පාරිභෝගිකයන් ඉදිරියේ ඔබ බොරු කාරයෙක් වෙනවා. වස විස නැති බව හරියටම තහවුරු කර ගන්න ඕනෑ. උඩ ක්‍රමය හොඳම ක්‍රමය කියන්න මේකත් එක හේතුවක්. 

 

ඊළඟ පියවර: 

උඩ ක්‍රම අනුව ඔබට විකුනන්න භාණ්ඩයක් තියනවා. දැන් කරන්න තියන්නේ කාලාමය තුල ඒ එකින් එක සඳහා දැන්වීම් දාල තමන්ගේ ජාලය දැනුවත් කරන ඒක.

දැන් නිවාස 200 යේ සරළ ව්‍යාපාරික ආකෘතිය අනුගමනය කරන්න. 

ආරම්භය ටිකක් අමාරු වේවි, නමුත් ඉවසීමෙන් දිගටම ඉදිරියට යන එක ඉතාම වැදගත්. 

 

මේ තියන්නේ අපේම උදාහරණයක්:  කාලාම අපි අවන්හල

ගැටළු තියනවා නම් මට මෙතැනින් inbox කරන්න

 

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.

සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

 

 

Android APP එක මෙතැනින් බාගත කරන්න

 

කාලාම FAQs 

 කාලාමයේ ලියාපදිංචි වෙන්නේ කොහොමද?

 කාලාමය යනු කුමක්ද?

 නොමිළේ ලබා දෙන "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාව කොහෙද තියන්නේ?

 කාලාම Android APP එක බාගත කරන්නේ කොහොමද?

 විමධ්‍යගත ආර්ථික සැලැස්ම කියන්නේ මොකක්ද?

 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම කියන්නේ මොකක්ද?

 කාලාම ප්‍රතිපත්ති හෙවත් ලාංකීය සංස්කෘතික සහ සාමාජිය ප්‍රතිසංස්කරණ යෝජනාව කියන්නේ මොකක්ද?

 

මම ව්‍යාපාරිකයෙක්, 

 මම Online Shop එකක් හදන්නේ කොහොමද?

 මම මගේම Customer Base එකක් හදන්නේ කොහොමද?

 මගේ දැන්වීම් කාලාම Market එකට එකතු කරන්නේ කොහොමද?

 මට කාලාමයේ තියන විශේෂ ව්‍යාපාරික අවස්ථා මොනවද? (ව්‍යාපාරික අවස්ථා 25ක්)

 

Enter with Facebook Login