7. ව්‍යාපාරයක් ආරම්භ කරමු 07: කාලාමය තුල Online Shop එකෙක් සහ ස්ථාවර Customer Base එකක් හදන්නේ කොහොමද?


How to implement "346 TECHNIQUE" and Kaalama My Store?

 

⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්. 

 

⇦ ව්‍යාපාරයක් ආරම්භ කරමු 06: නිවැරදිව Ad එකක් ලියන උපක්‍රම 4ක්

⇨ ව්‍යාපාරයක් ආරම්භ කරමු 08: නිවාස 200යේ සරළ ව්‍යාපාරික ආකෘතිය ඉගෙන ගනිමු. 

 

කෙටි හඳුන්වා දීම - 346 TECHNIQUE.

විනාඩි 5ක් ඉවසීමෙන් කියවන්න. 

ආයුබෝවන්,
කාලාමයේ ව්‍යාපාරිකයන් නගා සිටුවීමේ අංගය එක් කල දවසේ ඉඳන් බොහෝ කුඩා සිංහල ව්‍යාපාරිකයන් අපි එක්ක එකතු වෙමින් ඉන්නවා. ඒ ගැන ඉතාම සතුටුයි. අපිට අවශ්‍යත් විශේෂයෙන් කුඩා පරිමාණ සිංහල ව්‍යාපාරිකයෝ මේ රටේ රජ කරනවා බලන්න. ඔබ තවම ඒ ගැන හිතල නැත්නම්, අපි අතින් ලියවුනු ලිපි කියවල අවශ්‍ය දක්ෂතා පද්ධතිය තේරුම් අරගෙන අදම වැඩ පටන් ගන්න.

ලොකුවට හිතන්නේ නැතිව ගෙදරින්ම පොඩියට අපිත් එක්ක කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න. මේ තියන්නේ සරල අදහස් කිහිපයක්. කම්මැලි නැතිව මේවා හොඳින් කියවන්න. අපිට අවශ්‍ය ඔබ වගේ බොහෝ සිංහල ව්‍යාපාරිකයෝ මේ රටේ කුඩාවට හරි ව්‍යාපාර ආරම්භ කරමින් රටේ ආර්ථිකයට බරක් නොවී උදව්වක් වෙනවා බලන්න. ඒ අනුව තමයි අපිට දියුණු සමෘදිමත් ස්වයංපෝෂිත රටක් ගොඩනගල, දැහැමි සමාජයක් කරා යන්න පුළුවන් වෙන්නේ.

අපිට දුප්පත් වෙලා මුකුත් කරගන්න වෙන්නේ නැහැ, ධාර්මික සිතුවිලි පවා දුප්පත්කම ඉදිරියේ පළා යනවා.

ඔබගේ භාණ්ඩ හෝ සේවා Online Shop එකක විකුණමු!

346 Technique කියන්නේ ඒ ක්‍රමවේදයයි. ඔබට සරලව මේ මොඩුලය සහ උපක්‍රමය භාවිතා කරන්න පුළුවන්. නමුත් කාලය සහ කැපවීම අවශ්‍ය වෙනවා.

- ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඒ ව්‍යාපාරයට Online Shop එකක් එකතු කරන්න. ප්‍රචාරණ වියදමක් නැතිවම ඔබගේම ස්ථාවර Customer Base එකක් සහ හොඳ වෙළඳ නාමයක් හදා ගන්න. 

- නැත්නම් ගෙදර ඉඳලම ආයතන වලට ආහාර සැපයීම, කේක්, තේරසකැවිලි, තුන පහ, අච්චාරු, කොස්, පළතුරු, පළතුරු බිම, පළතුරු ආහාර වර්ග, කෙටි කෑම, දිවා රාත්‍රී ආහාර වගේ හෝ logo නිර්මාණය, ගෘහ අලුත්වැඩියා සේවා, ප්‍රවාහන සේවා හෝ ඔබට කැමති දෙයක් සඳහා මේ ක්‍රමය භාවිතා කරන්න. 

- අපි මේ සේවය ඔබට නොමිලේ ලබා දෙන්නේ, එනිසා ඔබගේ උත්සාහය, කැපවීම, කාලය පමණක් ඔබගේම අනාගත දියුණුව වෙනුවෙන් වැය කරන්න. 

 

කොහෙන්ද පටන් ගන්නේ?

✓ ඉස්සෙල්ලම ඔබ ජනතාවට දෙන්න කැමති භාණ්ඩය හෝ සේවාව තීරණය කරන්න. 

භාණ්ඩයක්ම වෙන්න අවශ්‍ය නැහැ, සේවයක් වුනත් හොඳින්ම සුදුසුයි.

 

✓ ඊට පස්සේ පහත පියවර 4 කම්මැලි නැතිව හොඳින් කියවල ක්‍රියාත්මක කරන්න. 

තුන්වන පියවර ප්‍රචාරණය සඳහා අත්‍යවශ්‍ය බව දැන්ම මතක තියා ගන්න. 

 

ප්‍රයෝගික ක්‍රමවේදය පිළිබඳව දීර්ඝ විස්තරය.

346 Technique එකේ ප්‍රධාන පියවර 4 මොනවද? 

කුඩා හෝ මධ්‍යම මට්ටමේ ව්‍යාපාරිකයෙක් විදිහට කාලාමයෙන් උපරිම ඵල නෙලා ගන්න නම් ඔබ පහත පියවර පිලිවෙලින් අනුගමනය කරන්න ඕනෑ. හරියට checklist එකක් අනුගමනය කරනවා වගේ.

කාලාමය දිනෙන් දින අපි දියුණු කරන නිසා, ඒ ප්‍රථිපල ඔබට එන්න අපිත් එක්ක ටික කාලයක් වැඩ කරගෙන යන්න ඕනෑ.

පළමු පියවර:

කාලාම ව්‍යාපාරික පිටුවක් හදන්න: ☑

කාලාමයේ ප්‍රධාන Menu එකේ My Pages කියල අංගයක් තියනවා. එතැන තද කරලා පහත පින්තුරයේ විදිහට ඔබේ ව්‍යාපාරය සඳහා පිටුවක් ආරම්භ කරන්න. මේ පියවර ඉතාම වැදගත්. ඒ හරහා තමයි ඔබට ඔබගේ ව්‍යාපාරය සඳහා App එකක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ.

How to create a Kaalama Page?

 

ඒ වගේම ඒ හරහා තමයි ඔබගේ Online Shop එක ගොඩ නැගෙන්නේ. 

මේ තියන්නේ පිටුවක උදාහරණයක්: https://kaalama.org/Kaalama_Api_Delkanda

එතැන තියන තොරතුරු අනුව පිටුවක් ආරම්භ කරලා අඩුම ගානේ සතියකට පොස්ට් දෙක තුනක්වත් ඒකෙ පල කරන්න. ඒ අනුව තමයි ඔබගේ පිටුවට ලැබෙන අවධානය වැඩි වෙන්නේ. විකිණීම සාර්ථක කරගන්න මේ ක්‍රියාවත් ඉතාම වැදගත්.

කාලාම පිටුවක් හදන කොට පහත පෙන්නන කරුණු තුන නිවැරදිව පුරවන්න. 

 

 

ඒ දෙවෙනි අංගය තමයි ඔබේ පිටුවේ වෙබ් ලිපිනය වෙන්නේ. ඔබට වෙබ් අඩවියක් තියෙන්න අවශ්‍ය නැහැ. මේ හදන්නේ ඔබේ වෙබ් අඩවිය වෙනුවට ඕනෑම තැනක පාවිච්චි කරන්න පුළුවන් "කාලාම පිටුවක්". 
මතක් කරලා එතැන SPACE තියන්නේ නැතිව ඉංග්‍රීසි අකුරැ පමණක් භාවිතා කරන්න. 

ඔබ කැමැති කෙටි වෙළඳනාමයක් භාවිතා කරන්න පුළුවන්. 
උදා: Kaalama_Api_Delkanda

https://kaalama.org/Kaalama_Api_Delkanda

 


දෙවන පියවර:

කාලාම My Store එක භාවිතා කරන්න: ☑

කාලාමය තුල දැන්වීම් දාන්න ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි ඔබගේ ගිණුමෙන් කෙලින්ම දැන්වීමක් දාන එක. දෙවන ක්‍රමය තමයි ඔබගේ ව්‍යාපාරික පිටුවේ නමින් දැන්වීමක් දාන එක. එහෙම නැත්නම් My Store එකට භාණ්ඩ එකතු කිරීම. පළමු ක්‍රමය ඉඳල හිටලා දැන්වීමක් දෙකක් දාන කෙනෙකුට හොඳයි.

How to add items to Kaalama My Store?

 

නමුත් ව්‍යාපාරිකයෙක් විදිහට ඔබ අනුගමනය කල යුත්තේ  දෙවෙනි ක්‍රමයයි. එසේ නොකලොත් ඔබට අපි ලබාදෙන App එකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඒ වගේම අපෙන් ඔබට නොමිලේ ලැබෙන Online Shop එක භාණ්ඩ නැති තැනක් වෙනවා. එනිසා අනිවාර්යයෙන්ම ඔබගේ කාලාම පිටුව හරහාම My Store එකට දැන්වීම් එකතු කරන්න.  

කාලාම Market එකේ හරි My Store එකේ හරි New තද කරලා අලුත් දැන්වීමක් දාද්දි මේ තේරීම හරියට කරන්න. ඉහත පින්තූරය අනුව ඔබගේ පිටුව හරහාත් ඒදේ පහසුවෙන් කරන්න පුළුවන්.

මේ ක්‍රමයේදී ඔබේ ආයතනය ගැන තනි දැන්වීමක් දාල හරියන්නේ නැහැ. එක එක භාණ්ඩයට දැන්වීම් එක ගානේ එකතු කරන්න ඕනැ. ඒ අනුව ඔබේ පාරිභෝගිකයන්ට ඔබේ Online Shop එකේ සැරිසරලා ඔබට කතා කරන්න අවස්ථාව ලැබෙනවා. 

 

ඉතාම වැදගත් කරුණු හතරක් 

භාණ්ඩ ආකාරයෙන් එකතු කරන්න. (My Store භාවිතයේදී දැන්වීම් ආකාරයෙන් ලිවිම ගැලපෙන්නේ නැහැ.)  ගැනුම්කරුවෙකුට භාණ්ඩය දැක්ක ගමන් පහත කරුණු ගැන අහන්නේ නැතිවම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනැ.

- භාණ්ඩයේ ඉතා පැහැදිලි පින්තුර 2-3 ක් 
- භාණ්ඩයේ මිල 
- භාණ්ඩයේ වර්ගය, බර හෝ ප්‍රමාණය 
- Delivery ගාස්තුව සහ ප්‍රදේශය 
- දුරකථන, WhatsApp අංක හෝ ඇනවුම් කල හැකි පහසු ක්‍රමයක්  
- මෙතැනදී "සහල් විකිනීමට ඇත" කිව්වොත් වැරදියි. ඒ දැන්වීමක ආකාරය. My Store භාවිතයේදී භාණ්ඩ ආකාරය පමණක් භාවිතා කරන්න ඕනෑ. උදා: 
මාතෘකාව : කාබනික සුවන්දැල් 
විස්තරය :
වස විස නැති සුවන්දැල් 1kg
නුගේගොඩ සහ අවට නම් Delivery ගාස්තුව රු 150/- යි. ඉන් පිටත නම් දුර අනුව වෙනස් වේ.
ඇනවුම් සඳහා කාලාම පණිවිඩයක් හෝ 0711111111 WhatsApp අමතන්න. 
මිල: රු xxx/- 


✓ විනාඩි 5 ක් අරගෙන ඉවසීමෙන් භාණ්ඩ අදාල category එක නොහොත් ඛණ්ඩය නිවැරදිව තෝරන්න. ඒක ඒ තරම්ම වැදගත්. ඒ අනුව තමයි ඔබට අදාල අයට දැන්වීම හෝ භාණ්ඩය නිවැරදිව යොමු කරන්න අපිට පුළුවන් වෙන්නේ. 

✓ ඉස්සල්ල ගම අල්ලන්න. රට අල්ලන්නත් ලෝකේ අල්ලන්නත් ඊට පස්සේ පුළුවන්. එනිසා ඔබගේ භාණ්ඩවල location එක නොහොත් ස්ථානය තෝරන්න. Home Delivery ප්‍රදේශය හොඳටම කරන්න පුළුවන් කුඩා ප්‍රදේශයකින් පටන් අරන් පස්සේ දියුණු කරන්න. ඒ අනුව තමන්ගේ ප්‍රදේශයේ හොඳ නමක් ඉස්සෙල්ල හදල ඉන්න. ඒ විදිහට අපි ඉලක්ක කරන ප්‍රදේශයට Hot Zone කියල කියනවා.

 

තෙවන පියවර:

ප්‍රචාරණය මගින් 5000 ක ඔබගේම Customer Base එකක් හදා ගන්න: 

මේ කරුණ ඉතාම ඉතාම වැදගත්. Customer Base එක නැතිව ඔබට සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නගන්න ලැබෙන්නේ නැහැ. 

එනිසා මේ පියවර කිහිපය Checklist එකක් විදිහට එකින් එක නොවරදවා අනුගමනය කරන්න.

 

මේ පියවර අනුව ඉස්සල්ලම තමන්ගේ මුලික ඉලක්ක කරන සේවා ප්‍රදේශය නැත්නම් Hot Zone එක ඇතුලේ "හොඳ නමක්" හදන්න. රට අල්ලන්නත් ලෝකේ අල්ලන්නත් ඊට පස්සේ පුළුවන්.


1.දිනපතා ඔබගේ මිතුරන්ට FB, WhatsApp, Messenger, SMS, Email හරහා ආරාධනා කරලා කාලාම මිතුරන් බවට පත් කර ගන්න: 

ඔබගේ පෞද්ගලික මිතුරන් 10 ක් 20ක් විතර ඔබ වෙනුවෙන් කතා කරනවා නම්, ඔබගේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න පහසු බව මතක තියා ගන්න. අපි මොන Marketing කලත් කෙනෙකුගේ ඔබ ගැන කෙනෙක් කතා කරන "වචනය" ඉතාම බලවත්.

 

2. දිනපතා ඔබගේ ව්‍යාපාරික පිටුවේ  ඔබගේ ව්‍යාපාරය ගැන සුදුසු පොස්ට් එකක් පල කරන්න: 

මේ පියවර ඉතාම වැදගත්. ඔබගේ ගැනුම්කරුවන් ඔබ එක්ක සම්බන්ධ වෙන්නේ විකුණන භාණ්ඩ හෝ සේවා වලට වඩා ඔබ නිතර ශෙයා කරන්නේ මොනවද කියන දේ මත. එනිසා පක්ෂවාදී දේශපාලනය, මඩ, අපහාස, ලාමක විහිලු, හිනමනී අදහස්, ද්වේශය, රාගය,ස්ත්‍රී ලෝලත්වය, මත්වතුර වගේ ඔබේ නමට කැළලක් වන දේවල් වැරදිලාවත් ශෙයා කරන්න එපා. 

ඒ වෙනුවට ඔබේ ව්‍යාපාරය කතා වස්තුවක් කර ගන්න. ඔබගේ ගැනුම්කරුවන් එක්ක පින්තූර අරන් පල කරන්න, ඔවුන්ගේ සත්‍ය සහ යහපත් වචන, ඔබගේ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන පින්තූර, ඊට ගැලපෙන වෙනත් රට වල කතා, ඔබගේ delivery අත්දැකීම් ගැන, ඒ ගැන පින්තූර වගේ තව තව දේවල් හිතල දවස ගානේ ශෙයා කරන්න.  වීඩියෝ වලට වඩා පින්තූර සහ සිංහලෙන් ලියන කොටස් එකතු කරන්න. මොකද අපේ අයට data ප්‍රශ්න සහ හැම තැනම වීඩියෝ බලන්න බැරි ප්‍රශ්න තියනවා. 

මේ විදිහට ඔබ කරන්නේ ඔබගේ ව්‍යාපාරය ගැන කතාවක් ඔබගේ පාරිභෝගික මනස තුල හදන එක.

අපි හැමදෙනාම කතා වලට කැමතියි. ඒ කතා මත ගොඩනැගෙන ප්‍රවෘති වලටත් ඕපාදුප වලටත් කැමතියි. ඒක තමයි ඇත්ත. එනිසා අපි මේ පියවර යටතේ කරන්නේ ඔබගේ ව්‍යාපාරයත් ඒ වගේ කතා වස්තුවක් කරන එක. ඒ වටා ප්‍රේක්ෂක පිරිසක් ගොඩ නගන එක. 

ඔබ හරියට තේරුම් අරගෙන කලොත්, මේ කියන ක්‍රමය හරිම පහසු, විනෝදජනක, යුක්තිසහගත සහ ඉතාම සාර්ථක Marketing ක්‍රමයක්.

 

3. දිනපතා ඒ පොස්ට්  Facebook හරහා ශෙයා කරන්න: ☑

 

4. සතිපතා ඔබේ Online Shop එකට ඉතාම ගැලපෙන Special Offer එකක් ගැන පොස්ට් එකක් පල කරලා උඩ විදිහට ශෙයා කරන්න. ඒ වගේ දේවල් වලට පාරිභෝගිකයන් ඉතාම කැමතියි.
(එනිසා සතියට වරක් ඔබට විශේෂ අවධානයක් ලැබෙනවා.)

 

5. මේ ක්‍රම හරහා සහ කාලාම ජාල නිසා ඔබගේ කාලාම Online Shop එකට පිරිස වැඩි වෙනවා. මිලදී ගන්න ප්‍රමාණය වැඩි වෙනවා.
ඔවුන්ගෙන් ඔබට "පණිවිඩ එවන සහ අමතන" අයගේ e-mail ලිපිනය සහ දුරකථන අංකය ලබා ගන්න, ලබාගෙන

- ඔබගේ My Store Customer Base එකේ ලියාපදිංචි කර ගන්න: ☑

- ඔබගේ කාලාම මිතුරන් කර ගන්න: ☑

ඔවුන්ගේ e-mail ලිපිනය සහ දුරකථන අංක ලබාගෙන කාලාමය පිටුවේ Customer Base එකට එකතු කිරීම ඉතාම වැදගත්. මොකද අපි ඔබට ඉදිරියේදී ඒ සියලුදෙනාට සතිපතා email සහ SMS යැවීමේ ක්‍රම හදල දෙනවා. එකට ටිකක් කල් යයි නමුත් ඒ අතරේ ඔබ ඔබගේ Customer Base එක හොඳින් හදාගෙන දියුණු කර ගන්න. 

 

6. දිනපතා දවසකට 10 දෙනා බැගින් ඔබගේ පාරිභෝගිකයන් විය හැකි යයි සිතන  කාලාමයේ දැනට ඉන්න ඔබ නොදන්න අයව මිතුරන් කර ගන්න: ☑

 

7. දිනපතා ඔබගේ Customer Base එකට අයත් කියල හිතන කාලාම සහ FB මිතුරන්ගේ පොස්ට්වලට කමෙන්ට් කරන්න. ඒ හරහා ඔබව ඔවුන්ට නැවත නැවත මතක් වෙනවා වගේම ඔබගේ පොස්ට් ශෙයා කරන්නත් ඔවුන් පෙළඹෙනවා. 

 

8. ඔබගේ මිතුරන් ප්‍රමාණය 5,000 වුනාට පස්සේ කිසි දවසක ඔබගේ පාරිභෝගිකයන් වෙන්නේ නැති අයව දිනපතා දවසට 10 දෙනා බැගින් ඉවත් කරන්න. ඔබ එක්ක කවදාවත් ගනුදෙනු කරන්නේ නැහැ කියල හිතෙන අය ඔබේ සැබෑ මිතුරන් නෙවේ නම් ඉවත් කරන්න. ඒ අකරුනාවක් නිසා නොවේ, සැබෑ ගනුදෙනු කරුවන්ට ඒ අවස්ථාව දෙන්න ඔනෑ නිසා: 

 

Customer Base එක ඊට වඩා වේගයෙන් හදන්න කැමතිද? 

එහෙම නම්,

✓ මේ ලිපියේ ඇති Hit List කියන ක්‍රමයත් උඩ පියවර වලට අමතරව අනුගමනය කරල ඒ පාරිභෝගිකයන්ගේ email ලිපින සහ mobile අංකත් තමන්ගේ Customer Base එකට එකතු කරන්න. 

✓ තවත් වේගය අවශ්‍ය නම් Marketing Plan එකක් භාවිතා කරන්න. 


මේ විදිහට ඔබගේ පාරිභෝගිකයන් ප්‍රමාණය වැඩි වෙන තරමට ඔබගේ ව්‍යාපාරය දියුණු කරගන්න පහසු බව මතක තියා ගන්න. ඒ වගේම නිතර ඔවුන්ට පේන්න පොස්ට් ශෙයා කරන එකත් වැදගත්. කාලාම My Store එක හොඳින් පවත්වාගෙන යෑමත් ඉතාම වැදගත්. ඒ හරහා තමයි ඔබව නිතර ඔවුන්ගේ මතකයට නැගෙන්නේ සහ ඔවුන්ට අසාවෙන් My Store එක භාවිතා කරන්න හිතෙන්නේ. 

ඔය හේතුව නිසා තමයි අපි එදා ඉඳන් දන්න කොකා කෝල වගේ දැන්වීම් අදත් TV එකේ නිතර පෙන්නන්නේ. එනිසා ඔබව නිතර ඔබේ කාලාම මිතුරන්ට පේන්න සලස්වන්න.

මේ තමයි ඔබගේ යාවජීව ස්ථිර Customer Base එක. ඒ පිරිස හදා ගත් දවසට ඔබගේ තරඟය අවසානයි. ව්‍යාපාරය නොවැටෙන තැනට එනවා. නමුත් පහත හතර වන පියවර ඉතාම අත්‍යවශ්‍යයි. 

 

ඉතාම වැදගත්:

මේ පියවර නිවැරදිව භාවිතා කලොත් කිව්වා වගේ ඔබට customer base එකක් කාලය සමග හැදෙනවා. ප්‍රාදේශීය ව්‍යාපාරිකයෙක් නම් Marketing වලට වෙනම වියදම් කරන්න අවශ්‍ය නැහැ. එනිසා මේ පියවර ඉතාම හොඳින් අනුගමනය කරන්න.

ඒ සඳහා "Marketing Plan එකක වැදගත්කම ඔබ දන්නවද?" ලිපිය කියවල "මගේ ගනුදෙනුකරු" සහ "මගේ සේවා ප්‍රදේශය" කියන කරුණු දෙකත් හොඳින් තේරුම් ගන්න. උඩ විදිහට ඔබ එකතු කර ගන්න ඕනෑ ඒ වර්ගයේ මිතුරන් 1000 ක් පමණ. මේ කරුණ ඉතාම වැදගත් බව මතක තියා ගන්න. 


සතර වන පියවර:

ව්‍යාපාරිකයෙකු සතු විය යුතු අවශ්‍ය දක්ෂතා පද්ධතිය ගැන හොඳින් ඉගෙන ගන්න: ☑

මගේ අතින් මේ ගැන "ව්‍යාපාරයක් ආරම්භ කරමු" කියන මාතෘකාවෙන් පාඨමාලාවක් ලබාදීලා තියනවා. අනුගමනය කරන්න. ඒ දැනුම නැතිව ව්‍යාපාරයක් සාර්ථක වෙනවා නම් ඒ ඉතාම කලාතුරකින්: මෙතැනින් පටන් ගන්න. 
 
ඒ පාඨමාලාව ඔබේ ව්‍යාපාරික අත්පොත වගේ භාවිත කරන්න. සිංහල ව්‍යාපාරිකයන්ගේ තියන ලොකුම අඩුපාඩුවක් වන පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමේ නොහැකියාව, මුදල් පරිපාලන ගැටළු ආදිය ගැටළු ගණනාවක් මේ අනුව අපිට විසඳ ගන්න පුළුවන්. 
 

මේ ගැන යම් ගැටළු තියනවා නම් කමෙන්ට් කරන්න.

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

 

ව්‍යාපාරයක් ආරම්භ කරමු 06: නිවැරදිව Ad එකක් ලියන උපක්‍රම 4ක්

⇨ ව්‍යාපාරයක් ආරම්භ කරමු 08: නිවාස 200යේ සරළ ව්‍යාපාරික ආකෘතිය ඉගෙන ගනිමු.

 

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari  

 

Android APP එක මෙතැනින් බාගත කරන්න

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ කාලාමයට ඇතුල් වන්න. 

කාලාම FAQs 

 කාලාමයේ ලියාපදිංචි වෙන්නේ කොහොමද?

 කාලාමය යනු කුමක්ද?

 විශේෂ එක්දින ව්‍යාපාරික පුහුණු වැඩමුළුවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

 නොමිළේ ලබා දෙන "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාව කොහෙද තියන්නේ?

 කාලාම Android APP එක බාගත කරන්නේ කොහොමද?

 විමධ්‍යගත ආර්ථික සැලැස්ම කියන්නේ මොකක්ද?

 

මම ව්‍යාපාරිකයෙක්, 

 මම Online Shop එකක් හදන්නේ කොහොමද?

 මම මගේම Customer Base එකක් හදන්නේ කොහොමද?

 මගේ දැන්වීම් කාලාම Market එකට එකතු කරන්නේ කොහොමද?

 මට කාලාමයේ තියන විශේෂ ව්‍යාපාරික අවස්ථා මොනවද? (ව්‍යාපාරික අවස්ථා 25ක්)

 මට ස්ථාවර Customer Base එකක් සකස් කිරීම ගැන විශේෂ පුහුණුක් ලබා ගත හැකිද?

 Quick Login Here