ව්‍යාපාරයක් ආරම්භ කරමු 10: හොඳ ව්‍යාපාරික සැලසුමක් හෝ අදහසක් තියනවා. නමුත් මුදල් බාධාවක් ද?


ව්‍යාපාරයක් ආරම්භ කරමු පාඨමාලාවේ 10 කොටස: Do you have a sound business plan or a business idea, yet the capital or the investment is a problem?

 

⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්. 

 

⇦ ව්‍යාපාරයක් ආරම්භ කරමු 09: Marketing Plan එකක වැදගත්කම ඔබ දන්නවද?

 ව්‍යාපාරයක් ආරම්භ කරමු 11: රේණුගේ කතාව 1 කොටස සහ භාණ්ඩ මිල තීරණය කිරීම

 

ආයුබෝවන්, 

මාතෘකාවේ ප්‍රශ්නයට බොහෝ ප්‍රතිචාර ලැබිල තිබුන නිසා මේ ලිපිය අදම ලියන්න හිතුව. නමුත් ලියන්න ලේසියි, ව්‍යාපාර වලට ආයෝජන සෙවීමත්, හරියට ව්‍යාපාරයක් කිරීමත් සෙල්ලමක් නෙවේ. ඒ නිසා ඒ දේට ඉස්සෙල්ලම ඔබ සුදානම්ද කියල තමන්ම තීරණය කරන්න. 

ව්‍යාපාරයක් සාර්ථක කර ගන්න ඔබගේ දක්ෂතාවය, ඔබගේ භාණ්ඩය භාණ්ඩය හෝ සේවය, ව්‍යාපාර සැලැස්ම, වෙළඳ සැලැස්ම වගේ කරුණු ගණනාවක් බලපානවා. 

 

ඔබ සාර්ථක ව්‍යාපාරයකට ආයෝජනය කිරීමට  කැමතිද?

 දැන්ම මෙතැනින් කාලාම Business Opportunities අංශය පරික්ෂා කරන්න.

 

මුලික කරුණු 4ක්.

1. ඔබ කවුද?

ඔබගේ දක්ෂතාවය ගැන මගේ අතින් ලිපි පෙළක් ලියවෙලා තියනවා. නමුත් එතැන තවම කියවුනේ තනිවම ව්‍යාපාරයක් කරගෙන යන විට අවශ්‍ය වන දක්ෂතා පද්ධතිය ගැන. නමුත් ඔබ කණ්ඩායමකට නායකත්වය දෙමින් ආයතනික මට්ටමෙන් ව්‍යාපාරයක් කරනවා නම් අපිට තවත් ඉගෙන ගන්න අවශ්‍ය වෙන දක්ෂතා ගණනාවක් තියනවා. ඒ ලිපි කියවල මුලික අදහසක් ගන්න. 

මම කවදත් කියනවා වගේ ගෙදරින් පොඩියට පටන් අරන් අත්දැකීම් ගන්න. ඒක තමයි පළවන ව්‍යාපාරික දොරටුව. 

 

2. ඔබගේ භාණ්ඩය හෝ සේවය මොකක්ද?

ඊළඟ කරුණ තමයි ඔබගේ භාණ්ඩය හෝ සේවය. සිල්ලර කඩයක් කියන්නේ ඉතාම හොඳ සේවයක්. නමුත් කඩ පහක් මැද්දේ ඔබ හයවන කඩය පටන් ගත්තොත් ගැටළුවක්. එනිසා ඔබේ භාණ්ඩය හෝ සේවය සුදුසු පරිදි තීරණය කරන්න ඕනෑ. ඒ දේට ජනතා ඉල්ලුමක් තියනවද නැත්නම් දැනට කරන අයත් අමාරුවෙන්ද කරගෙන යන්නේ වගේ කරුණු හොයල බලල තීරණය කරන්න ඕනැ. නැත්නම් ඔබේ කාලයත් මුදලත් අපතේ යනවා.

 

3. ඔබගේ සැලසුම මොකක්ද? 

තවත් කරුණක් තමයි ඔබේ ව්‍යාපාරික සැලසුම. මේක බරපතල මාතෘකාවක් නමුත් සරලව ගත්තොත්, ඉහත කරුණු දෙකත්, ඔබේ ඉලක්කත්, ඒ ඉලක්කයට යන්න භාවිතා කරන්න බලාපොරොත්තු වෙන මාර්ගයත් අඩුම ගානේ මෙතැන තියෙන්න ඕනැ. ඒක හිතේ තිබිල හරියන්නේ නැහැ. එක A4 පිටුවකට ගන්න ඕනැ. 

 

4. ඔබගේ විකිණීමේ සැලසුම (Marketing Plan) මොකක්ද? 

මේ කාරණයත් ඉතාම වැදගත්. අපි කාලාම හරහා බොහෝ ව්‍යාපාරිකයන්ට උදව් කරන්නේ මේ කරුනේදී. ඔබගේ ව්‍යාපාරයට අලුතෙන් පාරිභෝගිකයන් හොයාගන්න පැහැදිලි සැලසුමක් ඔබ ළඟ තියෙන්න ඕනෑ. ඒක කාලාම App එක විතරක් වෙන්න බැහැ, ඉන් පිටත ලෝකයේ ඔබගේ වෙළඳ සැලැස්මකුත් තියෙන්න ඕනැ. 

සමහර සේවා වලට අත්පත්‍රිකා බෙදීම පමණක් ප්‍රමාණවත්, නමුත් සමහර භාණ්ඩ වලට, ගෙයින් ගෙට ඇවිදින්න වෙන්න පුළුවන්. මේගැන ඔබට සැලසුමක් තියෙන්න ඕනැ. 

මේ අවශ්‍යතාවය නිසාම අපි අතින් ලියවුනු "Marketing Plan එකක වැදගත්කම ඔබ දන්නවද?" කියන ලිපියත් අනිවාර්යයෙන් කියවන්න. 

 

ආයෝජන හොයා ගන්නේ කොහොමද? 

ඔබට උඩ කී කරුණු වලට ආකර්ශනීය පිළිතුරු තියනවා නම් ඇත්තටම ආයෝජන හොයා ගන්න එක අමාරු නැහැ. නමුත් ඔබට පැහැදිලි උවමනාවක්, ඉලක්කයක් වගේම කී විදිහට සැලසුමක් තියෙන්න ඕනැ. අනුන්ගේ සල්ලි අරන් සෙල්ලම් කරලා බලන්න කොහොමවත්ම හිතන්න එපා. තමන් හොයන ආයෝජනය තමන්ගේ අතින් යොදනවා නම් කොහොම සැලකිල්ලක් දක්වනවද කියන එක සලකල බලල ඒ වගේම සැලකිල්ලක් දක්වනවා නම් පමණක් වැඩේට අත ගහන්න. 

කාලාම හරහා අපිට ආයෝජන හොයන්න පුළුවන්. 2021 ජනවාරි වෙනකොට තමයි අපිට ඒ දේ හොඳින්ම කරන්න පුළුවන්, නමුත් දැනටත් තරමක දෙයක් කරන්න පුළුවන්. 

 

ආකර්ශනීය සරල ආයෝජකයන් කැඳවීමක් 

උඩ විස්තර කල කරුණු පදනම් කරගෙන මේ කැඳවීම ඉස්සෙල්ලම ලියන්න ඕනැ. මේ තියන්නේ සරල උදාහරණයක්:

ආයුබෝවන්,
මම අමිල xxx, අවුරුදු ගණනාවක කෙටි කෑම සැදීමේ අත්දැකීම් ඇති කෝකියෙක්. පාන්පිටි ආහාරයට ගැනීමේ බොහෝ සෞඛ්‍ය ගැටළු ඇති බැවින්, මම කාලයක් තිස්සේ පරීක්ෂණ පවත්වල 50% ක් පාන්පිටි කුරක්කම් පිටි මගින් ආදේශ කර ගැනීමේ ක්‍රාමයක් සොයා ගත්තා.

දැනට ඉතා සාර්ථකව එම ව්‍යාපාරය ඉතාම කුඩා මට්ටමෙන් කරගෙන යනවා. දරුවාගේ දෙමව්පියන්, පාසල් විදුහල්පතිවරු පවා ඉතාම සතුටින් මේ ආහාර ගැනීමට යොමුවෙන්නේ කුරක්කන් පිටිවල ඇති විශේෂ වැදගත්කම නිසාමයි.

මේ ව්‍යාපාරය මම ඊළඟ තලයට ගෙනියන්න දැන් කැමැත්තෙන් ඉන්නවා. නමුත් මා ධනවතෙකු නොවෙන නිසා මේ විදිහට ආයෝජකයෙක් සොයන්න කල්පනා කළා.

ආයෝජනය කලයුතු මුදල ලක්ෂ පහක් පමණ වන අතර ඔහුට හෝ අයත් සමග සමුහ ව්‍යාපාරයක් ලෙස මගේ ව්‍යාපාරය දියුණු කරන්න මම කැමතියි.
මුදල් ආයෝජනයට අමතරව ක්‍රියාකාරීව ව්‍යාපාරය දියුණු කල හැකි කෙනෙක් වීමත් ඉතාම වැදගත්.

මගේ ඉලක්කය ආරම්භක අවුරුද්ද තුල මසකට 5000kg විකිණීම. බලාපොරොත්තු වන දල ලාභය රු. 250,000 පමණ. එයින් ප්‍රවාහන වියදම්, සේවක පඩි ආදිය ගෙවන්න වෙනවා.

දෙවෙනි තුන්වෙනි අවුරුදුවල මසකට 10,00kg, මසකට 15,000kg ඉලක්ක කිරීමට බලාපොරොත්තු වෙනවා. එනිසා ඔබට අත්දැකීම් තියනවා නම් ඉතාම වටිනවා. 

මේ පිටි මිශ්‍රණය පැකට් කරලා කාලාම ජාලය හරහා සිල්ලර විදිහටත් කළුතර දිස්ත්‍රික්කය ඇතුලේ කඩවලට තොග විදිහටත් විකුනන්න සැලසුම් කරනවා. සාර්ථකත්වය එකක් අනිත් ප්‍රදේශවල විකිණීම ආරම්භ කරනවා. 

ස්තුති, අමිල xxx,
අමතන්න : 070 xxx  / 071 xxx  

 

මේ උදාහරණය කියවල බැලුවොත් පේනවා, ඉතාම සරලව උඩ සඳහන් කරුණු අන්තර්ගත වෙලා තියන බව. ඒ වගේම අවංකකම, ලොකුකම් නැති බව, අනාගත ඉලක්ක ආදිය ඒ සටහනේ පේන්න තියෙන්න ඕනැ. 

ඒ උදාහරණය අපි ප්‍රචාරය කරලා පැය 48 යන විට ආයෝජකයන්ගණනාවකගෙන් ඇමතුම් ලැබුන. ඒ අමිල මහත්මයා විසින් ඒ අතරින් එක් කෙනෙක් තෝරාගෙන ඉදිරියට යන්න තීරණය කලා. 

මේ උදාහරණයම ප්‍රමාණවත් අවංකව කැප වෙන කෙනෙකුට ආයෝජකයන් ආකර්ෂණය වෙන බව තහවුරු කර ගන්න. 

 

නමුත් කරුණු හතරක් ඉතාම වැදගත්,

 

1. ඒ “කැඳවීම” ලියන ආකාරය:

මේ කරුණ ඉතාම වැදගත්, අකර්ශනියව ලිව්වේ නැත්නම්, සියල්ල වතුරේ යනවා. 

 

2. අවංක බව:

උඩ කරුණු 4ක් මම සඳහන් කළා. ඒවා නිකම් වචන නොවී අවංක, ප්‍රයෝගික කරුණු සහ සැලසුම් වෙන්න ඕනැ. බොරු කියන්න, බොරු කරන්න හිතන්නවත් එපා. මෙලොව පරලොව සාර්ථකත්වය ගැන හිතල සැලසුම් කරන්න. 

 

3. ලැබෙන ඇමතුම්වලට කතා කරන ආකාරය:

උඩ කී අවංක බවත්, නිහතමානී බවත් නිවැරදිව පිහිටලා තිබුනොත් මේ කරුණ අමාරු නැහැ. නමුත් වැල් වටාරම් කතා නොකර, තමන්ගේ ලොකුකම් නොකිය තමාගේ අත්දැකීම් නිහතමානිව කියන්න, භාණ්ඩය හෝ සේවය විස්තර කරන්න, ඉලක්ක සහ සැලසුම් පැහැදිලි කරලා දෙන්න. 

වැඩේට කැමති නම් කල්දාන්නෙ නැතිව පටන් ගන්න. 

 

4. ආයෝජකයාට ලැබෙන ප්‍රතිලාභ:

කෙනෙක් ඔබට මුදල් යොදවන්නේ අවධානම දැනගෙන. එනිසා ඔවුන් සම්පුර්ණ ආයෝජනයම කරනවා නම් ව්‍යාපාරයෙන් සෑහෙන ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. ඒ ගැන ඔබ කලින්ම තීරණය කරලා සැලසුම් කරලා තියෙන්න ඕනෑ. බොහෝ අවස්ථාවල සම්පුර්ණ ආයෝජකවරු ව්‍යාපාරයෙන් 30-70% දක්වා බලාපොරොත්තු වෙන අවස්ථා අපි දැකල තියනවා. 

ඒවගේම ඔහුට හෝ ඇයට මසකට මොන වගේ ලාභය ලැබිය හැකිද කියල කියන්න වෙනවා. නමුත් ඒවා උපකල්පන බව තේරුම් කරන්න ඕනෑ. 

ඒ වගේම ආයෝජකවරයාගෙන් ඔබ බලාපොරොත්තු වෙන ක්‍රියාකාරිත්වයත් පැහැදිලිව කියන්න ඕනෑ. 

ඔබ සාර්ථක ව්‍යාපාරයකට ආයෝජනය කිරීමට  කැමතිද?

 දැන්ම මෙතැනින් කාලාම Business Opportunities අංශය පරික්ෂා කරන්න.

 

“සියලු ව්‍යාපාරික අදහස් මගේ, මම මොකටද ලාභය බෙදා ගන්නේ”  කියල ඔබට හිතෙන්න පුළුවන්. 

බැංකුවකින් ණයක් ගන්න පුළුවන් නම් ඔබට මේ වගේ ක්‍රමයකට යන්න අවශ්‍ය නැහැ. නමුත් ව්‍යාපාරය වැරදුනොත් ඔබේ උගස් කල ඉඩමත් නැති වෙනවා. එනිසා මේ ක්‍රමය අවධානමත් ලාභයත් කියන දෙකම බෙදා ගන්න ක්‍රමයක්. ඒක එක හේතුවක්. 

මේක අපි හොයාගත්ත ක්‍රමයක් නෙවේ, ලෝකේ බොහෝ රටවල භාවිතා කරන ක්‍රමයක්. Business angels, venture capital financing, crowdfunding, seed funding වගේ වචන පිටිපස්සේ තියන්නේ අඩු වැඩි වශයෙන් මේ සංකල්පය තමයි. 

බැංකුවලින් දහසක් ප්‍රශ්න අහල, ඔබව රස්තියාදු කරලා ව්‍යාපාර කිරීම එපා කිරීම තව හේතුවක්. 

ඒ වගේම අපි තේරුම් ගන්න ඕනැ, අදහස අදහසක්ම පමණයි, ඒක මහ පොළොවේ කවදාවත් ක්‍රියාත්මක නොවුනොත් හිතේම ඉපදිලා හිතේම මැරිලා යනවා. එනිසා තමයි ආයෝජකයන් දෙවදුතයන් කියල කියන්නේ (Angel Investors, Business Angels).

ඔවුන් නැති ව්‍යාපාරික අදහස් බොහෝ දුරට කොස් කොටන්නවත් ගන්නේ නැති කඩු වගේ. එනිසා මුකුත්ම නැතිව ඉන්නවට වඩා අපි ව්‍යාපාරයෙන් භාගයක් හරි දීල ආයෝජන හොයාගෙන වැඩ පටන් ගමු. 

නමුත් අමතක කරන්න එපා, කිසිම බාහිර ආයෝජනයක් නැතිව පොඩියට ගෙදරින් පටන් අරන් කාලය එක්ක විශාල ව්‍යාපාර ගොඩ නගන්නත් පුළුවන් බව. 

 

කැඳවීම ප්‍රචාරය කරන ආකාරය 

උඩ තියන කරුණු අනුව හොඳින් කැඳවීමක් ලිව්වට පස්සේ කාලාම Business Opportunities අංශයේ සාමාන්‍ය දැන්වීමක් විදිහට ප්‍රචාරය කරන්න. මතක් කරලා Location එක සහ ඛණ්ඩය නිවැරදිව තෝරන්න. 

ඊට පස්සේ අපි කාලාම ජාල තුල ඒ දැන්වීම ප්‍රචාරය කරනවා. 

අමතර අවධානයක් සඳහා අනිවාර්යයෙන් Facebook, Linked In, Tweeter, Instergram වගේ තැන වල හැකි තරම් ශෙයා කරන්න.   

 

මේ ගැන යම් ගැටළු තියනවා නම් කමෙන්ට් කරන්න.

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

 

 

⇦ ව්‍යාපාරයක් ආරම්භ කරමු 09: Marketing Plan එකක වැදගත්කම ඔබ දන්නවද?

 ව්‍යාපාරයක් ආරම්භ කරමු 11: රේණුගේ කතාව 1 කොටස සහ භාණ්ඩ මිල තීරණය කිරීම


----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari 

 

Do you have a sound business plan or a business idea, yet the capital or the investment is a problem? 

We have received so many inquiries for this topic and I thought to write about it today itself. But I must say that it is easy to write about finding business investments but finding and running a business is not that easy. 

Therefore, please decide if you are ready to talk to prospective business investors and take the responsibility of operating a profitable business. 

Many factors should be fulfilled in order to be successful in a business. Some of them include your skill set, your service or the product,  business plan and the marketing plan of your business.

 

Android APP එක මෙතැනින් බාගත කරන්න

 මේ යතුරෙන් විනාඩියෙන් 

⇨ කාලාමයට ඇතුල් වන්න. 

කාලාම FAQs 

 කාලාමයේ ලියාපදිංචි වෙන්නේ කොහොමද?

 කාලාමය යනු කුමක්ද?

 විශේෂ එක්දින ව්‍යාපාරික පුහුණු වැඩමුළුවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

 නොමිළේ ලබා දෙන "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාව කොහෙද තියන්නේ?

 කාලාම Android APP එක බාගත කරන්නේ කොහොමද?

 විමධ්‍යගත ආර්ථික සැලැස්ම කියන්නේ මොකක්ද?

 

මම ව්‍යාපාරිකයෙක්, 

 මම Online Shop එකක් හදන්නේ කොහොමද?

 මම මගේම Customer Base එකක් හදන්නේ කොහොමද?

 මගේ දැන්වීම් කාලාම Market එකට එකතු කරන්නේ කොහොමද?

 මට කාලාමයේ තියන විශේෂ ව්‍යාපාරික අවස්ථා මොනවද? (ව්‍යාපාරික අවස්ථා 25ක්)

 මට ස්ථාවර Customer Base එකක් සකස් කිරීම ගැන විශේෂ පුහුණුක් ලබා ගත හැකිද?

 Quick Login Here