⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්.
⇦ ව්‍යාපාරයක් ආරම්භ කරමු 08: නිවාස 200යේ සරළ ව්‍යාපාරික ආකෘතිය ඉගෙන ගනිමු.
⇨ ව්‍යාපාරයක් ආරම්භ කරමු 10: හොඳ ව්‍යාපාරික සැලසුමක් හෝ අදහසක් තියනවා. නමුත් මුදල් බාධාවක් ද?
ආයුබෝවන්,
ඔබ අතරින් බොහෝ දෙනෙක් Marketing Plan කියන වචනය නම් අහල ඇති. නමුත් බොහෝ දෙනෙක් ඒගැන දන්නේ නැති බව පේනවා. ඇතැම් අය ඒගැන ඉගෙන ගෙන ඇති, නමුත් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන විදිහ, වැදගත්කම වගේ දේවල් නම් ඔවුන්ටත් එතරම් පැහැදිලි බවක් පෙන්නේ නැහැ.
Marketing Plan එකක් කියන සංකල්පය ගැන බොහෝ අදහස් සහ අර්ථකතන තියනවා. මතවාද, වාද විවාදත් නැතිව නෙවේ. නමුත් මම කියන්න යන්නේ ඒ පොත් වල තියන කරුණු නෙවේ. ප්‍රයෝගිකව, සරලව අපි කොහොමද Marketing Plan එකක් හදා ගන්නේ සහ එකෙන් වැඩ ගන්නේ කියන දේ.
ඊට කලින් මතක් කරන්න කැමතියි, මම මේ ලිපි පෙළ හරහා ව්‍යාපාරිකයෙකුට අවශ්‍ය දක්ෂතා පද්ධතිය ගැන ලියල තියනවා. ඒවා කියවල බලල හැකියාව දියුණු කර ගන්න. ආසාව තිබුනට පීනන්න බැහැ වගේ ආසාව තිබුනට විතරක් ව්‍යාපාර කරන්න බැහැ. අවශ්‍ය දක්ෂතා දියුණු කර ගන්න ඕනෑ. එහෙම නැත්නම් ව්‍යාපාර කිරීමත් එක්ක එපා වෙනවා. ඒ නිසා ඒවා කියවන්න.
ඉස්සෙල්ලම මොකක්ද මේ Marketing Plan එකක් කියන්නේ?
Marketing Plan එකක් කියන්නේ ව්‍යාපාරයකට අවශ්‍යම අංගයක්. ඔබ සාර්ථක ව්‍යාපාරිකයෙක් නම් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව Marketing Plan එකක් අනුගමනය කරලා තියනවා. සමහර අයගේ DNA වලින්ම Marketing දක්ෂතා එන නිසා, දන්නෙම නැතිව ඒ අනුව සාර්ථක වෙනවා.
සරලව ගත්තොත් Marketing Plan එකක් කියන්නේ ඔබේ භාණ්ඩය හෝ සේවය ගැන පාරිභෝගිකයන් දැනුවත් කරන ක්‍රම එකතුවක්. එක ඔබගේ ව්‍යාපාරික සැලැස්මේ ඉතාම වැදගත් කොටසක් වෙනවා.
මෙතැන වැරදුනොත් ඔබගේ භාණ්ඩය මොනතරම් හොඳ වුනත්, ව්‍යාපාරය අසාර්ථක වෙනවා. එනිසා හිතේ හය්යෙන් ව්‍යාපාර කරනවට වඩා හොඳ ව්‍යාපාරික සැලැස්මක් සහ Marketing සැලැස්මක් එක්ක ව්‍යාපාරයකට ඇතුල් වීම අවදානම අවම කර ගන්න ප්‍රධාන හේතුවක්.
Marketing Plan එකක ප්‍රධාන අංග මොනවද?
මේ ගැනත් විවිධ මත තිබුනත්, මම අනුගමනය කරන මගේ ක්‍රමය කියන්නම්. මේ වන විට ඔබ භාණ්ඩයත් මිලත් තීරණය කරලා ඉන්න ඕනැ. මිල පස්සේ වෙනස් වෙන්න පුළුවන්, ඒක ගැටළුවක් නැහැ.
ඊට පස්සේ පහත කරුණු තේරුම් අරන් ලේඛනගත කරගන්න ඕනෑ.
1. මගේ ගනුදෙනුකරු (Ideal Customer)
මගේ භාණ්ඩය හෝ සේවය මිලදී ගන්නේ මොන වගේ අයද කියන එක තමයි මෙකෙ අදහස. ඔබගේ භාණ්ඩය වස විස නැති ටිකක් මිල වැඩි එළවලු කියල අපි හිතමු. එහෙම නම් ඔබ විකිනීමට ඉලක්ක කල යුත්තේ කාටද?
ඔබගේ භාණ්ඩය කාන්තාවන්ගේ අත් බැග් එකක් නම් ඔබ විකිනීමට ඉලක්ක කල යුත්තේ කාටද?
ඔබගේ භාණ්ඩය පළතුරු ටෝෆියක් නම් ඔබ විකිනීමට ඉලක්ක කල යුත්තේ කාටද?
මේ උදාහරණ අනුව ඔබට තේරෙනවා ඇති අපේ භාණ්ඩය සහ මිල අනුව “මගේ ගනුදෙනුකරු” වෙනස් වෙනවා කියල. ඒ කරුණ හොඳින් තේරුම් අරගෙන අපි නිවැරදි ගනුදෙනුකරු ගාවට පමණක් භාණ්ඩය ගෙනියන්න ඕනැ. වැරදි පිරිස මග හරින්න ඕනැ.
කාන්තාවන්ගේ අත් බැග් එකක් අරන් විකුණන්න කියල උසස් පෙළ පිරිමි දරුවෝ පමණක් ඉන්න පන්තියකට ගියොත් මොනවා වේවිද? ඔබගේ කාලය මුදල නස්ති වෙනවා වගේම ඔබ උපහාසයට ලක් වෙනවා, නමුත් සාර්ථක විකිණීමක් බලාපොරොත්තු වෙන්න බැහැ.
එනිසා මේ කරුණ හරියට තේරුම් ගත්තේ නැත්නම් ව්‍යාපාරය අසාර්ථක වෙනවා වගේම ඔබට ව්‍යාපාර කිරීමම එපා වෙනවා.
ඒ කාන්තාවන්ගේ අත් බැග් එකම විශ්වවිද්‍යාල ශිෂ්‍යයාවන් ඉන්න පන්තියකට අරන් ගියොත්,... මේ වගේ ඔබේ Ideal Customer කවුද කියල වටහා ගැනීම Marketing Plan එකේ ප්‍රධාන අංගයක්.
2. මගේ සේවා ප්‍රදේශය (Place or Hot Zone)
මේ කරණය තේරුම් ගන්න පහසුයි. ඔබ ගම්පහ සිල්ලර කඩයක් දාල කුරුණෑගල බැනර් දාල වැඩක් නැහැ.
ඒ නිසා ඔබේ නිසි සේවා ප්‍රදේශයේ පමණක් Ideal Customers හොයල දැනුවත් කරන්න ඕනෑ. ඒ අනුව ඒ ප්‍රදේශයේ ව්‍යාපාරික බලය තහවුරු කරගෙන තමයි “මගේ සේවා ප්‍රදේශය” (Hot Zone) පුළුල් කරන්න ඕනැ.
අපි හිතමු ඔබ බැනර් 500ක් ගහන්න තීරණය කලා කියලා. ඒ 500 ය ගම්පහ දිස්ත්‍රික්කය පුරාම ගහනවද නැත්නම් කඩේට එන පිරිස ජීවත්වෙන ප්‍රදේශයේ පමණක් ගහනවද? ඒ තමයි “මගේ සේවා ප්‍රදේශය” කියල ඔබ තීරණය කල යුතු ප්‍රදේශය. ඔබේ Marketing වැඩ කටයුතු ඒ ප්‍රදේශයට පමණක් සිමා වෙනවා. ඒ වගේම Ideal Customer පිරිසට පමණක් සිමා වෙනවා. ව්‍යාපාරය දියුණු කිරීමේදී තමයි පුළුල් කරන්නේ.
3. ප්‍රචාරණ ක්‍රම (Promotion)
උඩ කරුණු දෙක අනුව Ideal Customer පිරිස දැනුවත් කරන ක්‍රම තමයි මෙතැනදී තීරණය කරලා සැලසුම් කරන්නේ. පත්තරේ දැන්වීම් දැමීම, පත්‍රිකා බෙදීම, බැනර් ගැසීම, ගෙයින් ගෙට ඇවිදීම වගේ සම්ප්‍රදායික ක්‍රම හෝ Facebook Ads, Google Ads, කාලාම ජාලය වගේ නවීන ක්‍රම හෝ මේ ක්‍රම වල මිශ්‍රණයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්.
ඒ තීරණය ගන්නේ ඉතාම සරලව ඔබ වැය කරන මුදලට ඔබට ලැබෙන ප්‍රතිලාභ අනුව. ඒක ඔබේ භාණ්ඩය, ප්‍රදේශය, Ideal Customer අනුව වෙනස් වෙනවා. එනිසා ඒ ගැන අත්දැකීම් සහ දැනුම තියන අයගේ උපදෙස් ගැනීම තමයි හොඳම ක්‍රමය.
කාලාම ජාලය ඔබට නොමිලේ ලැබෙන නිසා ගැටළුවක් නැහැ. ඒ වගේම ගෙයින් ගෙට ඇවිදීම ඉතාම හොඳ ක්‍රමයක් නමුත් දැනුවත්ව පරිස්සමින් කරන්න ඕනැ. ඔබට කාලය පමණයි වැය කරන්න වෙන්නේ නමුත් අත්දැකීම් බොහෝ ලැබෙන ප්‍රචාරණ ක්‍රමක්.
Facebook Ads පහසුවෙන් කරන්න පුළුවන්, නමුත් විෂය නොදැන නිකම්ම Boost කරන්න ගියොත් මුදල් නාස්ති වෙන්න පුළුවන්. එනිසා උපදෙස් සහිතව අත්දැකීම් අරගෙන ටිකෙන් ටික ඉදිරියට යන්න.
ඒ අනුව ඔබ සැලසුම් කරන ප්‍රචාරණ ක්‍රම මොනවද කියන එක තමයි මෙතැනදී අදහස් වෙන්නේ. ඔබ ඉදිරියේදී වැඩ කරන්නේ ඒ අනුව පමණයි. හිතෙන හිතෙන ප්‍රචාරණ අදහස් වලට වියදම් කරන්නේ නැහැ.
4. භාවිතා කරන උපාංග (Tools)
මේ කරුණත් ඉතාම වැදගත්. උඩ කී විදිහට ප්‍රචාරණය කරන කොට ඔබට පාරිභෝගිකයන් ලැබෙනවා. පළමු කරුණ විදිහට ඔවුන් ඉස්සෙල්ලම ආකර්ෂණය කර ගන්න ඕනෑ, දෙවෙනි කරුණ විදිහට ඔවුන් නැවත කැඳවා ගන්න ඕනෑ.
මේ සඳහා හොඳම tool එකක් විදිහට තමයි අපි කාලාම App එක ඔබට ලබා දෙන්නේ.
ඒ අනුව විශේෂ ආකර්ශන තුනක් ඔබගේ පාරිභෝගිකයන්ට ලැබෙනවා.
1. කාලාම ජාලයේ කොටස්කරුවෙකු බවදැන ගැනීම.
මේ අනුව ඔබ නිකම්ම තනි ව්‍යාපාරිකයෙක් නොවේ කාලාම ප්‍රජාවේ සාමාජිකයෙක් කියලා පාරිභෝගිකයන් දැන ගන්නවා. ඒ අනුව විශ්වාසය ඉබේම තහවුරු වෙනවා.
කෙනෙක් කිව්වොත් මම කඩයක් කරනවා කියල, ආසන්නා “හොඳයි” කියනවා. ඊට පස්සේ ඒක තියන්නේ Liberty Plaza එකේ කිව්වොත් කලින්ට වඩා විශේෂ විශ්වාසයක් සහ සම්බන්ධකමක් දැනෙනවා. "ඇත්තද?" කියල අහනවා. අන්න ඒ වගේ තමයි දේශීයත්වය සහ තමන්ගේකම අගයන කාලාමයේ සාමාජිකයෙක් කියල දැනගත්තහම එන විශ්වාසය. එක මුලින්ම එන පාරිභෝගිකයන් ඔබ වෙත ආකර්ෂණය කරගන්න ඉතාම වටිනවා.
2 සහ 3. My Store මොඩියුලය සහ ඔබේම App එකක්
ඔබගේ පාරිභෝගිකයන් හැමතිස්සෙම පහසුව බලන බව ඉතාම හොඳින් මතක තියාගන්න. අපි කොච්චර සැලසුම් හදලා ප්‍රජාව දැනුවත් කලත් ඔබ එක්ක වැඩ කරන්න අපහසු නම් ඔවුන් යන්න යනවා.
අන්න ඒ ප්‍රශ්නයට විසඳුමක් විදිහට තමයි අපි කාලාම My Store මොඩියුලය සහ ඔබේම App එකක් ලබා දෙන්නේ. ඒ අනුව ඒ පාරිභෝගිකයන්ට ඔබ එක්ක App එකක් හරහා ඉතාම කාර්යක්ෂමව ගනුදෙනු කරන්න පුළුවන් වෙනවා. කාර්යාලයේ වැඩ කරන අතරේ පවා App එක හරහා ඔබගේ My Store එකට ඇනවුමක් යොමු කරන්න පුළුවන් වෙනවා.
මේ tools නිසා ඔවුන් හැලෙන ප්‍රමාණය අඩු වෙනවා වගේම නැවත පැමිණෙන ප්‍රමාණය වැඩි වෙනවා.
එහෙම නැවත පැමිණෙන පාරිභෝගිකයන්ට අපි Repeat Customers කියල කියනවා. ඔවුන් ඔබේ ව්‍යාපාරයට ගොඩක් වටින බව මතක තියා ගන්න. ඔවුන් තමයි ඔබගේ ව්‍යාපාරයේ අනාගතය, එනිසා මේ tools හොඳින් භාවිතා කරන්න.
මේ තමයි marketing plan එකක මුලික අංග. ඒ අනුව ඔබට සැලසුමක් හදා ගන්න දැන් පුළුවන් කියල හිතනවා. ඊට පස්සේ හිතෙන හිතෙන දේ කරන්නේ නැතිව මේ සැලසුම අනුගමනය කරන එක ඉතාම වැදගත්.
මේ ගැන යම් ගැටළු තියනවා නම් කමෙන්ට් කරන්න.
තෙරුවන් සරණයි!
ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204
⇦ ව්‍යාපාරයක් ආරම්භ කරමු 08: නිවාස 200යේ සරළ ව්‍යාපාරික ආකෘතිය ඉගෙන ගනිමු.
⇨ ව්‍යාපාරයක් ආරම්භ කරමු 10: හොඳ ව්‍යාපාරික සැලසුමක් හෝ අදහසක් තියනවා . නමුත් මුදල් බාධාවක් ද?
----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
#Dr_Adikari