“ආසන බුද්ධි මණ්ඩප” සංකල්පය යනු කුමක්ද?


What is Democracy? Do we really enjoy a democracy in Sri Lanka?

පුවත්පත් සටහනක් ඇසුරින්,...


පසුගිය වසර 71ක් පුරාවට අප මාතෘ භුමියේ දේශපාලනික වටපිටාව අතිශයින් අදුරදර්ශි වුත් රටර අවැඩදයකවුත් තත්වයක් බව අපි කවුරුත් පිළිගන්න සත්‍යයකි. මේවන් වටපිටාවක් තුල ඒක පසකින් ආගමික අන්තවාදීන් සුක්ෂම විදිහට අපගේ මාතෘ භුමිය ආක්‍රමණය කරන්න උත්සාහ දරන අතර අනිත් පසින් මහා පරිමාණ සවිධාන ලෙස ඔවුනට මුදල් මෙරටට ගෙන්වා ක්‍රියාත්මකවීමට අපගේ පාලකයන් ඉඩදී බලා සිට ඇත. ඒ අන්තවාදීන්ට රිසිසේ ක්‍රීඩා කිරීමට ඉඩ පහසුව ලබාදුන් නායකයන් රටට, ජාතියට හෝ ආගමට කිසිම ආදරයක් ඇති පිරිසක් නොවෙයි. 

මෙවන් මහා ව්‍යසනකාරී සිදුවීම් දුටු විද්වතුන් නොයෙකුත් අදහස් සමාජගත කරන්නට උත්සහදැරුවේ මෙවන් ව්‍යසන දෙස තවත් බලා සිටිය නොහැකි බැවිනි. මේ රට කෙසේ හෝ ගලවා ගත යුතුයි යන අදහසිනි. මේ අතර බෝහෝ විද්වතුන් අදහස් සහ පාලකයන් විසින් අනුගමනය කලයුතු ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කළත්, එක් අයෙක් මෙම ගැටලුව ස්ථිරවම විසඳා දැමිය හැකි දේශපාලනික ක්‍රමවේදයක් “ආසන බුද්ධි මණ්ඩප” සංකල්පය නමින් පසුගිය දිනක ඉදිරිපත් කළේය. 

ඔහු නමින් දේශමාන්‍ය ආචාර්ය බුද්ධික අදිකාරී. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියද, එංගලන්තයේ සරේ විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු අංශයෙන් ආචාර්ය උපාධියද ලබාගත් බුද්ධ ශාසනයටත් සමාජයටත් වටිනා මෙහෙවරක් කරන දේශීය ව්‍යාපාරිකයෙකි, උගතෙකි.  

 

ඔහු පසුගිය දිනක පවතී ඔහුගේ දේශනයේදී “ආසන බුද්ධි මණ්ඩප” සංකලය මෙසේ හඳුන්වා දුනි. 

 

“අපි දන්නවා මේ රටේ ආසන 167ක් තියනවා. මේ අනුව දළ වශයෙන් ඒ අතරින් සිංහල බහුතරය ඇති ආසන 140කට ආසන බුද්ධි මණ්ඩප සකස් කරන්න වෙනවා. මේ හැම ආසනයකම බුද්ධි මණ්ඩපයේ සංයුතිය වෙන්නේ 65%ක් භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලා 15 නමක් අවශ්‍යයි මෙතෙන්ට. ඉතිරි 8 දෙනා ගිහියන්. 

 

කතෝලික පිරිස් ඇති ආසනවල ජන අනුපාතයට අනුව භික්ෂුන්වහන්සේලා වෙනුවට සිංහල පුජකවරු ඇතුලත් කරගන්නවා. නමුත් හැම ආසනයකම ජන අනුපාතය මොකක් වුනත්, අපේ සංකල්පය තුල 30% භික්ෂුන්වහන්සේලා වැඩ ඉන්නම වෙනවා. මොකටවත් නෙවෙයි, අපේ සිංහල රටේ ප්‍රධානම සංස්කෘතිය වන සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරන්න. ආසන බුද්ධි මණ්ඩපය ගන්න හැම තීරණයක්ම සිංහල බෞද්ධ සංස්කෘතිය අනුව යන්න ඕනෑ කියන එකයි අපේ දැක්ම.

 

එතකොට ආසන බුද්ධි මණ්ඩපයේ ඉන්න ඉතිරි 35%ක් පිරිස එහෙම නැත්නම් ගිහියන් 8දෙනා ප්‍රදේශ වාසීන් නියෝජනය කරනවා. ඒ අය අනිවර්යයෙන්ම ආගමට ජාතියට ආදරය ඇති පිරිසක් වෙන්න ඕනෑ. අපි යෝජනා කරනවා ආසනයේ ජීවත්වෙන විදුහල්පතිවරු, වෛද්‍යවරු, නීතිවේදීන්, කෘෂි උපදේශකවරු, ව්‍යාපාරිකයන් වගේ අය සුදුසුයි කියල. නමුත් ආසනයේ භික්ෂුන්වහන්සේලට බලය තියනවා සුදුසු පිරිස කවුද කියල තීරණය කරන්න අපේ රාමුව තුල. 

මෙහෙම සකස් වෙන ආසන බුද්ධි මණ්ඩපයේ පළමු කාර්යය භාරය වෙන්නේ තම ආසනය නියෝජනය කරන්න චන්ද අපේක්ෂකවරු එක්කෙනෙක් හෝ කීප දෙනෙක් හොයල ඉදිරිපත් කරන එක.

මේක නෙමෙයිද නියම ප්‍රජාතන්ත්‍රවාදය? මේ රටේ පාර්ලිමේන්තුවට යන එවුන් පිස්සු නටන එක නවත්වන මෙයිට වඩා හොඳ ක්‍රමයක් තියනවද? තියනවනම් අපි ඒ සාධනීය ලක්ෂණ එකතු කරමු. මහා සිංහල තනි අරමුණකට යමු. සියලු සිංහලයෝ මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙමු. තවත් නම් කල්දාන්න කම්මැලි වෙන්න කාලයක් නැහැ.” 

 

ආචාර්ය බුද්ධික අදිකාරී මහතා තම කාර්යට සහය දීමට නන්දෙසින් ස්වේච්චාවෙන් ඉදිරිපත්වී ඇති තරුණ උගතුන්ට තම සංකල්පය ඉදිරිපත් කලේ මෙසේය. ඔහු එකහෙලා කියා සිටින්නේ පාර්ලිමේන්තුවට යවන නියෝජිතයන් නියාමනය කළහැකි මෙවන් වැඩපිළිවෙලකින් තොරව අපේ රටේ වංචාව දුෂණය ඇතුළු පාලකයන්ගේ දහසක් අක්‍රමිකතා විසඳිය නොහැකි බවයි. 

මේ සංකල්පය අනුව ස්වාදීන දේශපාලන කණ්ඩායම් ඉදිරිපත් වීම හෝ ඒ ක්‍රමය අනුව පක්ෂ දේශපාලන ආකෘතිය වෙනස් කිරීම හෝ කල යුතු බවත් වැදගත් වන්නේත්  අභියෝගයක් වන්නේත් ගම් මට්ටමෙන් සහ ආසන මට්ටමෙන් මේ සඳහා ජනතාව සංවිධානය කර ගැනීම බවත් එතුමා වැඩි දුරටත් කියා සිටියේය. 

මෙම සංකල්පය සැබවින්ම ක්‍රියාත්මක කර ගතහොත් ස්වාදීන කණ්ඩායම් වශයෙන් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට යැවෙන අවස්ථාවේදී වුවත් ඔවුන් පිළිබඳව තරමක හෝ නියාමණ බලයක් අසන බුද්ධි මණ්ඩප සතු වනු ඇත. 

එමෙන්ම එවැනි නියාමණ බලයක් මේ සංකල්පය අනුව පක්ෂ ව්‍යවස්ථාවට ඇතුලත් කල හොත් අපේ රට තුල "මන්ත්‍රීවරුන් නැවත කැඳවීමේ" බලයක් ස්ථාපිත කර ගැනීමේ දොරටු විවර වන බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය. 

අදාළ වීඩියෝ සටහන්.

ආසන බුද්ධි මණ්ඩපය විනාඩි 5 න් - ආචාර්ය බුද්ධික අදිකාරී 

 

අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ මේ වැරැද්ද දැක්කද? | ආචාර්ය බුද්ධික අදිකාරී | So called Modern Democracy 1

 

 

මේ ඡන්දය ක්‍රමයේ තිත්ත ඇත්ත. | ආචාර්ය බුද්ධික අදිකාරී | So called Modern Democracy 2

 

 

Enter with Facebook Login