⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්.
⇦ ව්‍යාපාරික අදහස් 05: කාලාම Taxi App එක එක්ක එකතු වෙන්න.
⇨ ව්‍යාපාරික අදහස් 07: App එකෙන් වස විස නැති එළවලු නිවසටම.
ආයුබෝවන්,
සේනා සංවිධානය හරහා අප විසින් ඉදිරිපත් කල අදහසක් නැවත ඉදිරිපත් කරන්න හිතුව. ඒ ඒ අදහසේ තියන ව්‍යාපාරික වටිනාකම නිසා.
අද අපි කතා කරන්නේ කුමාරෝශදය නමින් ඇතැම් පෞරාණික හෙළ වෛද්‍ය පොත්වල සඳහන් වෙන හෙළ ඖෂදීය තුනපහ මිශ්‍රණය නිෂ්පාදනය සහ විකිණීම.
මේ තොරතුරු නොමසුරුව අපිට ලබා දීමේ ගෞරවය මහනුවර පදිංචි අජිත් කෝකිල මහතාටත් අනෝජ් සිල්වා වෙද මහතාටත් හිමි වේ. ඔවුන් දෙපළටම දිර්ගායුෂ ප්‍රර්ථනා කරමු.
අජිත් කෝකිල මහතා විසින් අප දැනුවත් කල ආකාරයට මෙම ඖෂදීය තුනපහ මිශ්‍රණය කොල්ස්ටරෝල්, අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග වලට ඉතා ගුණ දායක වේ. විශේෂයෙන් එම රෝග වලක්වා ගැනීමට කැමති අය දිනපතා පරිභෝජනය සුදුසු බව ඔහු වැඩිදුරටත් පවසා සිටියි. එසේම අපට අද ආහාරයට ගැනීමට සිදුව ඇති රසායන ද්‍රව්‍ය අඩංගු ආහාර ද්‍රව්‍ය වල යම් විෂ ස්වභාවයක් ඇත්නම් එය කපා හැරීමටද මෙම ඖෂදය ඉතා යෝග්‍ය බව එතුමා විසින් විශේෂයෙන් සඳහන් කළේය.
පහත පින්තුර වල ඇති ආකාරයට එම අනුපාත නිවැරදිව භාවිත කර මිශ්‍රනය සකස් කර ගන්න. ඉතා පිරිසිදුව ගෞරවයෙන්, මෛත්‍රිය හා සතුටු සිත් පෙරදැරි කරගෙන මෙම කටයුත්ත කරන්න. එවිට ඔබ කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට අමතරව කුසල පක්ෂයේ සිත පිහිටවා ගැනීමද සිදු කරනු ඇත.
ප්‍රථමයෙන් තම පවුලේ සහ තෝරාගත් හිතවතුන් කිහිපදෙනෙක් වෙනුවෙන් නිෂ්පාදනය කරන්න. හොඳින් අත්හදා බලන්න. අත්හදා බැලීම් සියල්ල සාර්ථක වනතුරු අලවි කිරීම නොකරන්න.
ඇසුරුම් කිරීම
ඉතාම කුඩා පරිමාණයෙන් කිරීමේදී යෝගට් කෝප්පවල ඇසුරුම් කිරීම සුදුසුයි. නමුත් අලවි කරන මට්ටමේදී සුදුසු ඝනකමින් යුත් පොලිතින් කවර දෙපසින් දෙවර බැගින් සීල් කර ඇසිරීම වඩා යෝග්‍යයි. එවිට ග්‍රෑම් 50, 100 වැනි ඇසුරුම් ඔබගේ ඉල්ලුම අනුව සකසන්න. සෑම අසුරුමක්ම ඉතා පිරිසිදුව එක් පසකින් දෙවර බැගින් හොඳින් සීල් කරන්න.
ඉන්පසු ඔබගේ වෙළඳනාමය, ලිපිනය, ලියාපදිංචි අංකය, බර, මිල, නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, අඩංගු ද්‍රව්‍ය, කල් තබා ගැනීමේ උපදෙස්, භාවිතා කිරීමේ උපදෙස් ආදිය ස්ටිකරයක් ලෙස එම පැකට්ටුවල අලවන්න. පසු කලකදී දියුණුවත් සමග ඔබට මුද්‍රිත පැකට්ටු භාවිතයට මාරු විය හැක.
මෙම අවස්ථාව වන විට ඔබ නිවසේ මුළුතැන්ගෙය ඉතා පිරිසිදු ලෙස සැලසුම් සහගතව පවත්වා ගතයුතුයි. ඔබගේ අත්හදා බැලීම් අවසාන කර තිබිය යුතුයි.
ඔබ ලියාපදිංචි වන විට PHI මහතා ඔබගේ නිවසට පැමිණෙනු ඇත. ඔහුට හෝ ඇයට ඉතාම ගෞරවයෙන් ආදරයෙන් සලකන්න, ඔවුන්ගේ උපදෙස් නිසි පරිදි පිළිපදින්න. එවිට ලියාපදිංචිය අපහසු නොවේ.
දැන් ඔබ විධිමත් ලෙස ඔබගේ භාණ්ඩය නිෂ්පාදනය කර හමාර ය.
විකුණුම්කරණය
දැන් කරන්න තියන්නේ කාලාමය තුල ඔබගේ භාණ්ඩයේ ඒ ඒ ප්‍රමාණ සඳහා එකින් එක දැන්වීම් දාල තමන්ගේ ජාලය දැනුවත් කිරීමයි.
ඒ වගේම හොඳින් තේරුම් අරන් කැපවීමෙන් නිවාස 200 යේ සරළ ව්‍යාපාරික ආකෘතිය අනුගමනය කරන්න. චන්ද, චිත්ත, වීර්ය සහ විමංසා මුල් කරගෙන ඔබ ක්‍රියාත්මක වුනොත් ගමන වරදින්නේ නැහැ.
ආරම්භය ලේසි වෙන්නේ නැහැ, එනිසාම තමයි අපිට මහන්සි වෙන්න වෙන්නේ.
ඔබගේ මේ භාණ්ඩය පිළිබඳව කෙනෙක් ඇසුවිට අපේ සාමාජිකයන් මෙසේ කියනු ඇත,..
“අපි සේනා සංවිධානයේ සහයෙන් මේ වැඩේ සුළුවට පටන් අරන් තියන්නේ. ඉතාම හොඳ දෙයක් නිසා හැමදෙනාගේම ප්‍රතිචරා ඉතාම හොඳයි. අපිත් කෑමට දැන් ගන්නේ ඒවා විතරයි. (මේ කරණය ඔබ විසින් සත්‍ය කරගත යුතුයි. මුසාවෙන් අනිවාර්යයෙන් වැළකිය යුතුයි.)
අපි ඒවා ගෙදර පරිසරයේ දේවල් වලින් ස්වභාවිකව හදන්නේ. ඒක කුමාරෝශදය කියල ඇතැම් පෞරාණික හෙළ වෛද්‍ය පොත්වල සඳහන් වෙන හෙළ ඖෂදීය තුනපහ මිශ්‍රණයක්.
අපේ දැනුමේ හැටියට මේ ඖෂදීය මිශ්‍රණය කොල්ස්ටරෝල්, අධික රුධිර පීඩනය, දියවැඩියාව වගේ රෝග වලට ඉතාම ගුණ දායකයි. විශේෂයෙන් ඒ රෝග වලක්වා ගැනීමට කැමති අය දිනපතා පරිභෝජනය කරන්න ඕනෑ. ඒ වගේම අපට අද ආහාරයට ගන්න සිදුවෙලා තියන රසායන ද්‍රව්‍ය අඩංගු ආහාර වර්ගවල යම් විෂ ගතියක් තියනවා නම් ඒවා කපා දාන්නත් මෙම කුමාරෝශදය ගොඩක් හොඳයි.”
මේ තියන්නේ අපේම උදාහරණයක්: කාලාම අපි අවන්හල.
ගැටළු තියනවා නම් මට මෙතැනින් inbox කරන්න.
තෙරුවන් සරණයි!
ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.