ව්‍යාපාරික අදහස් 10: ගෙවත්ත සඳහා කුඩා Greenhouse නිෂ්පාදනය


Business Idea 10: Small Greenhouses for Domestic Use

⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්

⇦ ව්‍යාපාරික අදහස් 09: දරුවන් සඳහා විජලනය කල පළතුරු

⇨ ව්‍යාපාරික අදහස් 11: ඔබගේ විනෝදාංශය ඩොලර් උපයන මගක් බවට පරිවර්ථනය කිරීම

 

 

ආයුබෝවන්, 

ව්‍යාපාරික අදහස් යටතේ අපි මේ වෙනකොටත් අදහස් ගණනාවක් කතා කළා. නමුත් අදහස් තිබුනට විතරක් ව්‍යාපාරයක් සාර්ථක කර ගන්න බැහැ. ඔබට ඒ සඳහා අවශ්‍ය මුලික දක්ෂතා පද්දතිය සහ දැනුම දියුණු කර ගන්න වෙනවා. 

 

එනිසාම තමයි මම මේ ව්‍යාපාරයක් ආරම්භ කරමු කියන online පාඨමාලාව ඔබ වෙනුවෙන් ආරම්භ කලේ. නොමිලේ ලැබෙන නිසා අගයක් නැතිව ඉවතට දාන්නේ නැතිව ඒ පාඨමාලාව සම්පුර්ණ කරන්න. 

 

ගෙවත්ත සඳහා Greenhouses නිෂ්පාදනය කියන අදහස ඇත්තටම දැනට අවුරුදු  ගණනාවක පෙර මම මගේ මිත්‍රයෙක් එක්ක ආරම්භ කරන්න අදහස් කල දෙයක්. නමුත් ආරම්භ කරන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. 

 

ඔබ දැනටමත් හරිතාගාරයක් කියන්නේ මොකක්ද කියල දන්නවා ඇති. හරිතාගාරයක් ඇතුලේ අපිට වගා කරන භෝග වලට අවශ්‍ය උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, හිරු එලිය වැටෙන ප්‍රමාණය, වර්ෂාවෙන් වන හානිය වගේ කාලගුණික තත්වය පාලනය කර ගන්න පුළුවන්. 

 

එනිසා විද්වතුන් කියන විදිහට ඒ හරහා ඔබගේ ඵලදාව දෙගුණයක් හෝ ඊට වැඩියෙන් වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම කෘමි උවදුරු ආදිය අවම කර ගන්නත් කාබනික වගාව සාර්ථකව කර ගන්නත් පුළුවන්. 

 

 

 

මේ කතාව ගෙවතු මට්ටමේදී අඩි 10 *10 හෝ ඊට වඩා තරමක් විශාල හරිතාගාර සඳහාත් සාධාරණයි. 

මේ අනුව ව්‍යාපාරික අදහස් හොයන ඔබට වෙළඳපොල අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි, නාගරික හෝ අර්ධ නාගරික නිවාසවල කාබනික වගාවට කැමති පවුල් ඉලක්ක කරලා කුඩා හරිතාගාර නිෂ්පාදනය කිරීම. 

 

ඇයි අපේ ජනතාව මේ වගේ දේකට කැමති වෙන්නේ? 

ඔබ දන්නවා අපි කන තරමක් කන්නේ වස. රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක යොදල තමයි මහා පරිමාණ ගොවියන් තමන්ගේ අස්වැන්න නිෂ්පාදනය කරන්නේ. එකේ ප්‍රථිපලයක් විදිහට අපිට කඩෙන් අරන් උයාගෙන කෑවත් කන්න වෙලා තියන්නේ වස විස. 

 

මේ තත්වය දැන් අපේ බොහෝ උගත් ජනතාව දන්නවා, නමුත් ඔවුන්ට කරන්න දෙයක් නැතිව හිර වෙලා ඉන්නේ. මොන රජය ආවත් ඔවුන් කවදා මේ රට ගොඩ ගනීද කියල කියන්න බැහැ. 

 

එනිසා ඔබ ඔබේ ප්‍රදේශයේ ජිවත්වන ඒ උගත් මධ්‍යම පන්තික, රැකියා කරන, විශාල ගෙවත්තක් නැති ජනතාවට කුඩා හරිතාගාරයක් හදල ගෙදරටම ගිහින් සවිකරලා දුන්නොත් බොහෝ දෙනෙක් කැමති වේවි. ඔබේ මිල සාධාරණ වන තරමට ඔබ සාර්ථක වේවි. 

 

ඒ එක්කම හරිතාගාරයක් භාවිතා කරන විදිහ ගැන දැනුමත් ගෙවතු වගාව ගැන දැනුමත් ඔබට ඔවුන්ට ලබා දෙන්න වෙනවා. ඒක ව්‍යාපාරයක් වගේම මේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් ඔබ කරන විශාල සේවයක් වෙනවා. හිතන්න අඩුම ගානේ ඔබට මාසෙකට පවුල් දෙකක් වස විස ආහාරයෙන් ගලවා ගන්න පුළුවන් වෙනවා කියල. එකම මොන තරම් වටිනවද? මේක ලියන මටත් ඒක කුසලයක්. 

 

මේ කතා කරන මමත් හරිතාගාරයක් හදන විදිහ හෝ භාවිතා කරන විදිහ හරියටම දන්නේ නැහැ. නමුත් උනන්දුව තියනවා නම් ඒ දැනුම අන්තර්ජාලයේ සහ youtube එකෙන් හොයා ගන්න අපහසු නැහැ. ඊට පස්සේ පොඩි අත්හදා බැලීම් කීපයක් කරලා ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරන්න. 

 

කොහොමද ඇනවුම් හොයා ගන්නේ? 

කෝකටත් තෛලය වගේ කාලාම 346 Technique එක එතැනදිත් ඔබට ඉතාම හොඳින් භාවිතා කරන්න පුළුවන්. ඒ විස්තරය එතැන තියන නිසා මම නැවත කියන්න යන්නේ නැහැ. 

 

ගැටළු තියනවා නම් මට මෙතැනින් inbox කරන්න. වෙලාව තියන විදිහට මම උදව් කරනවා.

 

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, කාලාමය.

⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

P.S: 2019 ඉඳල අපි කිව්ව මේ සැලසුම ක්‍රියාත්මක කළා නම් අද වෙනකොට රටට ඩොලර් අඩුවක් නැතුව එන්න පටන් අරන් : https://kaalama.org/read-blog/93432

 

 

 
1491 Views