ඔබ ඉක්මනින් රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තු වෙනවද? එහෙම නම් කම්මැලිකම පැත්තක තියල කියවන්න.


Are you looking for a job promotion? If so read this!

 

ආයුබෝවන්,

මේ ප්‍රශ්නයට “නැහැ” කියල උත්තර දෙන අය නම් නැති තරම්. නමුත් ඒ සඳහා ඔබට අවශ්‍ය වෙන්නේ මොනවද කියල නම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. 

ඒ දැනුම කොච්චර නරකද කියනවා නම්, ඇතැම් අය හිතනවා උසස්වීමක් කියන්නේ තමන්ගේ “අයිතියක්” කියල. එතැනම ඔහු හෝ ඇය ආකල්පමය වශයෙන් විශාල වරදක් කරනවා. 

අපි ඉස්සෙල්ලම තේරුම් ගමු නුතන ධනවාදී ආර්ථිකය තුල පෞද්ගලික ආයතන කියන්නේ මොනවද කියල. ඔබ කැමති වුනත් නැතත් ඒ ආයතන ඔබගේ අයිතිය හෝ සමාජ සාධාරණත්වය වෙනුවෙන් නෙවේ පවතින්නේ. ලාභය මුල් කරගත් ඉලක්කවලට තමයි ඔවුන් යන්නේ.

ඔබ කැමති උනත් අකමැති වුනත් ඔබත් ඒ ගමනේ කොටසක්. 

 

එනිසා ඔබට ඔබේ ආයතනය ඉලක්ක කරන ගමනේ කකුලෙන් අදින්නත් පුළුවන්, ඒ ඉලක්කවලට යන්න හොඳින් දායක වෙන්නත් පුළුවන්. 

 

ඒ තීරණය තියන්නේ ඔබේ අතේ. එතකොට ඒ පුද්ගලයන් දෙදෙනා අතරින් මොන පුද්ගලයාටද ආයතනය උසස්වීමක් දෙන්නේ කියල මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ කියල හිතනවා. 

කාරණය ඒ තරම්ම සරලයි. ඔබගේ ගෙදර ප්‍රශ්න, ඔබගේ අයිතිවාසිකම් පැත්තක තියන්න, ආයතනයේ ඉලක්ක වෙනුවෙන් මම පහත කියන කරුණු 14 අනුව කැප වෙන්න. එතකොට ඔබට රැකියා උසස්වීමක් කියන දේ ඉතාම පහසු වෙනවා. 

ඇතැම් අය තමන්ගේ ආයතනයේ ඉලක්ක වලට හෝ ක්‍රමවේද වලට පෞද්ගලික මට්ටමෙන් විරුද්දයි. කිසිම තර්කයක් නැහැ, ඒ ඔබේ අයිතියි. 

 

නමුත් එවැනි ආයතනවල වැරදි කිය කිය, එතැනම ඉඳිමින් පඩි ගැනීම ඔබගේ වරදයි. ඔබගේ ආයතනය ඔබට සුදුසු නැත්නම් වහාම ඉවත් වෙලා සුදුසු තැනක් හොයා ගන්න. ඉන්නවා නම් ආදරයෙන් හිත පිහිටවා ගෙන ඉන්න.

දෙලොවක් අතර අතරමංවී ඔබේ කාලය නම් නාස්ති කර ගන්න එපා. 

 

එහෙම ඉඳගෙන උසස් වීම් බලාපොරොත්තු වෙනවා නම් ඇත්තටම ඒක විහිළුවක්. 

මේ ටික කියවද්දී ඔබට මාත් එක්ක තරහක් අවනම් නැවත හොඳින් කියවන්න. “නොගැලපිල්ල තුල ඇතිවෙන්නේ පැටලිල්ල” පමණයි කියල හොඳින් තේරුම් ගන්න තරම් ඔබ පරිණත නම් තරහක් වෙනුවට මා ගැන ගෞරවයක් හැඟේවි. අපි වැඩ කරන්නේ ලෝක යථාර්තය එක්ක මිසක් විශ්ව සාධාරණත්වයක් එක්ක නෙවේ. 

 

ආයතනයක සේවය කරන ප්‍රධාන පුද්ගලයන් දෙදෙනා, 

මම කියන්න යන කරුණු 14 අදාළ වෙන "ප්‍රධාන පුද්ගලයන්" දෙදෙනෙක් ආයතනවල ඉන්නවා. උසස්වීම් බලාපොරොත්තු වන්නේත් ඒ අයමයි.

1. කණ්ඩායම් නායකයන් 

2. කණ්ඩායම් සාමාජිකයන් 

 

කළමනාකරුවන් සහ ඔවුන්ගේ සහායක කළමනාකරුවන් කියන්නේ කණ්ඩායම් නායකයන්. නමුත් ඔවුනුත් ඉහල කළමනාකරුවන් යටතේ ඉන්න නිසා කණ්ඩායම් සාමාජිකයන් වීමත් කණ්ඩායම් නායකයන් වීමත් කියන දෙකම එක විට සිද්ද වෙනවා. 

කණ්ඩායම් සාමාජිකයන් පමණක් වන අය කියන්නේ කිසි කෙනෙකුට නායකත්වයක් නොදී රාජකාරි කරන පිරිස. ඔබ ඉන්නේ එතැන නම් ඔබේ ඉලක්කය වෙන්න ඕනෑ ඉහලට යාමයි, එහෙම නම් දෙගුණයක් අවධානයෙන් කියවන්න. 

ඔබ මේ දෙකොටසින් කොතැනට අයිති වුනත් ඔබට රැකියා දියුණුවක් අවශ්‍ය නම් පහත අංග දියුණු කර ගැනීම අනිවාර්යයි. 

 

මගේ ආයතන තුල මා භාවිතා කරන ක්‍රමය, 

ඒ අංග මම මගේ පෞද්ගලික ආයතන වලට භාවිතා කරන විදිහ අනුව පැහැදිලි කරන්නම්. 

මගේ ආයතන අතරේ එක ආයතනයක් පෞද්ගලික ආයතනවල ඵලදායිතාවය වැඩිකිරීම සඳහා Toyota සමාගම ලොවට හඳුන්වා දුන් Kanban කියන ක්‍රමවේදය සහ CRM (Customer Relationship Management) මොඩියුලය මුල් කරගත් මෘදුකාංගයක් නිෂ්පාදනය කරලා තියනවා. කැමති ආයතන වලට අපි ඒක ලබා දෙනවා. 

ඒ සේවයේම දිගුවක් විදිහට පහත අංග 14 අනුව ඕනෑම ආයතනයක හෝ දෙපාර්තමේන්තුවක සේවක මණ්ඩලය ඇගයීම් (Staff Evaluation) සිදුකරලා වාර්තාවක් ලබා දීමත් අපි කරනවා. 

වාර්තාවක් දෙනවා විතරක් නෙවේ, ඉදිරියේ ගත යුතු පියවරත් අපි ඒ වාර්තාවේ ඇතුලත් කරනවා. අවශ්‍ය නම් පුහුණුවත් (14 Point Staff Productivity Training) ලබා දෙනවා. 

 

ඇත්තටම මේ Kanban, CRM, Staff Evaluation, 14 Point Staff Productivity Training ආදී සියල්ලම මගේ ප්‍රධාන ආයතනයේ දියුණුව වෙනුවෙන් අපි ප්‍රයෝගිකවම භාවිතා කරන දේවල්. ඒ ක්‍රමවේද අපි අතින් ඉතාම දියුණු මට්ටමකට, ලංකාවේ බොහෝ තැන්වල දකින්න නොලැබෙන මට්ටමටම දියුණු වුන නිසාම ඒ ක්‍රමවේද අනිත් ආයතන එක්ක බෙදා ගන්න අපි දෙවන ආයතනයක් බිහි කළා. 

ඒ දෙවන ආයතනයේ මුහුණත තමයි කාලාමය විදිහට ඔබ අද අත්විඳින්නේ. ඒක වෙනම දිග කතාවක්.

 

අංග 14 ක සේවක මණ්ඩලය ඇගයීම් ක්‍රමය (14 Point Staff Evaluation)

ඔබ පෞද්ගලික ආයතනයක් නම් ඔබට වටිනාම සම්පත තමයි ඔබේ සේවක මණ්ඩලය. ඔවුන් නිවැරදිව රාජකාරි කලොත් පාරිභෝගිකයන් ඔබට ප්‍රසංසා කරනවා (ලකුණු 100%ක් කියමු). ඔවුන් රාජකාරි පැහැර හැරියොත් ඔබේ ආයතනය විනාශයට යනවා (ලකුණු 0%ක් කියමු).

මේ අන්ත දෙක බොහොම පැහැදිලියි. එක අන්තයක් 0% අනිත් අන්තය 100%. නමුත් ඒ අතර අවස්ථා ඔබ දැනගන්නේ කොහොමද? ඔබගේ සේවක මණ්ඩලය කොතැනද ඉන්නේ කියල දැනගන්නේ කොහොමද? 

අන්න ඒ සඳහා තමයි මේ ඇගයීම ඔබට සහ ඔබගේ ආයතනයට වැදගත් වෙන්නේ. 

 

“ඔබ ඔබගේ ආයතනය තුල දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ ඇගයීමකදී ඔබට ඉහල ලකුණු ලැබෙන්න ඕනෑ. එනිසා තමයි ඔබට මම මේ ඇගයීම් ක්‍රමය පැහැදිලි කරන්න යන්නේ. හොඳින් කියවන්න, තේරුම් ගෙන පුහුණු වන්න. ”

උදාහරණයකට,  ඔබගේ ආයතනයේ සියලුම සේවක වැටුප් වියදම් මසකට රු.1,000,000/- කියල හිතමු. 

ආයතනයේ සේවක මණ්ඩල සාමාන්‍ය ඇගයීම් අගය (Average Staff Evaluation Score) 

මසකට ආයතනයේ මුදල් නාස්තිය 

පාරිභෝගික අප්‍රසාදය 

ආයතනික දියුණුව අඩාල වීම (කකුලෙන් ඇදීම)

30%

රු. 700,000

70%

70%

50%

රු. 500,000

50%

50%

70%

රු. 300,000

30%

30%

90%

රු. 100,000

10%

10%

අදාල කාරණය පැහැදිලි කිරීම සඳහා අනුමාන දත්ත පමණක් බව සලකන්න.

 

මේ වගුව දැක්ක ගමන් ඔබට අපේ රටේ රාජ්‍ය ආයතනවල සිද්ද වෙන්නේ මේක නෙවේද කියල කණගාටුවක් ඇතිවුන කෙනෙක් නම් ඔබට කාරණය පැහැදිලි වෙලා.

30% ක පමණ ඵලදායිතාවයක් සහිත ආයතනයක් කියන්නේ ඇත්තටම ධන හානියක්. අපරාධයක්. රාජ්‍ය හෝ වේවා පෞද්ගලික හෝ වේවා, රටට සාපයක්.

60% - 70% ට කියන්නේ සාමාන්‍ය තත්වයක්. නමුත් දියුණුවක් අවශ්‍යයි. 

90% ට වැඩි නම් හොඳ ආයතනයක්.
100% ප්‍රයොගිකද කියල ප්‍රශ්නයක් මටත් තියනවා. නමුත් අපි හැකි තරම් කිට්ටු කරමු. 

 

දැන් ඔබට පැහැදිලි ඇති ආයතනයකට ඔබව වටින්නේ ඔබගේ පෞද්ගලික ඇගයීම් අගය මොන මට්ටමක තියනවා නම්ද කියල. ඒ අගය අඩු අයට උසස් වීම් දෙන්න නම් ඔබේ ආයතන ප්‍රධානීන්ට පොඩි මන්දමානසික තත්වයක් තියෙන්න ඕනෑ. එවැනි ආයතන වැඩි කල් පවතියිද? ඔබම තීරණය කරන්න. 

එහෙම නම් ඔබ කල යුත්තේ ඔබගේ ඒ අගය වැඩි කර ගැනීමයි. 

 

සේවක මණ්ඩල ඇගයීම් අංග 14

උඩ මා සඳහන් කල පුද්ගලයන් දෙකොටස අනුව පහත අංග යටතේ ඔබගේ ආයතනයේ සේවකයන් සම්මුඛ පරීක්ෂණ වලට භාජනය කරලා අපි ඒ ඒ අංග යටතේ ඒ ඒ පුද්ගලයා සඳහා ඇගයීම් අගය ලබා දෙනවා. 

 

කණ්ඩායම් සාමාජිකයන් 

  1. 1. නිපුණතාවය (Competency) 
  2. 2. කණ්ඩායම් නායකයා සමග ඇති සහසම්බන්ධතාවය (Relationship with the Team Leader)
  3. 3. ආයතනයට ඇති පක්ෂපාතිත්වය (Loyalty to the Company)
  4. 4. පවරණ ලද කාර්යයන් පිළිබඳ දක්වන ආකල්පය (Work attitude towards the given tasks)
  5. 5. සත්‍යවාදී බව (Truthfulness)
  6. 6. පවරණ ලද කාර්යයන් කලට වෙලාවට නිම කිරීම (Punctuality at the given tasks)
  7. 7. තමාගේ කාර්යයන් පිළිබඳව වගවීම (Accountability for their own actions)

 

කණ්ඩායම් නායකයන් 

  1. 1. ඉහල බලාපොරොත්තු ඇති නමුත් තම සාමාජිකයන් කෙරෙහි සුහද සහ සමානාත්මතාවය ඇති බව (Demanding but respectful and treats with Equality) 
  2. 2. සන්නිවේදන දක්ෂතාවය (Communication skills) 
  3. 3. සහකම්පනය සහ සංවේදී බව (Empathy)
  4. 4. ඉහත කණ්ඩායම් සාමාජිකයකු සතු ගුණාංග ඇති බව (Possesses the qualities of a good team player)
  5. 5. තම කණ්ඩායම නිසි පරිදි පුහුණු කිරීම, අධීක්ෂණය, දෝෂගවේෂණය සහ මගපෙන්වීම කියන කරුණු 4 හි නිතර අවධානයෙන් සිටින බව (Focuses well on training, monitoring, troubleshooting and guiding the team)
  6. 6. ඉලක්ක සඳහා කැපවුන බව (Target oriented) 
  7. 7. තම කණ්ඩායම් සාමාජිකයන් ඇගයුමට ලක් කරන බව (Rewards and Appreciates)

 

මේ කරුණු මා පොත් වලින් ඉගෙන ගෙන ගෙඩි පිටින් ඇදබාන කරුණු නොවේ. මගේම ආයතනවල අවුරුදු ගණනාවක කණ්ඩායම් නායකයන්ට නායකත්වය ලබාදීම සහ පුහුණු කිරීමේ අත්දැකීම් එක්ක මා විසින්ම දියුණු කරගත් කරුණු. 

 

"අපි ප්‍රයෝගිකව උසස්වීම් ලබා දෙන්නේ මේ ගුණාංග තියන අයට. නැති අයට දියුණු කර ගන්න උදව් කරනවා."

 

ඔබත් අත්දැකීම් සහිත කෙනෙක් නම් මේ කරුණු ඔබටද හුරු ගතියක් දැනෙන්න ඕනෑ. මොකද මේ දේවල් තමයි කණ්ඩායම් නායකයන් සහ ඔවුන්ගේ නායකයන් දැන හෝ නොදැන හොයන්නේ. උඩ විදිහට විධිමත්ව බෙදා නොගත්ත වෙන්න පුළුවන්, නමුත් මේ දේ තමයි වෙන්න ඕනෑ කියල ඔබගේ ඇඟට දැනෙන්න ඕනෑ.

මේ කරුණු ඉදිරියේදී කාලය තියන විදිහට එකින් එක විස්තර කරන්න ඕනෑ. 

එතෙක්,

ඔබ ආයතනයක් නම් අපිත් එක්ක ඔබගේ ආයතනය සඳහා Staff Evaluation එකක් හරි 14 Point Staff  Productivity Training එකක් හරි කරන්න හිතල කැමති නම් මට මෙතැනින් inbox කරන්න. අදාළ මිල ගණන් පහත තියනවා. 

 

Fee Structure:

- One to One 14 Point Staff  Productivity Training, CRM or Kanban Training : LKR 25,000/-

- One to Two 14 Point Staff  Productivity Training, CRM or Kanban Training : LKR 35,000/-

- One to Five 14 Point Staff  Productivity Training, CRM or Kanban Training : LKR 45,000/-

(Workshop duration is one day and 6 hours. Workshop will be held at Nugegoda or Online Training via WhatsApp.)

 

- Staff Evaluation Test for 5 Team Members : LKR 15,000/-

(The given fee is to evaluate 5 team members and  LKR 3,000/- per extra team member will be charged.)

 

- One to One Business Startup Consultancy : LKR 25,000/-

(One to one consultancy for 6 hours. Session will be held at Nugegoda or Online Training via WhatsApp.)

 

ඔබ පෞද්ගලික ඇහින්  උඩ මිල ගණනක් දිහා බලන කොට “මාර ගණන් නේ” කියල හිතුනා නම් ඒ කියන්නේ ඔබට රැකියා පඩිපෙළේ තව ගොඩක් ඉහලට යන්න තියනවා.

ඒ ඔබගේ අදායම් මට්ටමෙන් හෝ මානසික මට්ටමෙන් හෝ දෙකෙන්ම වෙන්න පුළුවන්. 

 

මාසෙකට රු. 25,000/- ක් 35,000/- අදායම් ලබන කෙනෙකුට ඒ මිල ගණන් ලොකු ගණන් තමයි. නමුත් මාසෙකට 100,000/- ක් 150,000/- ක් ගන්න කෙනෙකුට තමන්ගේ රැකියාවේ ඊළඟ පියවරට යන්න අඩිතාලමක් වෙන මේ වගේ වැඩමුළු ගැටළුවක් වෙන්නේ නැහැ.

ඒක සාමාන්‍ය දෙයක් වගේම අලුත් දක්ෂතා සහ සුදුසුකම් එකතු කර ගන්න අපි දහස් නෙවේ ලක්ෂ ගණන් සාමාන්‍යයෙන් වියදම් කරනවා. ඒ හරහා තමයි අපේ අදායම් මට්ටමත් ලක්ෂ ගණන් වලින් ඉහල යන්න අඩිතාලම වන අපේ දක්ෂතා පද්ධතිය දියුණු වෙන්නේ. 

 

ඒ විදිහට හිතන්න පුරුදු වෙන්න. නමුත් ඔබ පහල තැනක නම් ඉන්නේ, එකවර වියදම් කරන්න යන්න එපා. ඔබේ ආයතනයට එක්ක කතා කරලා ආයතනික මට්ටමෙන් අපේ වැඩමුළුවකට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න.

නැත්නම් උඩ කරුණු හොඳින් කියවල තනිව ඉගෙන ගන්න. ඔබට රැකියා උසස් වීම් අවශ්‍ය නම් ඔබ උඩ කරුණු 14 ම දක්ෂ වෙන්න ඕනෑ. එහෙම දක්ෂ කෙනෙකුට ඉන්න තැන අවස්ථාවක් නැති වුනත් අලුත් ස්ථානයක අනිවාර්යයෙන්ම අවස්ථාව ලැබෙනවා. 

රැකියා සම්මුඛ පරීක්ෂණයකදී උනත් මොන ප්‍රශ්න ඇහුවත් ඔවුන් දැන හෝ නොදැන හොයන්නේ උඩ කී කරුණුම තමයි. ඔබට මේ ගමන යන්න තියන්නේ දැනුමත් දක්ෂතාවයත් එක්කම පමණයි.

එනිසා හොඳින් ඉගෙන ගන්න, පුහුණු වෙන්න.

 

මේ ගැන යම් ගැටළු තියනවා නම් කමෙන්ට් කරන්න.

තෙරුවන් සරණයි!

ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
සිංහල ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය : https://kaalama.org/read-blog/204

----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

 

 

Android APP එක මෙතැනින් බාගත කරන්න

 

කාලාම FAQs 

 කාලාමය යනු කුමක්ද?

 නොමිළේ ලබා දෙන "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාව කොහෙද තියන්නේ?

 කාලාම Android APP එක බාගත කරන්නේ කොහොමද?

 විමධ්‍යගත ආර්ථික සැලැස්ම කියන්නේ මොකක්ද?

 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාව කියන්නේ මොකක්ද?

 කාලාම ප්‍රතිපත්ති හෙවත් ලාංකීය සංස්කෘතික සහ සාමාජිය ප්‍රතිසංස්කරණ යෝජනාව කියන්නේ මොකක්ද?

 

මම ව්‍යාපාරිකයෙක්, 

  මුලික අලවි සැලැස්මක් සහ "ස්ථාවර Customer Base" එකක් ගොඩනගන්නේ කොහොමද?

 මම Online Shop එකක් හදන්නේ කොහොමද?

 මම මගේම Customer Base එකක් හදන්නේ කොහොමද?

 මගේ දැන්වීම් කාලාම Market එකට එකතු කරන්නේ කොහොමද?

 මට කාලාමයේ තියන විශේෂ ව්‍යාපාරික අවස්ථා මොනවද? (ව්‍යාපාරික අවස්ථා 25ක්)

 

 

Enter with Facebook Login