⇦ "ව්‍යාපාරයක් ආරම්භ කරමු" පාඨමාලාවේ සියලුම කොටස්.
⇦ ව්‍යාපාරික අදහස් 03: ගෙදර සිටම Home Delivery ව්‍යාපාරයක් ආරම්භ කරමු.
⇨ ව්‍යාපාරික අදහස් 05: කාලාම Taxi App එක එක්ක එකතු වෙන්න.
ආයුබෝවන්,
ඉස්සෙල්ලම ඔබ අප කරගෙන යන "සිංහල අන්තර්ජාලය ව්‍යවසායකයන් සහ සාමාන්‍ය ව්‍යවසායකයන් බිහි කිරීමේ ව්‍යාපෘතිය (Android App)" ගැන දැනුවද?
නැත්නම් ඒ ගැනත් මෙතනින් කියවන්න: https://kaalama.org/read-blog/204
- ටිකක් කලින් ලිවූ ලිපියක් නමුත් බොහෝ දෙනාගේ ප්‍රයෝජනය පිණිස නැවත අලුත් කරන්නසිතුවෙමි. -
අද වන විට අප වෙළඳපොලෙන් හෝ සතිපොලෙන් අපට අවශ්‍ය එලවලු පලතුරු මිලදී ගැනීමට හුරුව ඇත. එසේ කරන අප ඒ සඳහා මුදල් ප්‍රමාණවත් නොවේ’ යයි කියමින් ව්‍යාපාර අවස්ථා සොයමින් යන්නෙමු. නමුත් නව මුදල් ඉපයිමකට වඩා ඉතා පහසුවෙන් සහ විනෝදයෙන් තමන්ට අවශ්‍ය ආහාර වස විසෙන් තොරව නිවසේදීම වගා කරගත හැකි බව ඔබ දන්නවාද?
මේ තොරතුරු නොමසුරුව අපිට ලබා දීමේ ගෞරවය සාමා රංගනී කැලණිය මහත්මියටත් නිලංකා ඉද්දමල්ගොඩ මෙනෙවියටත් හිමි වේ. ඔවුන් දෙපළටම දීර්ඝායු ප්‍රර්ථනා කරමු.
කාබනික වගාවට සුදුසු අඩි 20*10 (වර්ග අඩි 200ක්) ප්‍රමාණයේ කුඩා බිම් කඩක් නිවාස පසුපස හෝ ඉදිරිපස වෙන් කර ගන්න. එම ප්‍රමාණය හොඳින් වගා කල විට දෙදෙනෙකුට මසකට සැහෙන ඵලදාවක් බලාපොරොත්තු විය හැක.
පාත්ති සකස් කිරීමේදී පොලව මට්ටමන් අඟල් 6 ක් පමණ උසින් පැල පිහිටන පරිදි උසින් යුක්තව සකස් කරන්න. එවිට වර්ෂාව අධික දින වලදී මුල් කුණුවිමෙන් වගාව ආරක්ෂා කරගත හැක.
ආරම්භක අවස්ථාවේදී වම්බටු, මෑ, දඹල, කැරට්, බිට්රූට්, බණ්ඩක්ක, රාබු, හිනි මිරිස්, මළු මිරිස් වැනි එළවලු වර්ග වලින් කිහිපයක් තෝරාගෙන පාත්ති සකස් කොට පැල සිටුවන්න. මෙහිදී ඔබගේ අතේ ඇති මුදලේ හැටියට සුළුවෙන් පටන් ගන්න.
පැල මිලදී ගැනීම හෝ බීජ කිහිපය බැගින් ඍජුව සිටුවීම ඔබ අත ඇති මුදල මත තීරණය කරන්න.
වගාව පිලිබඳ උපදෙස් සඳහා ප්‍රදේශයේ කෘෂි නිලධාරීවරයා අමතන්න. නැත්නම් ඔබගේ ගැටලුව පහතින් කමෙන්ට් එකක් ලෙස දමන්න. දැනුම ඇති අයගේ අවධානය සොයා ගනිමු.
- ඔබ තෝරාගත් බිම අඟල් 8 ක් පමණ ගැඹුරට හොඳින් පස බුරුල් කරන්න. මුල්ලුවක් භාවිතය යෝග්‍ය වේ.
- රොඩු, ශාක කොටස්, ගල් කැබලි වැනි සියල්ල ඉවත් කර පිරිසිදු පසක් සහිත බිමක් සකස් කර ගන්න.
- වගාව සඳහා කොම්පෝස්ට් සහ ඔබ විසින් බුරුල් කල ස්වභාවික පස් 1:1 පමණ මිශ්‍ර වෙන පරිදි පාත්තිය සකසා ගන්න.
- ඉන්පසු ජලය බසින පරිදි තීරු වෙන් කර පැල සිටුවන තීරු අඟල් 6 ක් පමණ උස්ව සකසා ගන්න.
- මෙම තීරු ක්‍රමය වෙනුවට ඔබගේ සම්පුර්ණ 20*10 පාත්තියම එහි වටේට කළු ගල් හෝ ලෑලි යොදා පොළවෙන් අඟල් 6 ක් පමණ ඔසවා සකස් කිරීම ඔබට කල හැකි නම් වඩා යෝග්‍යයි.
- වගාව සඳහා රසායනික ද්‍රව්‍ය දීමෙන් වලකින්න.
- තෝරාගත් බීජ වර්ග ශාකයේ වැඩුණු පසු ප්‍රමාණය සලකා බලා සිටුවන්න. හැකි හැමවිටම ස්වභාවික ඇට වර්ග පමණක් භාවිතා කරන්න. එවන් ශාක වල ඔරොත්තු දීමේ ශක්තිය වැඩි බව අපගේ අදහසයි.
- ඔබගේ එළවලු පාත්තියට පිටින් ගස්ලබු, පේර, අඹ වැනි පලතුරු වර්ග කීපයක් ඉඩ ඇති පරිදි සිටුවන්න.
- සෑම දිනකම නිසි ලෙස ජලය යොදන්න. ශාක, මුල්, පත්‍ර ආදිය හොඳින් පරික්ෂා කරන්න.
- කොම්පෝස්ට් පොහෙර අවශ්‍ය පරිදි යොදන්න.
- උදේ සවස ඔබගේ ශාක අතින් පිරිමදින්න.
- කුඩා සතුන් හෝ පණුවන් නිතර සොයා උන් අල්ලා ඈත ශාක සහිත ප්‍රදේශයකට දමන්න. ප්‍රාණඝාතය සිදුකර නොගන්න.
- කාබනික සහ ස්වභාවක කෘමින් පලවා හරින ක්‍රම ඊට අමතරව අවශ්‍ය නම් භාවිතා කරන්න.
මෙලෙස ඔබ වගා කරගන්නා එළවලු සහ පළතුරු හේතුවෙන් ඔබට වසවිසෙන් තොර අහාර ලැබෙන අතර මසකට රු5,000/- කට වැඩි මුදලක් සාක්කුවේ ඉතිරි වෙනු ඇත. ඒ සමගම ඔබ දේශීය දළ ජාතික නිෂ්පාදනයට සක්‍රියව දායක වන සාඩම්බර නිෂ්පාදකයෙකු බවටද පත්වේ.
ඔබ ජාතික ධනය විනාශ කරන සොරෙකු නොව, රට රකින සිංහලයෙකු ලෙසින් නැණවත් සත්පුරුෂයන්ගේ පැසසුමටද ලක්වනු නොඅනුමානය.
ඔබ ගෙවතු වගාවේ තරමක් අත්දැකීම් ලැබූ පසු කුඩා පරිමාණයෙන් මීමැසි පාලනයක් ඔබගේ ගෙවත්තට ඒක කරන්න. ඒ හරහා ඔබට ඔබගේ වගාවේ පරාගණය ප්‍රවර්ධනය කර 30% කින් පමණ අස්වැන්න වැඩිකර ගත හැකි බව වියතුන්ගේ මතයයි. එමෙන්ම ඒ හරහා ඔබට ඇතැම් කෘමි උවදුරු ස්වභාවික ලෙස පාලනය කර ගැනීමේ අවස්ථාවක් සැලසෙන බවද අපි විශ්වාස කරමු. (නමුත් ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කල යුතුව ඇත.)
ඒ සඳහා ඔබ කළයුතුව ඇත්තේ කුඩා මැටි කාලයක් ගෙවත්තේ සුදුසු තැනක පිහිටවීම පමණි. ඉන්පසු මීමැස්සන් පැමිණ රාජකාරි බාරගනු ඇත.
විකුණුම්කරණය
සිංහලයාගේ නිෂ්පාදන අතරමැදියන් නැතිව අපි අපි අතරේම හුවමාරු කරගන්න ප්‍රාදේශීය විකුණුම් ජාල ක්‍රමයක් අපි කාලාම හරහා සකස් කර ඇත.
යම් හෙයකින් ඔබ අතිරික්තයක් නිෂ්පාදනය කරයි නම් විකුණුම්කරණය සඳහා මෙම ලිපි හොඳින් කියවා කාලාම සමග එකතු වෙන්න: https://kaalama.org/read-blog/346
මේ තියන්නේ අපේම උදාහරණයක්: කාලාම අපි අවන්හල.
ගැටළු තියනවා නම් මට මෙතැනින් inbox කරන්න.
තෙරුවන් සරණයි!
ආචාර්ය බුද්ධික අදිකාරී, සේනා සංවිධානය, කාලාමය.
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.

Organic Cultivation for Your Own Consumption.
Most of all, what you grow for yourself and your loved ones would be organic vegetables and fruits that are free from harmful chemicals.
I thank Mrs. Sama Kalaniya and Miss. Nilanka Iddamalgoda for providing the following valuable information us.
If you are a family of two, you may expect your total vegetable and fruits requirement from a fully grown small garden strip of 20ft*10ft (200sqft). Did you know that? It is less than 1p land extent and enough for two people to sustain for life. What if every family in Sri Lanka does just that? Our nation will never have to pay for fruits and vegetables again. But in order to be just practical, let's hope at lease two million families would do it and some would grow extra as well as a business.